Watch Trailer

Berserk (2016 – 2017) [S02 : E09 & E10] Sinhala Subtitles | වියරුවෙන් ගිලගත් සන්නාහය [සිංහල උපසිරසි] (18+)

Berserk S01 Sinhala Subtitles රුධිරය, ත්‍රාසය, භීතිය සහ අධිස්වාභාවිකත්වය මුසු වියරුවෙන් දැවෙන Berserk (2016) ට පසුව, එහි මීළඟ අදියර ලෙසින් මුළු කොටස් 12 ක් පුරා දිග හැරෙන Berserk (2017) ඇනිමෙ කතා මාලාවේ 09 සහ 10 කොටස් සමඟිනුයි මේ එකතු වෙන්නේ. ඒ වගේම අපි Berserk (2017) කතාවට මූලාශ්‍ර වෙන Hawk of the…

Berserk S01 Sinhala Subtitles

රුධිරය, ත්‍රාසය, භීතිය සහ අධිස්වාභාවිකත්වය මුසු වියරුවෙන් දැවෙන Berserk (2016) ට පසුව, එහි මීළඟ අදියර ලෙසින් මුළු කොටස් 12 ක් පුරා දිග හැරෙන Berserk (2017) ඇනිමෙ කතා මාලාවේ 09 සහ 10 කොටස් සමඟිනුයි මේ එකතු වෙන්නේ. ඒ වගේම අපි Berserk (2017) කතාවට මූලාශ්‍ර වෙන Hawk of the Millennium Empire Arc හි අවසානයටත් ළං වෙමිනුයි ඉන්නේ. අපි බලමු මොකද වෙන්නෙ කියලා.

ගමට එල්ල වුනු ආත්ම රාජධානියේ රාක්ෂයින්ගේ ප්‍රහාරයට ෂීර්කෙ තමන්ගෙ මැජික් බලයෙනුත් ගට්ස් තමන්ගෙ දැවැන්ත අසිපතෙනුත් සාර්ථකව මුහුණ දෙනවා. දෙන්නගේම හැකියාවන් නිසා හැමෝම පුදුම වෙනවත් එක්කම සිද්ධ වුනේ තවත් කරදරයක්. ඒ තමයි ෂීර්කෙගේ මැජික් වලින් ඇති කරපු ගං වතුරට ෆර්නෙස් සහ කැස්කා වැටිලා ගහගෙන ගිය එක. ඊට පස්සෙ එයාලව හොයාගෙන යන ගට්ස් ප්‍රමුඛ අනිත් අයට දිව්‍යමය රාජධානියේ කොටසකට අවතීර්ණ වෙන්න ලැබෙනවා. ඒ ඇතුලේ හිටපු ෆර්නෙස් කැස්කා දෙන්නාව හොයාගෙන බේරගන්න ෂීර්කෙ සහ ඉසිදොරෝ සමත් වෙනවා. හැබැයි ගට්ස්ට මෙතනදී මීට කලින් ග්‍රිෆිත්ගේ සූර්යග්‍රහණයේදී මුණ ගැහුනු ප්‍රබල එදිරිවාදියෙක්ව මුණ ගැහෙනවා. ක්ලිෆොත් හෙවත් අන්ධකාරයේ ගර්භාෂය කියල හඳුන්වන මේ තැනේදි හම්බ වුනේ ගොඩ් හෑන්ඩ් එකේ සාමාජිකයෙක් වෙන ස්ලෑන්. තමන්ගේ වසඟයට ගනිමින් ගට්ස්ව මරා දමන්න ස්ලෑන් සූදානම් වුනත් ඇටසැකිලි නයිට්වරයාගේ පැමිනීම නිසාවෙන් ගට්ස්ට ස්ලෑන්ගෙන් බේරෙන්න පුලුවන් වෙනවා.

දැන් හැමෝම ආයෙත් එකතු වෙලයි ඉන්නෙ. හැබැයි කරදරවල නිමක් නම් නෑ. වනාන්තරයේ ඉන්න මායාකාරියට කරදයක් වෙනවා. මේ වතාවෙ සැඟවුනු මන්දිරයට එන්නේ ග්‍රිෆිත්ගේ රණශූරයො. මේ සිදුවීමට ඇටසැකිලි නයිට්වරයාත් ගට්ස්ගේ පැත්තෙන් එකතු වෙලයි ඉන්නෙ. මේ නිසා ගට්ස්ට මෙතෙක් හමු නොවුනු තවත් ප්‍රබල එදිරිවාදියෙක් හමු වෙනවා. නොමිනිසුන්ගෙන් ඇරඹුනු උකුස්සාගේ කල්ලියේ සාමාජිකයින්ට ගට්ස් සහ කණ්ඩායම මුහුණ දෙන්නෙ කොහොමද? ඒ වගේම මේ කොටස් දෙක විශේෂ කොටස් දෙකක්. ගට්ස්ගේ මෙතෙක් අපි නොදැකපු Berserker Armor එක දකින්න ලැබෙන්නෙ මේ කොටස් වලින්. ඒකත් එක්ක දරුණුම සටනක් දකින්න පුලුවන් වෙනවා. දැන් තමයි කතාවේ හොඳම සිදුවීම් මාලාව ඇරඹෙන්නේ. නරඹන්න එහෙනම්. දැන් අපි Berserk (2017) කතා මාලාවේ අවසානයට අපි හුඟක්ම ළං වෙලයි ඉන්නේ. 11 සහ 12 හෙවත් අවසාන කොටස් දෙකෙන් මීළඟට අපි හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා ගැලපේ.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

496 downloadsDownload Berserk-2016-2017-S02-E09E10-Sinhala-Subtitles.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1

Next BT1

 

Berserk S01 Sinhala Subtitles

Subtitles by

ලංකන් Weebs

Subtitles

496 downloadsDownload Subtitles25 KB

0 comments

No comments yet.