Watch Trailer

Berserk (1997) [S01 : E11 & E12] Sinhala Subtitles | අතීතාවර්ජනය! [සිංහල උපසිරසි]

Berserk S01 Sinhala Subtitles 1997 දී නිකුත් වී Dark Fantasy, Epic Fantasy, Sword and Sorcery, Action, Adventure, Drama, Horror, Gore, Military සහ Seinen යන Genre කිහිපයටම අයත් වෙමින් All time Masterpiece එකක් බවට පත් වුනු Berserk ඇනිමෙ කතා මාලාවේ 11 සහ 12 කොටස් සමඟිනුයි මේ එකතු වෙන්නේ. Berserk S01…

Berserk S01 Sinhala SubtitlesBerserk S01 Sinhala Subtitles

1997 දී නිකුත් වී Dark Fantasy, Epic Fantasy, Sword and Sorcery, Action, Adventure, Drama, Horror, Gore, Military සහ Seinen යන Genre කිහිපයටම අයත් වෙමින් All time Masterpiece එකක් බවට පත් වුනු Berserk ඇනිමෙ කතා මාලාවේ 11 සහ 12 කොටස් සමඟිනුයි මේ එකතු වෙන්නේ.

Berserk S01 Sinhala Subtitles

ආරම්භයේදි කුලී හේවායෙක් වී පසුව නයිට්වරයෙකුත් ඉන් පසුව සිටු පදවියත් ලැබූ ග්‍රිෆිත්, මිඩ්ලන්ඩ් රාජ සභාවේ නොමනාපයත් හමුවේ රජුගේ විශ්වාසයත් බොහෝ සෙයින් දිනා ගන්නවා. මේ නිසා මීළඟට රජ වීමට ඉන්න වගේම මිඩ්ලන්ඩ් ජෙනරාල් වෙන ජූලියස් සිටුතුමාත් මේ තරඟකරුවා ගැන ඉන්නෙ දැඩි කේන්තියකිනුයි. මේ නිසාම ‍රාජ සභාවේ එක්තරා ඇමතිවරයෙක් ජූලියස්ට ග්‍රිෆිත් ඝාතන සැලසුමකට විෂ පොවනවා. රජුගේ දඩයම් ගමනේදී රජුට ආරක්ෂාව ග්‍රිෆිත්ගේ උකුසු කල්ලිය සලසද්දී, ඒ අතරෙදි හොඳම අවස්ථාවක විෂ කැවූ ඊතලයක් මඟින් දක්ෂ දුනුවායෙක් ලවා ග්‍රිෆිත්ව ඝාතනය කිරීම තමයි මේ සැලසුමට ඇතුළත් වෙන්නෙ. පෙර තීරණය කළ දෛවය නිසාමද කොහෙදෝ, ඒ විෂ ඊතලය ග්‍රිෆිත්ගේ සන්නාහය හරහා වදින්නේ ග්‍රිෆිත්ගේ මාලයටයි. රජුගේ බිත්තරය හෙවත් බෙහෙලිත් ලෙසින් හඳුන්වපු මේක දෙවෙනි වතාවටත් ග්‍රිෆිත්ගේ ජීවිතය බේරනවා. පළමු වතාව තමයි අමරණීය සොඩ් සමඟ වුනු සටනින් සොඩ් සටනින් පලා යාම.

Berserk S01 Sinhala Subtitles

ග්‍රිෆිත් ඝාතන වෑයම අසාර්ථක වීමත් එක්ක ජූලියස් සිටුතුමා ලොකු කේන්තියකින් පසු වෙද්දි, මේක ජූලියස්ගේම වැඩක් බව ග්‍රිෆිත් දැනගන්නවා. ඒ නිසාම ග්‍රිෆිත්ගේ ඉල්ලීමකට අනුව ජූලියස්ව හොර රහසේම ඝාතනය කරන්න ගට්ස් මුල පුරනවා. ජූලියස් සමඟම ජූලියස්ගේ එකම පුත්‍රයාත් ගට්ස් අතින් ඝාතනය වීම නිසා රාජ සභාව වගේම ගට්ස් ලොකු හිත් වේදනාවකින් පසු වෙනවා.

අවසානයේදී මිඩ්ලන්ඩ් සිංහාසනයේ මීළඟ උරුමකරුවාත් අවසන් ගමන් යද්දී, තවත් තරඟකරුවෙක් ග්‍රිෆිත්ට පේන මානයේවත් ඉතුරු වෙලා නෑ. දැන් ග්‍රිෆිත්ට ආයෙත් සටනක් ඉතුරු වෙලා තියෙනවා. ඒ තමයි ටියුඩර් රාජ්‍යයේ කමාන්ඩර් කෙනෙක් වෙන ඇඩොන් සමඟ තියෙන සටන. ඇඩෝන් දැනට අවස්ථා දෙකකදී සටනින් පළා ගියා. ඒත් මේ වතාවෙ මොකක් වේවිද? මේ සටනින් ඇඩොන් දිනාවිද? ඒ වගේම කැස්කාගේ අතීතය ගැනත් අපිට දැනගන්න ලැබෙනවා. බලන්නකො මොකද වෙන්නෙ කියලා. නරඹන්න එහෙනම් මේ කොටස් දෙක. Berserk කතා මාලාවේ 13 සහ 14 කොටස් වලින් මීළඟට හමුවෙමු.

Berserk S01 Sinhala Subtitles

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

588 downloadsDownload Berserk-S01-E11E12-Sinhala-Subtitles-2.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1

Next BT1

 

Berserk S01 Sinhala Subtitles

Subtitles by

ලංකන් Weebs

Subtitles

588 downloadsDownload Subtitles27 KB

1 comment

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි.