හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් අද මම, 2026 වසරේ මැයි 06 නිකුත් වුණ Citadel කතා මාලාවේ දෙවන කතා සමයේ පලවෙනි කතාංගයට සිංහල උපසිරසිය අරගෙන ආවා. මේ සීසන් එක එපිසෝඩ් 7 කින් සමන්විත වෙනවා. පලමු කතා මාලාවේ අවසානය මතකද? මේසන්, කාටර් සහ නාඩියා තමන්ගේ දියණිය වන ආශාව බේරාගැනීම වෙනුවෙන් මැන්ටිකෝර් නියෝජිතයන් සමඟ එකඟ…

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් අද මම, 2026 වසරේ මැයි 06 නිකුත් වුණ Citadel කතා මාලාවේ දෙවන කතා සමයේ පලවෙනි කතාංගයට සිංහල උපසිරසිය අරගෙන ආවා. මේ සීසන් එක එපිසෝඩ් 7 කින් සමන්විත වෙනවා.
පලමු කතා මාලාවේ අවසානය මතකද?
මේසන්, කාටර් සහ නාඩියා තමන්ගේ දියණිය වන ආශාව බේරාගැනීම වෙනුවෙන් මැන්ටිකෝර් නියෝජිතයන් සමඟ එකඟතාවයකට එනවා. මේ වෙනුවෙන් එයාලට පැසිෆික් සාගරයේ තියෙන සබ්මැරීනයක ඇති න්‍යෂ්ටික මිසයිලවල ‘කෝර්’ (cores) කොටස් ලබා ගන්න සිදුවෙනවා. බර්නාඩ් ලබාදුන්න කේතයන් තිබුණත්, මේසන්ගේ ජීව විද්‍යාත්මක දත්ත නැතිව ඒ සබ්මැරීනයට ඇතුළු වෙන්න මැන්ටිකෝර් එකට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
ඩාලියා තම සමීපතම සගයා වන ඩේවික්ව මේ මෙහෙයුමට එවන්නේ මේසන් ලවා එම කොටස් ලබාගෙන පස්සේ එයාව මරා දාන්න වුනත්, ඩේවික්ට තිබුණේ වෙනස්ම සැලසුමක්. තමන්ගේ සහෝදරයාව මැරුවේ ඩාලියා බව දැනගන්නා ඩේවික්, න්‍යෂ්ටික මිසයිල මැන්ටිකෝර් මූලස්ථානය වෙත එල්ල කරමින් ඩාලියාට තර්ජනය කරනවා. එයාට මැන්ටිකෝර් ආයතනය තුළ ඉහළ තනතුරක් ලබා දුන්නොත් විතරක් ප්‍රහාරය නතර කරන බව එයා කියනවා.
මේ අතරතුර නාඩියා ගුවන් යානය තුළ හිටපු නියෝජිතයන් මරා දමලා සබ්මැරීනය වෙත පනින අතර, කාටර්ගේ උදව්වෙන් සිහිසුන්ව සිටි මේසන්ව අවදි කරගන්නත් ඒ අයට පුලුවන් වෙනවා. නාඩියා සහ මේසන් එක්ව ඩේවික්ව පරාජය කරලා අවසාන මොහොතේ එම මිසයිල කොටස් ලබා ගැනීමට සමත් වෙනවා. ඊට පස්සේ මේ අය වැලෙන්සියා වෙත යන්නේ තම දියණියව බේරාගැනීමටයි.
එහිදී සිදුවන වෙඩි හුවමාරුව අතරතුර ආශාව පාලමෙන් පහළට වැටෙන්නට යන විට මේසන් ඇයව අල්ලාගෙන බේරා ගන්නවා. වසර අටකට පසු නාඩියා සහ ආශා නැවත එක්වෙන අතර, තම මෙහෙයුම අසාර්ථක වීම නිසා මැන්ටිකෝර් සංවිධානයෙන් තමන්ට මරණ දණ්ඩනය හිමිවන බව දන්නා ඩාලියා තමන්ගේ නිවස පුපුරුවා හැරලා රහසිගතව පැනලා යනවා.
අද කතාංගයට ආරම්භයක්….
ලොකු සල්ලි කාරයෙක්ට ඕන වෙනවා, එයාගේ විශේෂිත මෙහෙයුමකට, සුවිශේෂි ඝාතයෙක්ව නිර්මාණය කරන්න. එයා මේ වැඩේට උදව් ගන්නේ ඒ විශය සම්බන්ධ සුපිරි වැඩ්ඩෙක්ගෙන්. ඉතිං ඒ වැඩ්ඩා කවුරු වෙයිද? බලලම දැන ගන්න කෝ.
- කොටසකගේ නම: Baked Alaskas
- ධාවන කාලය: මිනිත්තු 49
- අධ්‍යක්ෂණය: Joe Russo
- තිර රචනය: David Weil සහ Kennedy Edmonds
- IMDb අගය: 6.8/10
- මුලින් විකාශය වූ දිනය: 2026 මැයි 06
එහෙනම් දෙවන කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
335 downloadsDownload Citadel-S02E01.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිශාන් සමීර
Subtitles
4 comments
Buddhika laKMal
නිශාන් සමීර
❤️❤️❤️
Sandaru Nimsara
Thanks
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Citadel [S02 : E01] Sinhala Subtitles | මනස පාලනය කල හැකි ඝාතකයා… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/05/Citadel-S02.jpg)



මේකට සබ් දෙන්න පටං ගත්තට තෑන්ක්ස් මචං