ඉතිං.. ඉතිං.. කොහොමද හැමෝම කාලෙකට පස්සේ? අන්තිමට උපසිරැසි කළේ කවදද කියලවත් හරියට කියන්න මතක නෑ. ඒත් මේ මෑතක දවසක ආපහු හිතුනා බයිස්කෝප් එකට ඔලුව දාන්න. එතකොට තමයි මම දැක්කේ ප්‍රතිචාර කන්දරාව. ඒ ගැන නිහතමානීව සතුටු වෙන ගමන් තවත් වටිනා යමක් තිළිණ කරන්න ඕනේ කියලා හිතුනා.ඒ සිතිවිල්ල එක්ක හොද දෙයක් හෙව්ව…
ඉතිං.. ඉතිං.. කොහොමද හැමෝම කාලෙකට පස්සේ? අන්තිමට උපසිරැසි කළේ කවදද කියලවත් හරියට කියන්න මතක නෑ. ඒත් මේ මෑතක දවසක ආපහු හිතුනා බයිස්කෝප් එකට ඔලුව දාන්න. එතකොට තමයි මම දැක්කේ ප්‍රතිචාර කන්දරාව. ඒ ගැන නිහතමානීව සතුටු වෙන ගමන් තවත් වටිනා යමක් තිළිණ කරන්න ඕනේ කියලා හිතුනා.ඒ සිතිවිල්ල එක්ක හොද දෙයක් හෙව්ව මම ඔන්න හොද වෙනස් දෙයක් ටිකක් වෙනස් ලෙස කරන්න හිතුව. ක්‍රියාදාම, සජීවිකරණ හා විවිධ මං ඔස්සේ විහිදෙන චිත්‍රපටි ලෝකයට පුංචි විරාමයක් තියලා, පෞද්ගලිකවම මම ඉතාම රසවින්ද සංවේදි කොරියානු කතාවක් ගේන්න හිතුවා.
මා පිය වැඩිහිටි සිතුම් පැතුම් ඉදිරියේ තරුණ අසම්මත යැයි පවසන ආදරය අරුත් ගලපන්නේ කොහොමද කියන එක මෙහිදි කතාවට නැගෙනවා. ආදරය, විරහව වැනි දේ තිබූ පමණින් මේක ආදර කතාවක්ම පමණක්යැයි කියන්න බෑ. ජීවිතයේ තීරණාත්මක අවස්ථාවලදී විවිධ වයස් මට්ටම් ඒ දේවල්වලට කොහොමද මුහුන දෙන්නේ?අතින් අතට මාරුවෙන තීරණ හා ඒවායේ අවසන් ප්‍රතිඵලය ඉතාම වැදගත්. මම කියන්නම් කතා සාරාංශය, හැබැයි සැකෙවින්. ඔක්තෝබර් මාසයේ එකම දිනයක බිළිදියන් දෙදෙනෙකු උපදිනවා. එකම දිනයේ තම උපන්දිනය සමරන ඔවුන්, වාසය කරන්නේ එකම ගමේ. ඒ විතරක් නොවෙයි අහම්බෙන් මෙන් ඔවුන් ඉගෙනගන්නේ එකම පාසලේ. එකම පන්තියේ. එක දැරියක් ජීවිතය උපරිමයෙන් රස විදිනවා. ඇ පොහොසත්. දෙමව්පියන්ගේ හා එකම සොහොයුරාගේ ආදරය නිතැතින්ම ඇයට හිමියි. ඈ නමින් ‘ඉන් සූ‘ එහෙත්, ‘ෂින් ඒ‘ නමැති අනිත් දැරියගේ ජීවිතය මිහිපිට අපායක් වගෙයි. අතිශයින්ම දිළිදු ඇගේ ජීවිතය කරදරවලින් බහුලයි.
එක් දිනක් ඉන් සූ රිය අනතුරකට මුහුන පානවා. එහිදි සිදුකෙරෙන රුධිර පරීක්ෂාවකදී අනාවරනය වෙනවා ඈ උපතේදි අන් කෙනෙකු හා හුවමාරු වී ඇති බව. කෙසේවෙතත්, කරුණු කාරණා අවසානයේ එළිදරව් වී සත්‍යය හිස ඔසවනවා. ඉන් අනතුරුව නීතිය ඔවුන් තම තමන්ගේ නියම දෙමව්පියන් වෙත යොමු කරනවා.ඉන් සූගේ සොයුරා, ජුන් සූ මේ ගැන ඉන්නේ දැඩි කළකිරීමකින්. ඔහුට මෙය කිසිසේත්ම දරාගන්නට බෑ. වසර කිහිපයකට පසුව, අහම්බෙන් ඉන් සූ හා ෂිං ඒ නැවත මුනගැහෙනවා හෝටලයකදී. ඉන් සූ එහි සේවය කරන දුප්පත් සේවිකාවක්. ෂිං ඒ එම හෝටලයේ
කළමනාකාරිනියක්.දැන් ජුන් සූ ඉතාම සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක්. ඔහුට දැන් පෙම්වතියක්ද සිටිනවා. දිනක් ඔහුගේ සමීපතම මිත්‍රයෙක් තමාගේ පෙම්වතියව ඔහුට හදුන්වා දෙනවා. ඒ අන් කිසිවෙකු නොවේ, ඉන් සූ, කලකට පෙර ඔවුන්ගෙන් වෙන්වුනු නැගනියයි. එතැන් පටන් මේ බැදීම් නිරායාසයෙන්ම සංකීර්ණ වන්නට පටන්ගන්නවා. ඉන්පසුව ඒවා තීරණාත්මක අවසානයක් දක්වා විහිදෙනවා.
කලක් අයියා නංගියි යැයි එකිනෙකා හැදිනු ‘ඉන් සූ‘ හා ‘ජුන් සූ‘ පෙම්වතුන් වනවා. මේ අසම්මත ප්‍රේම වෘතාත්නයේ අවසානය කුමක්ද?මෙහෙම යන ටෙලි නාටකය තවත් පසෙකින් වෙනත් කෝණෙනින් තවත් සිදුවීම පෙළක් මත දිව යනව.ධනවත් යෑන් දෙපල දැන් තමන්ගේ සැබෑම දියණිය කවුදැයි දැක හදුනාගන්නවා. චෝයි මහත්මියගේ ජීවිත කතාව කුමක්දැයි සොයා බලද්දි, ඔවුන් වටහා ගන්නවා එය ඉතාමත්මකටුක ජීවිතයක් බව. ඇගේ සැමියා මිය ගිහින්. එකම පුතා මැරයෙක්. එවන් පරිසරයකට කෙසේද තමන් ළග මලක් මෙන් හැදුනු දියණියව තල්ලු කර හරින්නේ?
යෑන් මහතා මේ අතර ෂිං ඒ වෙත ලංවන්නට උත්සාහ කරනවා. සෙල්ලම් බෝනික්කෙකු ඔහු ෂිං ඒට තිළිණ කරනවා. එහෙත් යෑන් මහත්මිය මේ හදිසි වෙනසට අකමැති බවකුයි දිස්වෙන්නේ. ඇයට මේ සියල්ල හිතට මහ බරක්. අදුරෙන් අදුරටම යන චෝයි මහත්මියගේ ලෝකය මේ සියල්ලෙන් තවත් සසල වනවා. මෙතෙක් තමා ළග හැදුනේ වැඩුනේ තමාගේම දියණිය නොවන බැව් දැනගන්නා ඇය ඉන් මහත් කම්පා වෙනවා. අවසානයේ සත්‍ය දැනගන්නා ගැහැණු ළමුන් දෙදෙනාගේ සිත් තුල ඇතිවන්නෙත් සුවිසල් තිගැස්මක්. හදිසියේ මේ සිදුවුයේ කුමක්ද? කෙසේවෙතත්, අවසානයේ ඔවුන් තමන්ගේ උරුමය සොයා යනවා. ෂිං ඒ ඉතාම කැමැත්තෙන් ධනවත් දෙමාපියන් වෙත යනවා. තමාටත් තම සැබෑ මව වෙත යන්නට කාලය එළැඹ ඇති බැව් යුන් සූමෙවන් පැටලවිල්ලක් ඔන්න මම ඔබ හා තනිකර දමා නික්ම යනව.
මම මේ කතාව ගැන කියන්න බලාපොරොත්තු වෙන්නෙ මෙපමණයි සදහටම. එය මා මුලින් කී අර වෙනස් කම් වලින් එකක්. මේ පැටලැවිල්ල හිතදරාගෙන කොටස් 16 පුරා දිව යන මේ සියුම් ආදරය අපිත් දැන් ඔවුන්ගේ ජීවිත සමග බෙදාගමු. ඔබට දැනෙන දේ කොටස් 16 පුරාවට ඔවුනට වෙනවන මෙම වෙබ් පිටුවේ අකුරු කර යන්න. එයයි ඔවුන්ගේ කතාව ඔබ වෙත ගෙන ඒමට මා හට ලැබෙන අමිල තුටු පඩුර. කොටස් 16කින් ගැටලු ලිහාගන්න. නැවත මේ වගේ තවත් වෙනස් කම් සමඟ බයිස්කෝප් සමගින් අපි හමු වෙමු.ඔබගේ අදහස් හා යෝජනා යොමු කරන්න
එකුස උපන් සොයුරු විලසින්
පුරා විසි වසරක් පුරාවට
නිබඳ සෙනෙහස බෙදා ගත්තේ
එකම මවකගෙ දරු දෙදෙන ලෙස
වටහා ගත් බව එසේ නැති බව
පෙමින් වෙළුනේ !
පසකලා සොයුරු බව
කෙමින් ගත වුනි මාවතේ දිවි
අතැර ගියද දිනෙක ඈ ම
හුදකලා ඔහු දිවි එකළු කළ
මිනිපහන වූ ඇගේ නියම තතු දැන
තමා යැදුනට සැරසුනද ඔහු
වාතලය හැර ගොස් ඇත !
ඇගේ උණුසුම් හුස්ම පොඳ අඟ
කුමට ඉන්නද තනිව මෙලොවේ
පෙති ගිලිහුණ පියුම විලසේ
සිතනා බැවින් උමතු දෛවයේ
සරදමට නතු විය ඔහුද මෙලොවේ !
541 downloadsDownload Autumn.Tale_.Part01.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පැතුම් අතුකෝරල
Subtitles
76 comments
akila
quik
thanks
යසිරු මධුක
ස්තුතියි සහෝ.. අනිවා බලනවා.. ජය !!
kalinga
අනිවා කොරියන් කතා පට්ට මචෝ
naleen
supirma wdak machan digatama subs dahan
vee
maxxxa wadak
mihin ලංකා
ලොවෙත් නෑ පැතුම් ඉදලා ඉදලා සුපිරිම එකක් ගෙනවිත් තියෙන්නේ ඔහොම යන්
ccnp
Thanks
upali
ela ela ela ela
chamath cafe
මේක පට්ට කතාවක් මචන්ලා අනිවා බලහං මමත් සබ් එක්ක බලනවා ආයේ මේක නම් අනගි වැඩක්
ganidu
තෑන්ක්ස් වේවා!
amilatk
jayama wewa!
tharanga
පට්ට පතුරු මචං වැඩේ සුපිරි
එරංග
එලස් සෙට් එකම බාන්න දැම්ම
wow
wow, maru :D
shann
ශා තවත් පට්ට කතාවක් පටන් ගෙන නියමයි සහෝ ඔහොම යන්
Bandula
සුපිරි
geeth
thnxzzzzzzzzzzzzzzzzzzzzzzzzzz pathum good work
Amila`
මේක නියමම කතාවක් බව අහලා තිබ්බා දැන් සබ් එක්කම බලන්න ඇහැකි
dilan
niyama tv s aka saho
fd
download wenna damma txz
zumo man
elazz thnxzzz
කැළුම්
සුපිරි කතාවක් මේ අරන් ඇවිත් තියෙන්නේ , අනිවා හද පතුලෙන් අගය කරනවා වැඩේ
waruna
gr8
hh
suba pathum onna digatama thawa hoda awa denna
mudiya / මුදියා
මාරයිනෙ.කාලෙකට පස්සෙ පැතුම බැහැල තියෙන්නෙ පට්ටම කොරියන් එකක් එක්කම.මං මුලින් හිතුවෙ ෆිල්ම් එකක් කියල.පස්සෙ තමයි දැක්කෙ ටීවී සීරීස් එකක් කියල.වෙනසකටත් එක්කම ඔන්න බාන්න දානව.පුළුවන් නම් තවත් පොඩි කොපියක් දෙන්න බැරිද.120 විතර.ලොක්ක නැති දවස් වලට තමයි ෆිල්ම් බාන්නෙ දැන්.එහෙම දවස් ටිකක් අඩු නිසා එක දවසෙන් වැඩේ කෙරුනොත් ගොඩ.ඒකයි මේ.එහෙනම් මේක බලල කියන්න්කො දැනුනෙ කොහොමද කියල.
ජයවේවා.බොහෝ....................................ම ස්තූතියි...!hh
math baluwa macho oyita wada podi copy na oka bahan :)
hgjhfhj
793D85C77162E3F2F8DD1CE2A83658B72AEA9FC5
3 GB copy
mudiya / මුදියා
එල එල මචං.
ranga
jayama pathami
චරිත පොල්ගස්දෙනිය
පට්ටම කථාවක් වගේ !!!
එල එල ...!!!
~ජයවේවා බයිස්කෝප් ~ositha
supiri wadak jaya
vernie
niyamai eth ida tamai naththe
ගොඩයා
එල කතාවක්නෙ දැන් ඉතින් කොරියන් කතා නැගල යන කාලෙනෙ....එල එල ඔන්න බෑවා.
Chan
mama me web site eken ona tharam film download karala athi.et,comment karana palaweni wathawa.aaaasama TV show eka meka.100paarak beluwat adanne natiwa me kathawa balanna ba.surangana loken ehata giya me wage katha gena lyanna wachana na.English sub ekka thama beluwe mechcharakal...dan itin Sinhalenma balanna ona............Thank you very much Friend..............
නලින්
නියමයි පැතුම් සහෝ
නියම පාහරකට අත ගහාලා තියෙන්නේ
ජය වේවා!
dimuthu තරංග ඉලුක්කුඹුර
නියමයි සහෝ, ඒලියන් 4 ( ALIEN - 04 RESURRECTION (1997) දීලා ඒ කතා මාලාව සම්පුර්ණ කරමු නේද තව එකනේ? මම හිතනවා ඔයා ඒක කරයි කියල.ජයවේවා.
දිනිඳු සම්පත්
පැතුම් සහෝ කාලෙකට පස්සේ උපසිරැසියක් අරන් ඇවිත් තියෙන්නේ.. බොහොම ස්තූතියි සහෝ. අපේ නෝනා මේ කතා මාලාව ආසාවෙන් බලාවි..
ජයවේවා!Gayashan
Thanks
Menu
Thank you bro :)
පහන් තාරක
ස්තූතියි යාළුවා ඔයා නියම දේකට අතගහලා තියෙන්නෙ, දිගටම කරන් යන්න අනිවා මාත් දිගටම බලන්න සෙට් වෙනවා.
shkthi
මේක ලස්සන වගේම ගොඩක් දුක හිතෙන කතාවක් අය්යා.. මේක මගේ ළඟ කලින් කොරියන් එක තිබ්බා.
කොහොම උනත් මම ඔයාට සුබපතනවා.ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල කොල්ලෝ...
දිගටම ඉක්මනට දෙන්න...
ජය වේවා!!!chamini
meka tv aketh giyane godak duka hithena kathawak man gawa dvd akath thiyanawa akta sub danna puluwanda
thanks
puluwnnam roop top price 2012 korean drama akta sub dennako akth harimalassanai“චූටී මල්ලි”
එල එල මචන්
මේක මන් හිතන්නෙ ITN එකෙත් ගියාද කොහෙද මන්
බැලුවෙ නම් නෑ
බලන්න ඔනි සබ් එක්කම
එහෙනම් ඉතිරි ටිකත්
දෙන්නකො
ඔබට ජය..............Dark
ෆට්ට කතාව බන්. මන් ඕක ටීවී එකේ බැලුවා. සංවේදී ආදර කතාවක්.
tikiri
machan meka mama balala thiyanava..pattama kathavak ban..meka balal adune nathi ekekk innavanam eka wenna abaha.niyama wadak .meka nagalama yanava sikurui machan....sad love story ekak
ශාන්
ලොවෙත් පට්ට කථාව...
තැන්ක්ස් සහෝ!nalaka
pathum..oya lassana fillm ekak thoragena thiyenne..korean dramma superb.. puluwannam tharaha nathiwa ikmanatama anik kotas walatath sub denna balanna.waradawa therum ganna epa story ya lassana hinda eka digatama balanna hithenawa..jayawewa...thank u bro...
Chathu
thaks machan
damayanthi
oyata godak pin pethum.meke subtile kotas seratama danawa neda?lokuma loku udawwak meke size eka adu link ekak apita denna beda?8GB yak download karanna amaruy.wena site ekak hoyagttot me subtile eka match weda?
ප්‍රශන්න
කතාවනම් හොදයි වගේ.. බානවා ...
කම්මැලි හිතෙයිද මචන් නැහැනේ.
..පැතුම් අතුකෝරල
කතාව ගෙවෙන්නේ අත්දැකීම් සමුහයක් ජිවිතයට එකතු කරගෙන. රසවත් කතාවක්.
danushka
niyama kathawak machan ..thanks jaya wewa...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Autumn in My Heart [EP 01] | සරා සද නික්ම ගොස් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/Autumn-in-My-Heart-555x250-1.jpg)


ado patta supiri macho