Avatar: The Last Airbender [S02 : E02] Sinhala Subtitles මේ Avatar: The Last Airbender Live Action සීරිස් එකේ 02 නි සීසන් එකේ 04 වෙනි එපියට ගේන සබ් එක. කලින් උන සිද්දිය යටින් දාන්නම්… ටොෆ් (Toph) යටතේ ඈන්ග් (Aang) පෘථිවි පාලනය (Earthbending) පුහුණු වුණාට, ටොෆ්ගේ හරිම තද ක්‍රම නිසා ඈන්ග් ට තමන් ගැන…
![]()
මේ Avatar: The Last Airbender Live Action සීරිස් එකේ 02 නි සීසන් එකේ 04 වෙනි එපියට ගේන සබ් එක. කලින් උන සිද්දිය යටින් දාන්නම්…
ටොෆ් (Toph) යටතේ ඈන්ග් (Aang) පෘථිවි පාලනය (Earthbending) පුහුණු වුණාට, ටොෆ්ගේ හරිම තද ක්‍රම නිසා ඈන්ග් ට තමන් ගැන තියෙන විශ්වාසය ටිකක් අඩු වෙනවා. ඔය අතරේ තමයි ‘ද බෝල්ඩර්’ (The Boulder) සහ ජි ෂෙන් (Ji Shen) එක්ක ඈන් ගුයි ටොෆ්ට ගැටුමක් ඇති වෙන්නේ. ඒ සිදුවීම ඈන්ග් ට තවත් හොඳ පාඩමක් වෙනවා කොහොමද කිසිම දෙයකට නොසැලී ඉන්නේ කියලා.
අනෙක් පැත්තෙන්, අයිරෝ (Iroh) සූකෝට (Zuko) විදුලි සැර (Lightning) වෙනතකට යොමු කරන විශේෂම ආරක්ෂක ශිල්පයක් කියලා දෙන්න උත්සාහ කරනවා. අයිරෝ නිතරම සූකෝට කියන්නේ, කේන්තියෙන් බලය හොයන්නේ නැතුව, තමන්ගේ හිතේ තියෙන ගැටුම විසඳගන්න කියලයි.
ගිනි ජාතියේ (Fire Nation) පිරිස් වටකරගෙන එද්දී, අයිරෝයි සූකෝයි පැනලා යන්න හදනවා. ඒත් අවාසනාවකට ඒ අතරේ අයිරෝට බරපතල තුවාල සිද්ධ වෙනවා. තමන්ගේ මාමාව බේරගන්න තියෙන උවමනාව නිසාම, සූකෝට ජෙට් (Jet) කියන තරුණ කැරලිකරුවා එක්ක එකතු වෙන්න සිද්ධ වෙනවා. මේ සිදුවීම නිසා සුකෝ ගේ හිතේ තියෙන කරුණාවන්ත පැත්ත අපිට දකින්න ලැබෙනවා.
අන්තිමට ඈන්ග් ඇතුළු කණ්ඩායම ‘බා සිං සේ’ (Ba Sing Se) නගරයට එනවා. ඒත් එතනට ආවම තමයි තේරෙන්නේ මේ නගරය හරිම අමුතුයි කියලා. නීති රීති හරිම දැඩි, හැමදේම රහසක්, අනික යුද්දේ ගැන නගරේ ඉන්න මිනිස්සු මොකුත්ම දන්නේ නැහැ.
ජූ ඩී (Joo Dee) සහ බලවත් ලෝන්ග් ෆෙන්ග් (Long Feng) ගේ මගපෙන්වීම යටතේ, මේ කට්ටිය දේශපාලන උගුලකට අහු වෙනවා. ඈන්ග් ට ඕනේ රජ්ජුරුවන්ට ළඟම එන අනතුර ගැන කියන්න, ඒත් ටොෆ්ට තේරෙනවා මෙතන තියෙන්නේ අවංකකම නෙවෙයි, දේශපාලන උප්පරවැට්ටි කියලා. එපිසෝඩ් එක ඉවර වෙද්දී, සායි (Sai) කියන ඉංජිනේරුවා අතුරුදහන් වීම වගේ දේවල් නිසා, මේ සාමකාමී නගරය ඇතුලේ හිතාගන්න බැරි තරම් ලොකු අඳුරු රහසක් සැඟවිලා තියෙන බවට ඉඟි ලැබෙනවා. ඕක තමා කලින් උන සිද්දිය, මේකෙන් ඉස්සරහට වෙන දේවල් බලාගන්න එහෙනම්…
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,317 downloadsDownload Avatar-The-Last-Airbender.S02E04.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අතුල සංජීව
Subtitles
5 comments
Buddhika laKMal
Sahan Gayantha
thanks a lot Athula bro sub ekata
Jeewana Lakshan
ස්තූතියි සහෝදරයා.
Sandaru Nimsara
Thanks
Tharidu Sagara Sadalu
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



තෑන්ක්ස් මචං සබ්එකට