Watch Trailer

Band of Brothers [E08] Sinhala Subtitles – The Last Patrol | අවසාන මුරසංචාරය [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හැමෝම මේ සුපිරි කතා මාලාවේ හත්වෙනි කොටස බලන්න ඇතිනේ. ඔන්න අද ගේන්නේ අටවෙනි කොටස. අද කොටසේ කතානායකයා විදියට ගැනෙන්නේ ඩේවිඩ් වෙබ්ස්ටරුයි. කණ්ඩායම පිහිටවීමේ ඉඳන් හිටපු මුල් සාමජිකයෙක් වෙච්ච වෙබ්ස්ටර් නෙදර්ලන්තයේදී තුවාල ලැබුවාට පසුව රෝහල් ගත වෙලා ඉඳලා ආපහු කණ්ඩායම හොයාගෙන එන තැනින් තමා කතාව පටන්…

හොඳයි හැමෝම මේ සුපිරි කතා මාලාවේ හත්වෙනි කොටස බලන්න ඇතිනේ. ඔන්න අද ගේන්නේ අටවෙනි කොටස. අද කොටසේ කතානායකයා විදියට ගැනෙන්නේ ඩේවිඩ් වෙබ්ස්ටරුයි. කණ්ඩායම පිහිටවීමේ ඉඳන් හිටපු මුල් සාමජිකයෙක් වෙච්ච වෙබ්ස්ටර් නෙදර්ලන්තයේදී තුවාල ලැබුවාට පසුව රෝහල් ගත වෙලා ඉඳලා ආපහු කණ්ඩායම හොයාගෙන එන තැනින් තමා කතාව පටන් ගන්නේ. තව දෙයක් අනිවා කතාවේ අවසන් තත්පරය වෙනකම්ම බලන්න. මොකද දර්ශන අවසාන වුනාට තව පේලි ටිකක් අවසානයේම තියෙනවා.

පහුගිය කොටසෙදී කණ්ඩායමේ සාමාජිකයෝ කිහිප දෙනෙක් මිය යනවා. ඒ වගේම ආබාධිත වෙනවා. ඒ වගේම ඒ හේතු නිසාම තව දෙතුන් දෙනෙක් මානසිකව කඩා වැටීම් හා අසාර්ථක නායකයා මාරු කරලා ආපහු නිර්භීත නායකයෙක් පත්වීම දකින්න ඇතිනේ. ෆෝයි නගරය අත්පත් කර ගැනීමෙන් පසුව තවත් නගර කිහිපයක් අත්පත් කර ගත්තත් ඔවුන්ට කෙටි විවේකය නම් ලැබෙන්නේ නෑ. අවසානයේ ඉදිරි වළල්ලෙන් ඉවත් කරන බවට දැනුම් දීලා පසුදා පාන්දර ආපසු එය අවලංගු කරලා අරන් යනවා හැගනෝවු නගරයට. ලින් නිදහස් කරගෙන තිබෙන, ගඟෙන් එහා ජර්මන් සීමාව විදියට තියෙන නගරයක් වන අතර කණ්ඩායම එයට එන්නේ 1945 පෙබරවාරි 5 වෙනිදායි. ඉතින් මේ රෝහලේ ඉඳන් එන වෙබ්ස්ටර් එන්නේ හැගනොවු නගරයටයි. දැන් වෙබ්ස්ටර් හට හමුවන්නේ බොහොමත්ම වෙනස් කට්ටියක්වයි. මුල ඉඳින් උන්නු බොහෝ දෙනෙක් නෑ වගේම ඉන්න අයත් වෙබ්ස්ටර්ට සලකන්නේ නවකයෙක් විදියටයි. නායකත්වය වෙනස් වෙලා. ඉතින් ආපහු වෙබ්ස්ටර් කණ්ඩායමට හුරු වෙන්න ඕන වගේම එදා රෑම ඉහළින් එන නියෝගයක් අනුව ගඟ තරණය කරලා අනික් පැත්තෙ මුර සංචාරයකට යන්න කට්ටියක්ව තෝරනවා. හැමෝම දකින්නෙ මේක සිය දිවි නසාගන්න, අනවශ්‍ය මෙහෙයුමක් විදියට. ඒක තමා අද කොටසේ පටන් ගැන්ම. මේකේ එක තැනක තියෙනවා මෙහෙම කොටසක්. කොහොමද කෙනෙක් දැනගන්නේ සොල්දාදුවෝ භීෂණයෙන්,
වේදනාවෙන් හා ලේ හැලීමෙන් ගෙවන කැපකිරීම ගැන. එයාලා කවදාවත් නෝමැන්ඩි, බැස්ටෝන් හා හැගනොව් වගේ තැන් වලට හිටපු නැතිකොට? තව විදියකින් කියනවනම් යුද්දයක් තියෙන තැනක් උන්නෙ නැතිකොට. ඒක උන්නෙ නැතත් දැකලා හරි වටහාගන්න මේ කතාමාලාව නම් හොඳම උදව්වක් වේවි.

අද දීපු අටවෙනි කොටසෙන් පස්සේ තව තියෙන්නේ කොටස් දෙකයි. ඒකත් අද හෙටම දෙන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම්ම් හැමෝම බාගෙන බලන්න. 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

16,155 downloadsDownload Band-of-Brothers-1x08-1.zip44 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

16,155 downloadsDownload Subtitles44 KB

50 comments

  1. hh

    thx

  2. ccnp

    Thanks Royli

  3. lasidu

    එලම මචං ජය වේවා

  4. කැලුම් ගුණසේකර

    ඇත්තට රොයිලි සහෝ, ඔයාට වෙන වැඩක් නැද්ද? :D මෙච්චර ඉක්මණට සබ් දෙන්නේ? ස්තුතියි සහෝ.

  5. naleen

    Thz U macho

  6. was

    කියලා වැඩක් නෑ පට්ටම පට්ට කතාව ආයේ ලොවෙත් බලපු

  7. Bandula

    jaya wewa

  8. eraNga

    loweth na maxxaaaaaa

  9. akila

    සුපිරි වැඩක් ජය වේවා :)

  10. indunil

    txx

  11. elakiri

    එලම කතාව පට්ට හොදේ

  12. quik

    Thanks saho :0

  13. උදාර

    ලොවෙත් නෑ පට්ට පහර :) :)

  14. පැතුම්

    නියමයි :)

  15. යසස්

    ඉක්මනට දෙන නිසා මරු

  16. MXX

    දිගටම දෙන්න මේක...ජය වේවා !

  17. Pushpe

    thxxxxxxxxxx

  18. waruna

    niyamama story aka thx baiscope

  19. අමීර

    Thanks...

  20. Isuru

    maru :)

  21. Achala

    මහන්සියට ජය

  22. isuruD

    niyamai roili aiye anik 2th aniwa heta weddi dila iwarayak karanna.mare maru

  23. දිනිඳු සම්පත්

    දවසට එක ගානේ දෙනව නේද රොයිලි සහෝ..? නියමයි.. ජයවේවා..!! 9 වෙනි එකට හෙට ලැබේවි වගේ..

  24. කේ. යූ. ජී. උදාර

    නියමයි රොයිලි......
    මේ සත් කාර්යය ඉහළින් ම අගය කරනවා.
    ඊළඟ කොටසත් ඉක්මනට ම අරන් එන්න.

  25. prabodhaya

    mechchara ikmanata sub deepu eakata tnx.

  26. sd

    බොහොම ස්තුතියි

  27. dinuka

    good

  28. රාම් රාජ්

    කවදත් වගේ කියන්න තියෙන්නේ ස්තූතියි කියන එක තමා.මුලු සීර්ස් එකම බාන්න දැම්ම.සබ් ඔක්කොම එකතු කරන් නිදහසේ බලනවා.

  29. jaliya

    තැන්ක්ස් මේක නම් පට්ට tv searias එකක්

  30. thushana

    ahhhhhhhhhhhhhh elasssssss. ekapara godak dila sub meke thksss machanssssssssssss...

  31. chamila

    thanks...

  32. uda

    අනර්ඝයි සහෝ...
    අපේ රටෙත් තිබුණානේ යුද්ධයක්. ඒක නිසා ඒ තැන්වල නොහිටියත් ඒකේ හැටි ගැන අපි කවුරුත් දන්නවා අහලා කරලා හරි. නමුත් රූපවාහිනිය හරහා ඇසු දුටු දේ විතරනේ. මේ වගේ යුද්ධයක් ඊට වඩා සිය ගුණයක කෲරත්වයක් භයානකත්වයක් සහිත වුවක්. මේවා ඉතිහාසයට අයත් දේවල් බවට පත්වෙලා තිබෙන නිසා මේවා ගැන අහන්න දකින්න ලැබෙනවා හිගයි. එහෙව් එකේ ඔයා මේ කළේ මිල කරන්ඩ බැරි වැඩක්. ඉතිහාසය හොයන අයට විතරක් නෙමේ. පාසලෙන්, පොතින් පතින් පවා නොලබන දැනුමක් මේ හරහා ලබාගන්ඩ ඔයා ඉඩ සලස්වලා තියෙනවා පාසල් සිසුන්ටත්. ඒක ඉතාම වටිනවා. අදට ඔබින ජාතික කර්තව්‍යයක්! කිසිවෙකුගෙන් ඇගයීම් නොලබා, නොපතා කරන මේ දේවල් වලට මේ රට ඔබට ණයයි!
    ජය!

  33. DAMER

    එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම..! 👍

  34. Jayan Chamal

    pissu hadeiiii

  35. විමා

    8th gaththoooooo :)

  36. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  37. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  38. dhanuka

    ස්තුතියි

  39. D. Namal

    ඇත්තටම ගොඩක් හොඳ වැඩක් bro… දිගටම කරගෙන යන්න Game එක අතාරින්න එපා…
    Sub එකට ගොඩක් Thanks… ආ…

  40. වරුණ රංගජිත් (වරූ)

    නියම ටීවී එකක්...
    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  41. Danuja Sandeepa

    band of brothers video link eka dn wada nene

  42. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට. ජය

  43. Lakshansilva18

    උපසිරසියට බොහොම ස්තුති

  44. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  45. blackLion007

    ┊┊┊┊
    ┊┊┊✧
    ┊┊✦
    ┊✧
    ✦ .
    .
    · Thanks For The Subtitle !!!!!!!!!

  46. malith sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි

  47. Shaggy

    Thank you very much

  48. Manohari

    Godak sthuthii.. Jaya wewa!

  49. Pavith Wijesooriya

    ගොඩක් ස්තූතියි මේ එපියේ සබ් එකටත්...

  50. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති