Watch Trailer

Castlevania: Nocturne [S01 : E01 & E02] Sinhala Subtitles | වැම්පයර්වරුන්ගේ ගැළවුම්කාරයා… [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම? මේ අරගෙන එන්නේ වැම්පයර් රසිකයින්ට බොහොම ආසාවෙන් නරඹන්න පුළුවන් කතාවක්. Netflix හරහා විකාශය වුණු මේක නමින් Castlevania: Nocturne. මේක 2017 වසරේ නිකුත්වුණු Castlevania සීරීස් එකේම spin-off එකක් විදියට තමයි නිකුත් කරලා තියෙන්නේ. හැබැයි මේකෙ කතාව තේරුම්ගන්න ඒක බලන්න අත්‍යවශ්‍ය නැහැ. මොක…

 

කොහොමද හැමෝටම? මේ අරගෙන එන්නේ වැම්පයර් රසිකයින්ට බොහොම ආසාවෙන් නරඹන්න පුළුවන් කතාවක්. Netflix හරහා විකාශය වුණු මේක නමින් Castlevania: Nocturne. මේක 2017 වසරේ නිකුත්වුණු Castlevania සීරීස් එකේම spin-off එකක් විදියට තමයි නිකුත් කරලා තියෙන්නේ. හැබැයි මේකෙ කතාව තේරුම්ගන්න ඒක බලන්න අත්‍යවශ්‍ය නැහැ. මොකද මේක නිෂ්පාදනය කරල තියෙන්නේ stand-alone series එකක් විදියටයි. එපිසෝඩ් 8කින් සමන්විත මේ සීරීස් එක IMDb දර්ශකයේ 7.6ක අගයක් ගන්නත් Rotten Tomatoes දර්ශකයේ 100%ක අගයක් ගන්නත් සමත්වෙලා තියෙනවා. ඉතින් සුපිරි කතා මාලාවක් බව ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙද.

කතාව ගෙතිලා තියෙන්නේ වැම්පයර් දඩයක්කාරයන් පවුලක් වන බැල්මොන්ට් පවුල වටා. හරියටම කියනවා නම් රික්ටර් බැල්මොන්ට් කියන බැල්මොන්ට් පවුලේ පුතා වටා. කතාව සිද්ධ වෙන්නේ 1700 සියවසේ අග භාගයේ ප්‍රංශයේදී. ඒ කියන්නේ ප්‍රංශ විප්ලවය අතරතුර තමයි කතාව ගලාගෙන යන්නේ.

රික්ටර් බැල්මොන්ට් කියන්නේ තමන්ගේ පවුලේ අනිත් අය වගේම වැම්පයර් හන්ටර් කෙනෙක්. එයා ජීවත් වෙන්නේ එයාගේ adoptive sister වන මරියා එක්ක ප්‍රංශයේ. ඉතින් එහේ වැම්පයර් ගහනය එන්න එන්නම වැඩි වේගෙන එනවා. මේ දෙන්නා සැක කරන්නේ එයාලගෙ ප්‍රදේශයේ තියෙන ප්‍රධාන වළව්වේ හෙවත් “ෂැටෝව් එකේ” වැම්පයර්ලා රැස්වීම් පවත්වන බවට. මේ අතරේ එයාලා දැනගන්නවා “වැම්පයර්වරුන්ගේ ගැළවුම්කාරයා” නමින් හඳුන්වන කෙනෙකුගේ ආගමනය පිළිබඳව. ඔහු පැමිණෙන දවසට “ආලෝකය ගිලගන්නා” නමින් හඳුන්වන කෙනෙක් සූර්යයා ගිලගෙන සියලුම මිනිසුන්ව මරනවා කියලා මෙයාලා දැනගන්නවා. ඉතින් මොකක්ද මේ කතාවෙ තේරුම? කවුද මේ වැම්පයර්වරුන්ගේ ගැළවුම්කාරයා? කතාව බලලම හොයාගන්නකෝ.

එහෙනම් තුන්වැනි සහ හතරවැනි කතාංගවල උපසිරසි සමඟින් ඉක්මනින්ම හමුවෙමු. අදට සමුගන්නවා. පීස් ✌️.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,026 downloadsDownload Castlevania-S01-E01E02.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Castlevania: Nocturne Sinhala Subtitles, Castlevania: Nocturne , Castlevania: Nocturne Sinhala Subtitles

Next BT1

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

3,026 downloadsDownload Subtitles22 KB

7 comments

  1. Chamith

    Castlevania එකෙ හිටිය බැල්මොන්ට්මද මේ

    1. Hiran Ganepalla

      නැහැ, ට්‍රෙවර් බැල්මොන්ට් මේකේ නෑ. බැල්මොන්ට් පරම්පරාවේ වෙන අය මේ කතාවේ ඉන්නවා

  2. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි සනුප මලේ!

  3. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  4. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Kasun Devinda

    S2 ekatath sub dila meka complete karannako bro