Watch Trailer

Berserk (2016 – 2017) [S02 : E11 & E12] Sinhala Subtitles | ගිනි මතින් යන ගමන නැවතත්…. [සිංහල උපසිරසි] (18+)

Berserk S01 Sinhala Subtitles රුධිරය, ත්‍රාසය, භීතිය සහ අධිස්වාභාවිකත්වය මුසු වියරුවෙන් දැවුනු Berserk (2016) ට පසුව, එහි මීළඟ අදියර ලෙසින් මුළු කොටස් 12 ක් පුරා දිග හැරෙන Berserk (2017) ඇනිමෙ කතා මාලාවේ 11 සහ 12 කොටස් හෙවත් අවසාන කොටස් දෙක සමඟිනුයි මේ එකතු වෙන්නේ. ඒ අනුව අපි, Berserk (2017) කතාවට…

Berserk S01 Sinhala Subtitles

රුධිරය, ත්‍රාසය, භීතිය සහ අධිස්වාභාවිකත්වය මුසු වියරුවෙන් දැවුනු Berserk (2016) ට පසුව, එහි මීළඟ අදියර ලෙසින් මුළු කොටස් 12 ක් පුරා දිග හැරෙන Berserk (2017) ඇනිමෙ කතා මාලාවේ 11 සහ 12 කොටස් හෙවත් අවසාන කොටස් දෙක සමඟිනුයි මේ එකතු වෙන්නේ. ඒ අනුව අපි, Berserk (2017) කතාවට මූලාශ්‍ර වෙන Millennium Empire Arc ඇසුරෙන් නිර්මාණය වුනු ඇනිමෙ මාලාව අනුව, එහි අවසානයටත් ඇවිල්ලයි ඉන්නේ. Berserk (2016) න් ඇරඹී මේ වෙනකල් පැමිණි කතාව හුඟක් විනාශයන් වගේම ලේ වැගිරීම් එක්කයි ආවේ. ඉතින් ඉදිරියට මොකද වෙන්නෙ? අපි බලමු.

ආත්ම ගසේ වනාන්තරයේ මායාකාරියව විනාශ කරන්න ආපු අමනුෂ්‍ය හමුදාව එක්ක ගට්ස් තනියම මුහුණ දෙන්න ඉදිරිපත් වෙනවා. මුල ඉඳන්ම ගට්ස්ට උදව් වුනු ප්‍රධාන මායාකාරියගේ මරණය අභියසදී පවා ඇයගේ මිතුරෙක් වුනු වගේම ගට්ස්ගේද මිතුරෙක් බවට පත් වුනු ඇටසැකිලි නයිට්වරයාත් මේ සටනට එකතු වෙනවා. මීට පෙරාතුව ගොඩ් හෑන්ඩ් සාමාජික ස්ලෑන් කරපු තුවාල එක්ක ගට්ස්ට මේ සටන හුඟක් අසීරු එකක් බවට පත් වෙනවා. ඒ අනුව ප්‍රධාන මායාකාරියගේ උපදෙස් අනුව ඇයගේ ගෝල මායාකාරිය වෙන ෂීර්කෙ ගට්ස්ට මන්ත්‍ර බලය කවපු සන්නාහයක් පළඳවනවා. Berserker Armor එහෙමත් නැතිනම් වියරුවේ සන්නාහය කියල හඳුන්වන්න පුලුවන් මේ සන්නාහය නිසාවෙන් ගට්ස් පෙර නොවූ විරූ විදිහට අධිමානුෂික ශක්තියකින් සටන් කරනවා. මේ සටනත් ගට්ස් ජය ගන්න ආසන්නව තියෙද්දි මියයන ප්‍රධාන මායාකාරියගෙ පැමිණීම එක්ක ගට්ස් හැමෝමත් එක්කම ඒ වනාන්තරයෙන් පැනල යනවා.

ගට්ස් සහ ඔහුගේ අලුත් කණ්ඩායමට නොයෙක් දේවල් සිද්ධ වුනත්, රටේ සමහර තැන් තාමත් අඳුරේ ගිලිලයි තියෙන්නේ. සමහරෙක් සතුටින් ඉද්දි තවත් සමහරෙක් හැංගිලයි ජීවත් වෙන්නේ. ග්‍රිෆිත් හෙවත් සුදු උකුස්සාගේ පැමිණීම තාමත් හැම තැනකටම දැනිලා නැති හැඩක් තමයි පේන්නෙ. සැබෑවටම සුදු උකුස්සාගේ සැබෑ අභිප්‍රායන් මොනවද? ගට්ස්ගේ පළි ගැනිමේ සිතුවිල්ල ඒ ක්‍රෝධය වියරුව ග්‍රිෆිත් හා ගැටේවිද? අපි හිතන අවසානය දකින්න ලැබේවිද? ඒ අවසානය මොකක්ද? ගිනි මතින් ගට්ස් යන ගමන තවම අවසාන නෑ.

ඒ අවසානය අපිට ඒ විදිහට ඉතුරු කරන්නේ තවත් අසුභ පුවතක් ඉතුරු කරලයි. ඒ තමයි Kentaro Miura ගේ Berserk මන්ගාවේ කතාව ඇනිමෙ කතාවක් ලෙසින් ඉදිරියට ගෙන යාම මේ Berserk (2017) තුළින් අවසාන වෙන එක. මෙයින් පසුව සිද්ධ වෙන කතාවට ඇනිමෙ නිර්මාණයක් තවම නිකුත් වෙලා නෑ වගේම නිවේදනය කරලත් නෑ. බොහෝ දුරට මේ වගේ Masterpiece කතාවක් නැවතත් ඇනිමෙ එකක් ලෙසින් නරඹන්න ලැබෙන එකක් නැති වේවි. මෙයින් පසුව 2022 වසරෙදි Berserk The Golden Age Arc Memorial Edition නමින් ඇනිමෙ කතා මාලාවක් නිකුත් වුනත් එයින් අරන් එන්නේ අපි කලින් නරඹපු Golden Age Arc එකමයි. ඉතින් මේ Berserk (2017) අවසානයෙන් පසුව Berserk මන්ගාව කියවන එක තමයි ඔබට වඩාත් සාර්ථක විසඳුම වෙන්නේ. මෙතෙක් Berserk නරඹපු Berserk රසික ඔයා, කතාව ගැන තියෙන ඔයාගෙ අදහස වගේම උපසිරැසි මාලාව ගැන ඔයාගෙ අදහසත් පහළින් කියාගෙන යන්න අමතක කරන්න එපා. මීළඟට Berserk The Golden Age Arc Memorial Edition කතා මාලාවේ උපසිරැසි මද ප්‍රමාදයකින් අරන් එන බලාපොරොත්තුවෙන් සමුගන්නම්. එහෙනම් Happy Anime!

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා ගැලපේ.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

884 downloadsDownload Berserk-2016-2017-S02-E11E12-Sinhala-Subtitles.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1

 

Berserk S01 Sinhala Subtitles

Subtitles by

ලංකන් Weebs

Subtitles

884 downloadsDownload Subtitles28 KB

7 comments

  1. thevinu

    sub wedenam supiriyata karala thibba
    meken passe vinland saga eke sub aran enna puluwannda

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි.

  3. Anonymous

    okkoma tika baluwa, patta, thanx lots. thwa supiri anime tikak denna, jaya wewa........

  4. Anonymous

    meken passe vinland saga genna puluwanda

    1. Nirmal Vimukthi

      දැන් ඒකට සබ් දෙන ගමන් තියෙන්නේ සහෝ...

  5. dilsara

    Meken passe wath vinland saga gennako

  6. Dilshan

    Brother vinland saga ekatath ikmanata sub gemu neda