Watch Trailer

Castlevania: Nocturne [S01 : E03 & E04] Sinhala Subtitles | ඇනෙට් සහ එඩුවා [සිංහල උපසිරසි]

Castlevania: Nocturne [S01 : E03 & E04] Sinhala Subtitles ඉතින් මේ අරගෙන එන්නේ Castlevania: Nocturne කතාමාලාවේ තුන්වන සහ හතරවන කොටස්වල සිංහල උපසිරසි. මුල් කොටස් දෙක බැලුවා නම් කට්ටිය මේක බලන්න ඉවසිල්ලක් නැතුව ඇත්තේ. ඔව්, කතාවේ හැටියට ඒක සාධාරණයි. බලන්න ගත්තහම එකදිගට බලාගෙන යන්න පුළුවන් කතා මාලාවක්…

 

Castlevania: Nocturne  Sinhala Subtitles

Castlevania: Nocturne Sinhala Subtitles

ඉතින් මේ අරගෙන එන්නේ Castlevania: Nocturne කතාමාලාවේ තුන්වන සහ හතරවන කොටස්වල සිංහල උපසිරසි. මුල් කොටස් දෙක බැලුවා නම් කට්ටිය මේක බලන්න ඉවසිල්ලක් නැතුව ඇත්තේ. ඔව්, කතාවේ හැටියට ඒක සාධාරණයි. බලන්න ගත්තහම එකදිගට බලාගෙන යන්න පුළුවන් කතා මාලාවක් මේක.

පසුගිය කොටස්වලින්…

මුල් එපිසෝඩ් එකේදී අපිට බැල්මොන්ට් පවුල හඳුන්වා දුන්නා. දැනට පවුලෙන් ඉතුරු වෙලා ඉන්නේ දෙන්නයි කියලා තමයි පේන්නේ. ඒත් එපිසෝඩ් එක මුලදිම රික්ටර් බැල්මොන්ට්ගේ අම්මාව වැම්පයර් කෙනෙක් විසින් මරා දැමීමත් එක්ක බැල්මොන්ට් පවුලේ ජීවතුන් අතර ඉන්න සංඛ්‍යාව එකක් බවට පත් වෙනවා. අවුරුදු 9කට පස්සේ අපි දකිනවා රික්ටර් බැල්මොන්ට්, මරියා සහ ඇගේ අම්මා එක්ක ප්‍රංශයේ මිෂ්කූල් පෙදෙසේ වැම්පයර්ලා දඩයම් කරමින් ජීවත් වෙනවා. මරියා ප්‍රංශ විප්ලවයේ ක්‍රියාකාරී සාමාජිකාවක්. එයාලගේ රැස්වීම් කඩාකප්පල් කරන්න එන වැම්පයර්වරුන් හරහා එයාලා දැනගත්තනේ “වැම්පයර්වරුන්ගේ ගැළවුම්කාරයා” හෙවත් “ආලෝකය ගිලගන්නා” ගැන. එපිසෝඩ් එක අවසාන වුණේ Night Creatures හෙවත් “නිශාදාසයන්ගේ” පහරදීමත්, ඒත් එක්කම අපට “ඇනෙට්” සහ “එඩුවා” නම් අලුත් චරිත දෙකක් හඳුන්වා දීමත් සමඟයි.

දෙවෙනි එපිසෝඩ් එකේදි අපි දැනගන්නවා ඇනෙට් සහ එඩුවා ගැන තව විස්තර. ඒවගේම ඒකෙදි අපට හෙළි වෙනවා මරියාගේ අම්මගේ අඳුරු අතීතය. ඒ, ඩොල්ටා ට්‍රන්ටස් නම් වැම්පයර්වරිය මැෂ්කූල්වලට පැමිණීමත් එක්කයි. එපිසෝඩ් එකේදි සිදු වුණු අමතක නොවන සිදුවීම තමයි ෂැටෝව් එකට රැස් වෙන වැම්පයර්වරු ගැන ඔත්තු බලන්න ගිය වෙලාවේ එයාලට අහුවෙන් එඩුවාව මරා දැමීම, සහ එයාව නිශාදාසයෙක් බවට පත් කිරීම.

ඉතින් කතාව එන්න එන්නම exciting පැත්තකට ගලාගෙන යනවා. එහෙනම් මේ එපි දෙක බලන්නකෝ. ඉතුරු එපි හතරේ උපසිරසි අරගෙන ඔයාලව හමුවට එන්නේ හිරාන් එරන්ද සහෝදරයා. එහෙනම් සීරීස් එක උපසිරසි ගන්වන්න කළ ආරාධනාවට හිරාන් අයියට ස්තුති කරමින් මගේ ඩියුටිය අහවරක් කරනවා. තවත් උපසිරසියකින් ඉක්මනින්ම හමුවෙමු. පීස් ✌️.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,336 downloadsDownload Castlevania-Nocturne-S01-E03E04-Sinhala-Subtitles.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Castlevania: Nocturne Sinhala Subtitles, Castlevania: Nocturne , Castlevania: Nocturne Sinhala Subtitles

Next BT1

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

2,336 downloadsDownload Subtitles22 KB

4 comments

  1. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  2. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Kasun Devinda

    S2 ekatath sub dila complete karannako