Chainsaw Man – The Movie: Reze Arc (2025) Sinhala Subtitles යෝ weebs ️, එහෙනම් ඔන්න 2025 වසරෙ නිකුත් වුනු අතිශය තීරණාත්මක ඇනිමේ චිත්‍රපට අතරින් එකක් වුනු Chainsaw Man The movie Reze Arc (Gekijo-ban Chenso Man Reze-hen) චිත්‍රපටයෙ WEB පිටපත් හදිස්සියේම අන්තර්ජාල වෙත නිකුත් කිරීමට MAPPA Studio ඇතුළු…

Chainsaw Man – The Movie: Reze Arc (2025) Sinhala Subtitles
යෝ weebs ️, එහෙනම් ඔන්න 2025 වසරෙ නිකුත් වුනු අතිශය තීරණාත්මක ඇනිමේ චිත්‍රපට අතරින් එකක් වුනු Chainsaw Man The movie Reze Arc (Gekijo-ban Chenso Man Reze-hen) චිත්‍රපටයෙ WEB පිටපත් හදිස්සියේම අන්තර්ජාල වෙත නිකුත් කිරීමට MAPPA Studio ඇතුළු කාර්ය මණ්ඩලය තීරණය කරලා තියෙනවා. ☝️ ඉතින් හැකි ඉක්මනින් මේ චිත්‍රපටයට උපසිරැසි ලබාදෙන්න කටයුතු කලෙත් මේක ප්‍රමාද නොකරම බැරි බොක්ස් ඔෆිස් වාර්තා පවා තියපු දැවැන්තම සිනමා පටයක් නිසාවෙන්මයි!

(Chainsaw Man Reze Arc Movie නිල පෝස්ටරය)
ඔයා මේ චිත්‍රපටයට නරඹනවා නම් Chainsaw Man ඇනිමේ series එක අනිවාර්යෙන්ම නරඹලා තියෙන්න ඕන. මොකද මේක මුල් කතාවට සෘජුවම සම්බන්ද ඉදිරි කොටසක්. සීරිස් එක නරඹන්න ඔයාලට අපේ පවිත් සහෝ කරපු උපසිරැසි බයිස්කෝප් වෙබ් අඩවියෙන්ම Download කරගන්න පුළුවන්.
චිත්‍රපටයේ පසුබිම –
පසුබිම ගැන කියනවා නම් සුප්‍රසිද්ධ ජපන් මංගා ශිල්පියෙකු වෙන Tatsuki Fujimoto ගෙ Chainsaw Man මන්ගා කතා මාලාවෙ වෙළුම් 5 සහ 6 ”Public Safety Saga ”(Bomb Devil Arc) ඇසුරින් නිර්මාණය කරන ලද්දක්. මන්ගා කතාමාලාව පවා අලෙවිකරණ වාර්තා පිහිටුවපු විශිෂ්ට මට්ටමේ නිර්මාණයක්.

පිහිටුවන ලද වාර්තා:
බොක්ස් ඔෆිස් වාර්තා (Box office Success) වලට අනුව මෙම චිත්‍රපටය ලොවපුරා ප්‍රදර්ශනය කිරීමෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 180(USD)ක දැවැන්ත ආදායමක් උපයා ගන්න සමත්වෙලා තියෙනවා. ඒ ජපන් ඇනිමේ ඉතිහාසයේ වැඩියම ආදායම් උපයපු චිත්‍රපට අතරට පවා ඇතුලත් වෙලා. මේ අතිශය සාර්ථකත්වයට ගොඩක්ම හේතුවෙලා තියෙන්නෙ Animation සහ Storytelling, Music and Sound track අතර තිබෙන ගුණාත්මක බව කිව්වොත් නිවැරදියි.
ප්‍රධාන චරිත සහ හඬකැවීම් ශිල්පීන්.(නව)

(Reina Uedae) (Reze:රෙසේ)

බීම් (Shark Fiend) (Natsuki Hanae)
නිශ්පාදන හා කාර්ය මණ්ඩලය:
මෙම සිනමා පටයෙ අතිශය සාර්ථකත්ව පිටුපස සිටින දැවැන්තයින් ගැන සඳහන් කරද්දි…
අධ්‍යක්ෂණය- Tatsuya Yoshihara, තිර රචනය – Hiroshi Seko, සංගීතය-Kensuke Ushio.
නිශ්පාදනය- සුප්‍රසිද්ධ ජුජුට්සු කයිසෙන්, ඇටෑක් ඔන් ටයිටන්, වින්ලෑන්ඩ් සාගා වැනි අතිශය සාර්ථක නිර්මාණ සහ උසස් තත්ත්වයේ Animation තුලින් ඇනිමේ ප්‍රජාව තුළ කීර්තියක් ගොඩනගාගෙන සිටින MAPPA ස්ටූඩියෝව.
බෙදාහැරීම – ජපානයේ Toho සමාගම සහ Sony Pictures විසින් Crunchyroll Streaming සේවාව හරහා ලොව පුරා නිල වශයෙන් විකාශය කරනු ලබයි.
කතාව ගැන කෙටියෙන්:
මේක ඇවිල්ලා නිකම්ම Action චිත්‍රපටයක් විවිතරක්ම නෙවෙයි Dark fantasy, Romance සහ Comedy එකට Mix වුනු අපූරුම සිනමා නිර්මාණයක්.
කතාව ගෙතෙන්නෙ දුප්පත් කමේ පතුලටම වැටිලා කෑමට ගතමනාවක් හොයාගන්න “ඩෙවිල් හන්ටර්” කෙනෙක් විදියට වැඩකරන අවුරුදු 16ක ඩෙන්ජි කියලා කොල්ලෙක් වටේ. ඉතින් Series එක නරඹපු අයට කතාව අමුතුවෙන් හඳුන්වන්න ඕනෙ නෑ කියලා හිතනවා. චිත්‍රපටය ගැන කියද්දි කතාවෙ ප්‍රධාන චරිතය වුනු ඩෙන්ජිට අහඹු සිදුවීමකින් Reze(රෙසේ) කියලා ලස්සන ගැහැණු ළමයෙක්ව මුණගැහෙනවා. එතනින් එහාට කතාව ගලාගෙන යන්නෙ මේ දෙන්නා අතර සිදුවන සිදුවීම් අතර. ඉතින් මේ ලස්සන ගැහැණු ළමයා පිටිපස්සෙ සැඟවිලා තියෙන කතාව මොකක්ද? ඇත්තටම මේ හමුවීම අහම්බයක් විතරද? ඩෙන්ජිට මෙයා එක්ක තියෙන බැඳීම මොකක්ද? දැනගන්න කතාව නරඹන්න ඔයාලට ආරාධනා කරනවා…
“I’m not a Devil… just a boy with a chainsaw heart.”
“Ore wa akuma janai… chenso no kokoro o motsu shōnen da”
මා යක්ෂයකු නොවේ… චේන්සෝ හදවතක් ඇති කොල්ලෙකු පමනි.” (Denji)
මිනිත්තු 100ක් (1h:40m) පුරාවට දිවෙන මේ සිනමා පටය ඔයාලට කාලෙකට අමතක නොවන වෙනස්ම අත්දැකීමක් වෙන බව නම් නිසැකයි!
ලංකන් Weebs වෙනුවෙන්- සඳක මලීෂ✍️
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
2,608 downloadsDownload Chainsaw-Man-The-Movie-Reze-Arc-2025.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- Action
- Thriller
- Adult
- Sinhala Subtitles
- Adventure
- Fantasy
- Anime
- Suspense
- Adult Animation
- Hand-Drawn Animation
- Shonen
- Teen Fantasy
- Teen Romance
- #Ai Fairouz
- #Box Office Hits
- #Chainsaw Man The Movie Reze Arc
- #Hiroshi Seko
- #Jeramey Kraatz
- #Kenjirô Tsuda
- #Kikunosuke Toya
- #Maaya Uchida
- #MaxxA
- #Reina Ueda
- #Shiori Isawa
- #Shogo Sakata
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #Tatsuki Fujimoto
- #Tatsuya Yoshihara
- #Tomori Kusunoki
- #Tomoyo Kurosawa
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
3 comments
buddika
Anonymous
Thanks
Anonymous
Tnx ❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
thank u ikmanata dunnata