Watch Trailer

Berserk (1997) [S01 : E15 & E16] Sinhala Subtitles | අසීරු විජයග්‍රහණය [සිංහල උපසිරසි]

Berserk S01 Sinhala Subtitles 1997 දී නිකුත් වී Dark Fantasy, Epic Fantasy, Sword and Sorcery, Action, Adventure, Drama, Horror, Gore, Military සහ Seinen යන Genre කිහිපයටම අයත් වෙමින් All time Masterpiece එකක් බවට පත් වුනු Berserk ඇනිමෙ කතා මාලාවේ 15 සහ 16 කොටස් සමඟිනුයි මේ එකතු වෙන්නේ. කමාන්ඩර් ඇඩ…

Berserk S01 Sinhala SubtitlesBerserk S01 Sinhala Subtitles

1997 දී නිකුත් වී Dark Fantasy, Epic Fantasy, Sword and Sorcery, Action, Adventure, Drama, Horror, Gore, Military සහ Seinen යන Genre කිහිපයටම අයත් වෙමින් All time Masterpiece එකක් බවට පත් වුනු Berserk ඇනිමෙ කතා මාලාවේ 15 සහ 16 කොටස් සමඟිනුයි මේ එකතු වෙන්නේ.

කමාන්ඩර් ඇඩොන්ගේ අණ යටතේ සොල්දාදුවන් ගට්ස් සහ කැස්කා හොයන්න කැලයට ඇවිත් තිබුනා. පර්වතයෙන් වැටිල බේරුනත් ටියුඩර් හමුදාවෙන් බේරෙන එක නම් ලේසි වුනේ නෑ. ගට්ස් කැස්කා දෙන්නා හමුදාවට හසු වුනත්, කැස්කාට පැනල යන්න උදව් කරමින් ගට්ස් කඩුව අමෝරාගෙන සිය සතුරන් එක්ක සටන් කරනවා. අවසානයේදී කැස්කා තමන්ගෙ සඟයන් වෙතට ගියත් නැවතත් ගට්ස් සොයාගෙන එද්දි ඔහු ටියුඩර් මිනිස්සු සිය දෙනෙක්ව ඝාතනය කරල තිබුනා. ඇත්තටම ගණන සියයට අධික වුනත් ගට්ස්ටත් බරපතල තුවාල සිද්ධ වෙලා තිබුනා. ඉතින් මිනිස්සු සිය දෙනෙක් මරා දැමූ ගට්ස් කා අතරත් ප්‍රසිද්ධ වුනා.

සර් ඇඩොන් තාමත් සටනින් මිය ගියේ නෑ. හැබැයි ඇඩොන්ගේ උකුසු කල්ලි දඩයම ඉවරත් නෑ. ඒ අතරේ ගට්ස්ගේ තුවාල හොඳ වෙමින් ඉන්න අතරේ තවත් යුද්ධයකට සැලසුම් සකස් වෙනවා. මේ යුද්ධය අවුරුදු සීයක් තිස්සේ පැවතුනු එකක්.හැබැයි මේ රාජ්‍යය යටත් කරගන්න තාමත් කාටවත් හැකි වෙලා නෑ. ඒ තමයි ඩොල්ඩ්‍රි රාජ්‍යය. මේ රාජ්‍ය කාරණා කිහිපයක් නිසා විශේෂ එකක්. එකක් තමයි ඇඩොන්ගෙ ප්‍රධානියා වෙන, ප්‍රබල අපරාජිත නයිට්වරුන් කණ්ඩායමක අණ දෙන නිළධාරී බොස්කොන් විසින් මේ සටනට අණ දෙන එක. තවත් එකක් තමයි මේ සටන ග්‍රිෆිත් සම්බන්ධ එක්තරා අතීත සිදුවීමක් එක්ක සම්බන්ධ වෙන එක. මොකක්ද ඒ සටන? මේ සටන මොන විදිහට සිද්ධ වේවිද? නරඹන්න එහෙනම් මේ කොටස් දෙක. Berserk කතා මාලාවේ 17 සහ 18 කොටස් වලින් මීළඟට හමුවෙමු.

Berserk S01 Sinhala Subtitles

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

543 downloadsDownload Berserk-1997-S01-E15-E16-Sinhala-Subtitles.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1

Next BT1

 

Berserk S01 Sinhala Subtitles

Subtitles by

ලංකන් Weebs

Subtitles

543 downloadsDownload Subtitles28 KB

1 comment

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි.