Avatar: The Last Airbender [S01 : E01] Sinhala Subtitles බයිස්කෝප්වාසී සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා කිව්වට ඇත්තටම සුබ රාත්‍රියක් තමයි ප්‍රාර්ථනා කරන්න වෙන්නේ. මොකද සබ් එක ඉවර කරල මේ ලිපිය ලියවෙන්නේ 2024/02/22 දින රාත්‍රී 11ට. නිදිවරාගෙන මේ සබ් එක ඉවර කළේ හුඟක්…
![]()
බයිස්කෝප්වාසී සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා කිව්වට ඇත්තටම සුබ රාත්‍රියක් තමයි ප්‍රාර්ථනා කරන්න වෙන්නේ. මොකද සබ් එක ඉවර කරල මේ ලිපිය ලියවෙන්නේ 2024/02/22 දින රාත්‍රී 11ට. නිදිවරාගෙන මේ සබ් එක ඉවර කළේ හුඟක් අය මේකේ සබ් ගේනකන් බලාගෙන ඉන්න නිසයි. Netflix ආයතනය විසින් අද මේකේ එපිසෝඩ් 8ම එකවර නිකුත් කරනු ලැබුවා. සීරිස් එක තමයි Avatar: The Last Airbender live-action සීරිස් එක.
Avatar: The Last Airbender කියන්නේ ඇනිමේෂන් රසිකයින් අතර බොහොම ගෞරව ආදරයට පාත්‍ර වූ සීරිස් එකක්. ඒවගේම IMDb දර්ශකයේ 9.3ක වගේ ඉතාම ඉහළ අගයක් ලබා ගෙන, සම්මාන පවා දිනා ගැනීමට හැකි වුණු සීරිස් එකක්. ඉස්සර ITN නාලිකාව හරහා මේකේ සිංහල හඬකැවූ කාටූන් එකත් විකාශය කළා නේ. ඉතින් මේ වගේ හොඳ සීරිස් එකකට ලයිව් ඇක්ෂන් ෆිල්ම් එකක් හෝ සීරිස් එකක් ගහන එක සාමාන්‍ය දෙයක් නේ. ඒ අනුව 2005 වසරේ නිකුත්වුණු මේ සීරිස් එකට, ලයිව් ඇක්ෂන් ෆිල්ම් එකක් 2010 වසරේ නිකුත්වුණා. IMDb 4ක අගයක් තියෙන ඒ ෆිල්ම් එක නම්… ෆෑන්ස්ලා ප්‍රසාදයෙන් පිළිගත්තේ නෑ කියලා විතරක් කියමුකෝ.
ඉතින් ෆිල්ම් එක නන්නත්තාර වුණාට පස්සේ, ඊට වඩා source material එකට අනුකූල ඇඩැප්ටේෂන් එකක් ගේන්න තමයි Netflix ආයතනය බලාපොරොත්තු වෙන්නේ. දැනට නම් IMDb දර්ශකයේ මේ සීරිස් එකට 8.1ක අගයක් ලැබිලා තියෙනවා. මටත් සීරිස් එක ගැන හරි අදහසක් දෙන්න බෑ, මොකද මං තාම බැලුවේ පළවෙනි එපිසෝඩ් එක විතරක් නිසා. අනිත් හේතුව තමයි මං ඇනිමේටඩ් සීරිස් එක සම්පූර්ණයෙන්ම බලලා නැති වීම. (ඉස්සරහට ඒක සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා).
සීරිස් එක ගැන විස්තර කතා කළොත් නම් කලිනුත් කිව්වා වගේ මේක නිකුත් කරන්නේ Nickelodeon ආයතනය සමඟ හවුල්වුණු Netflix ආයතනය විසින්, ඒවගේම කතාමාලාව එපිසෝඩ් 8කින් සමන්විතයි. අපි කණ්ඩායමක් තමයි එපිසෝඩ් 8ට උපසිරසි ගේන්න සැලසුම් කරන් ඉන්නේ. Gordon Cormier (ඈන්ග්), Kiawentiio (කටාරා), Ian Ousley (සාකා), Dallas Liu (සුකෝ කුමරු) ආදී ශිල්පීන් රංගනයෙන් දායක වෙනවා.
කතාව ගැනත් ටිකක් කියන්නම්. මං පැහැදිලි කරනවට වඩා සීරිස් එකේම වචනවලින් අහගන්නකෝ.
ජලය. භූමිය. ගින්දර. වායුව. සහස්‍රකයක් පුරාවට, මේ ජාතීන් හතර සමාදානයෙන් ජීවත්වුණා. එම සාමය උදා කළේ ඇවටාර්. ඔහු, සතර මහා භූතයන් (ජලය, ගින්දර, වායුව, භූමිය) ගේ කෙළ පැමිණීමේ හැකියාවෙන් සහ ජාතීන් අතර සමබරතාවය ආරක්ෂා කිරීමේ හැකියාවෙන් යුත් අයෙක්. එක් ඇවටාර් කෙනෙක් මියගියාම, සදාකාලික චක්‍රයක් වගේ, ඔවුන්ගේ ආත්මය වෙනත් ශරීරයක ඉපදෙනවා. අවසන් ඇවටාර්ගේ මරණින් පස්සේ, අලුත් ඇවටාර් තවම මතුවුණේ නෑ. ඉතින්, කෲර අග්නි රාජධානියේ උතුමාණන් වන සෝසින් විශ්වාස කරනවා අනුකම්පා විරහිත යුධ ව්‍යාපාරයකින් මුළු ලෝකයම යටත් කරගැනීමට ඔහුට කාලය පැමිණ ඇති බව. ඔහුගේ පළමු පියවර ඔහුට බාධාවක් විය හැකි එකම කෙනාව විනාශ කිරීමයි. සතර මහා භූතයන් කෙළ පැමිණීමේ හැකියාවෙන් යුත් ඊළඟ තැනැත්තා. ඇවටාර් වීමේ වගකීමට තවම සූදානම් නැති එයාබෙන්ඩර් කෙනෙක්.
එහෙනම් මේ එපිය බලන්නකෝ. දෙවෙනි එපිසෝඩ් එක ඔයාලට අපේ හිරාන් අයියා ඉක්මනින්ම අරගෙන ඒවි. අලුත් උපසිරසියකින් වෙන දවසක හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. පීස් ✌️.
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
22,542 downloadsDownload Avatar-the-Last-Airbender-S01-E01-Sinhala-Subtitles.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #2024
- #Albert Kim
- #Avatar
- #Avatar: The Last Airbender
- #Avatar: The Last Airbender [S01 : E01] Sinhala Subtitles
- #Daniel Dae Kim
- #Editor's Pick
- #Elizabeth Yu
- #Must Watch
- #Offbeat
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #Tamlyn Tomita
- #Yerin Ha
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
38 comments
Heveen
Anushka
thanks for the effort
Piumi
Thanks ❤️
Sahan Gayantha
thanks a lot Sanupa saho sub ekata
Piumi
Thanks ❤️
Mahesh Chaminda
Thanks malli සබ් එකට අනිත් ටිකත් ඉක්මනට දෙමුකෝ පුලුවන්නම් .....සදුදට කලින්
Hashan
Thanx for the sub bro...❤️
Binduka Nennasiri
live action is sucks ATLA
Nimsara
Mechchra ikmanta sub eka dunnata tganx boza.. ❤️
Madusha
Thanks for sub❤️
Buddhika Lakmal
අම්මෝ.. තැන්ක්යූ කොල්ලෝ.............
Nishakya
Maru
Suraj kavindu
ammo patta kollo
Nishan S Ariyarathna
✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
මේක දෙනකල් තමයි බලන් හිටියේ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජයBANDULA K
එනකල් බලන් හිටියෙ, නියමයි. තුනෙන් හමු වෙමු
ඒකට ගොඩක් දේවල් මේකෙන් ගත්තා. ස්තූතියිRanida
thanks bn sub valata meka denakan balan hitiye ane ithuru tikath ikmanta one plz...............
kavinda gamage
බොහොම ස්තුතියි ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටිය ෆිල්ම් එකක් .
Vishishtaka Sanjeewa
Oyaala Kaata Hari 2005 Series Ekatath Sub Denn Puluwannam Hodayi Meke S1 Ep 8k Wunaata S1 EP 20 K 2005 Series Eke Eken Hoda Background Ekk Denawa Me Avatar Universe Eka Gena..Meke Kaatahari Unclear Dewal Thiyenam Eken Fix Kara Gann Puluwan Wei Godak Durata Okkoma Seasons 3 k 2005 series eke...
Sanupa Ranmeth
ඒකේ සීසන් 3ටම සබ් සයිට් එකෙ දීල තියෙනවා සහෝ. සර්ච් කරලා ගන්න පුළුවන්.
vidumina
thank you kollo ❤️
Nisal Tharinda
Superb. Waiting for all ten episodes. ❤❤
parakrama
8 episode's bro
Pubg Boy
Anith tikath one
Isuru
අනිත් එපිත් ඉක්මන්ට ගේමු
Thanks sub එකට ❤
S.S.I.Karunarathna
ayye ithuru sub tika ikmnt dennko me series ek enkm avurdu gnk bln hitiya sinhala sub nativa blla vdk na
Pramitha Sewmina
2 දාපාන් plz ❤️
Suraj kumara
Well done sanupa bro
Udara Damith
සුප්පා
viraj
thanks..............
Pasindu
Guys , ඕගොල්ලන්ට මේ series එක හොඳයි නම් අනිව මෙකෙ original එක බලන්න. පොඩි කලෙදි ඒක බැලුවා කියල නොබල ඉන්න එපා, අනිවාරෙන් බලන්න last episode එක වෙනකන් .එහෙන්පිටින්ම masterpiece එකක්, highly recommond
podda
adeh balan hitapuma ekak............ jaya wewaaaa
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Dewadithya
Thanks for Sub!
Sahan Gayantha
Thanks a lot saho sub ekata
Lakshitha k
netfllix ekata sub ganna widihak nadda
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සුපිරි බම් ❤️