Watch Trailer

Kuttram Purindhavan: The Guilty One [S01: E01] Sinhala Subtitles | පලමු ලේ පැල්ලම [සිංහල උපසිරසි]

Kuttram Purindhavan: The Guilty One Sinhala Subtitles සුභ දවසක් වේවා බයිස්කෝප්වාසි සියළු දෙනාටම. අද මං අරගෙන එන්නේ දමිල වෙබ් කතා මාලාවක පලමු කතාංගයේ උපසිරැසිය අරගෙන. සමාජ මාධ්‍ය ඒ වගේම යූ ටියුබ් වලිං මේ සීරිස් එක ගැණ ගොඩාක් හොද ප්‍රතිචාර තිබුනා. ජීතු ජෝෂෆ් ගේ ඩ්‍රිෂ්‍යම් එහෙම නැත්නං අපේ සිංහල ෆිල්ම…

Kuttram Purindhavan: The Guilty One Sinhala Subtitles

සුභ දවසක් වේවා බයිස්කෝප්වාසි සියළු දෙනාටම. අද මං අරගෙන එන්නේ දමිල වෙබ් කතා මාලාවක පලමු කතාංගයේ උපසිරැසිය අරගෙන.

සමාජ මාධ්‍ය ඒ වගේම යූ ටියුබ් වලිං මේ සීරිස් එක ගැණ ගොඩාක් හොද ප්‍රතිචාර තිබුනා. ජීතු ජෝෂෆ් ගේ ඩ්‍රිෂ්‍යම් එහෙම නැත්නං අපේ සිංහල ෆිල්ම් එක ධර්ම යුද්ධය මට්ටමේ සීරිස් එකක් කියලා තිබුනා, ඉතිං ඒ කුතුහලයට මේ සීරිස් එක බලන්න අරගෙන මේක ඉස්සරහට කරගෙන යන්න හිතුනා. 

මේ සීර්ස් එකේ එපිසෝඩ් 7 ක් තියෙනවා. මේ සීරිස් එක අධ්‍යක්ෂණය කරන්නේ Selvamani Muniyappan විසින්. ඒ වගේම Pasupathy, Vidharth, Lakshmi Priyaa, Chandramouli කියන නළු නිලියන් මේ සීරිස් එකේ රග පානවා. මෙතනින් පසුපතිගේ රංගනය නං අති විශිෂ්ඨ විශියට තියෙනවා. 

මං මේ එපිසෝඩ් එකේ කතාව ගැන ස්පොයිල් නොකර කතාව ගැන සාමාන්‍යෙන් කියන්නම්. බාස්කරන් කියන්නේ රෝහල් සේවකයෙක්. එයාගේ මුණුබුරාට නිතර නිතර සිහි නැති වෙන රෝගයක් තියෙනව, ඉතිං මේක හොද කරන්න සැත්කමක් කරන්න වෙනවා. ඉතිං බාස්කරන්ගෙ විශ්‍රාම සල්ලි මේ මුනුබුරාගේ සැත්කමට යොදවන්න ගොඩාක් වෙහෙස දරනවා. 

ඉතිං මෙ අතරතුර ඔහුගේ අසල්වාසියෙක් වන එස්තරගේ සැමියා මිය ගිහිල්ලා, එයාගෙ දුවත් අතුරුදහන් වෙලා කියල දැනගන්නවා. ඉතිං එතන ඉදලා කතාව ඔයාලා බලලාම රසවිදින්න කියලා ආරාධනා කරනවා.

එහෙම නං ඊලග උපසිරැසියෙන් අපි හමුවෙමු. එහෙනං සුභ දවසක් වේවා!   

Kuttram Purindhavan: The Guilty One Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

1,120 downloadsDownload Kuttram-Purindhavan-2025-S01EP01.zip25 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Kuttram Purindhavan: The Guilty One Sinhala Subtitles

All BT1

Next BT1

Subtitles by

රවිඳු හේෂාන්

Subtitles

1,120 downloadsDownload Subtitles25 KB

4 comments

  1. Randil Senavirathna

    the legend of korra eke s1 eka aye upload krnnako

  2. Buddhika laKMal

    ස්තූතියි රවිදු සහෝ මේකට සබ් දුන්නට

  3. Roshan Shameera

    පටන්ගත්තා එහෙනම් නේහ්..
    නියමයි..
    උපසිරසියට ස්තූතියි සහෝදරයා..
    ජය වේවා !!

  4. මිලින්ද

    Thanks