හරි ඔන්න එහෙනම් සිටඩෙල් අවසාන කොටසට අදාල උපසිරැසියත් ඔයාලට දෙන්න තමයි ආවෙ. ඇත්තටම මම කාලයක් උපසිරැසිකරණයෙන් ඉවත් වෙලා හිටියෙ රැකියාවෙ තියන කාර්යබහුල බව නිසාම. ඉතිං ඔහොම ඉන්නකොට ඔලුව පොඩ්ඩක් වෙන දේකට යොදවන්න මට ලොකු උවමනාවක් ආවා හේතු කිහිපයක්ම නිසා. ඉතිං මම විමාට මැසේජ් එකක් දාලා 2023 මැයි 19 වෙනිදා…

හරි ඔන්න එහෙනම් සිටඩෙල් අවසාන කොටසට අදාල උපසිරැසියත් ඔයාලට දෙන්න තමයි ආවෙ. ඇත්තටම මම කාලයක් උපසිරැසිකරණයෙන් ඉවත් වෙලා හිටියෙ රැකියාවෙ තියන කාර්යබහුල බව නිසාම. ඉතිං ඔහොම ඉන්නකොට ඔලුව පොඩ්ඩක් වෙන දේකට යොදවන්න මට ලොකු උවමනාවක් ආවා හේතු කිහිපයක්ම නිසා. ඉතිං මම විමාට මැසේජ් එකක් දාලා 2023 මැයි 19 වෙනිදා ඇහුවා “සිටඩෙල් දෙනවද” කියලා, “නෑ බං” කියලා රිප්ලයි එක ආවම මගෙ උත්තරේ උනේ “දෙමුද” කියන එක. ඉතිං “එහෙනම් කරපං” කිව්වට පස්සෙ 20 වෙනිදා පටන් ගත්ත වැඩේ 24 වෙනිදා වෙද්දි ඉවරයක් කරගන්න පුළුවන් උනා.
මොකද මම වැඩේට බහිද්දි මේකෙ කොටස් පහක්ම නිකුත්වෙලයි තිබුනෙ. ඇත්තටම අපි ටාගට් කලේ අන්තිම එපිසෝඩ් එක එද්දි මුල් කොටස් වලට අදාල සියලු උපසිරැසි දීලා ඉවර කරලා අවසාන කොටසෙ උපසිරැසියත් සෙනසුරාදා වෙද්දි දීලා දාන්න. ඒත් ඉතිං මොකක්ද කරුමෙකට වෙබ් අඩවිය නොසිතු පරිදි අඩාල වුනා. ඇත්තටම පොඩ්ඩක් අවුල් ගියා කිව්වොත් හරි, මොකද දවස් පහෙන් වගේ කලින් කොටස් සේරගෙම උපසිරැසි ඉවර කලා දෙන්නම හිතාගෙන. මොනා කරන්නද ඉතිං නේද, හැමදේම වෙන්නෙ හොදටයි කියලා සයිට් එක ගොඩ එන මේ වෙලාවෙ ඔයාලා මේක කියවනවා කියන්නෙ ඔයාලට උපසිරැසි සේරම ලැබිලා ඉවරයි කියන එක.
ඕක තමා සිටඩෙල් කතා මාලාව ඔයාලට අරගෙන එන්න මුල් වුන කතා වස්තුව. හරි දැන් ඉතිං ආයෙ පසුගිය කොටස මතක් කරන එකේ තේරුමක් නැහැ මොකද උපසිරැසි ටික එක ලග ලැබුන නිසා. ඒ නිසා මම ඔයාලට වෙන විස්තර ටිකක් කියන්නම්. ඔයාලා දන්නවනෙ සිටඩෙල් කතා මාලාව ලොකු වියදමක් දරලා නිර්මාණය කරපු කතා මාලාවක්. මම හිතන්නෙ ප්‍රයිම්ලා, රිංග් ඔෆ් පවර් එකට පස්සෙ තියන වැඩිම බජට් එකක් යොදවලා කරපු කතාව මේක. ඉතිං ඒ වගේ ගානක් වියදම් කරලා මෙයාලා මේක නවත්තන්නෙ නැහැනෙ. ඒ වගේම තමා මේක ලොකු යුනිවර්ස් එක්ක පටන් ගැන්ම විතරයි. සිටඩෙල් පළමු සීසන් එක ඉවර වෙන්නත් කලින්ම දෙවනි සීසන් එකට රීනිව් වෙනවා. ඒ වගේම තමා දෙවනි සීසන් එකෙත් කොටස් හයක් තියනවා වගේම කොටස් හයම අධ්‍යක්ෂණය කරන්න යන්නෙ කවුරුත් දන්න රූසෝ බ්‍රදර්ස්ලගෙන් කෙනෙක් වෙන ජෝ රූසෝ විසින්.
මම කිව්වනෙ මේක ලොකු ගේමක් ගහන්න බලාන තියපු පළවෙනි පියවර කියලා, ඒ තමා මෙයාලා ලෑස්තිවෙන්නෙ ස්පයි යුනිවර්ස් එකක් ගොඩනගන්න. ඒ කියන්නෙ සිටඩෙල් කතා මාලාවෙන් තවත් ස්පින් ඕෆ් කතා මාලා කිහිපයක් එන්න නියමිතයි ඉතාලිය, ඉන්දියාව, ස්පාඤ්ඤය සහ මෙක්සිකෝව බේස් කරගෙන. ඒකෙනුත් ඉතාලිය බේස් කරන් එන්න යන කතා මාලාවෙ පොඩි කොටසක් සිටඩෙල් අවසාන කොටසෙ අන්තිමට බලාගන්න පුළුවන්. ඒක නම් කරලා තියෙන්නෙ Citadel – Diana නමින්. මේක 2024 තමා රිලීස් කරන්න මේ කට්ටිය සූදානම් කරගෙන ඉන්නෙ. අපි බලමුකො නේද මොන විදිහෙ ස්පයිවර්ස් එකක් මෙයාලා ගොඩනගයිද කියලා.
එහෙනම් ඉතිං Citadel Season 02 ආව කාලෙක ආයෙ ටිවි සීරිස් වලින් හම්බවෙමු. ගිහින් එන්නම්. හැමෝටම ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
3,723 downloadsDownload Citadel.S01E06.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
4 comments
Buddhika Lakmal (laKMal)
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Minu
Godak Sthuthi..Jaya wewa!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Citadel [S01 : E06] Sinhala Subtitles | යලි සිහි ගැන්වෙන මතකයන්. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/06/Citadel-S01-1.0.jpg)



♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥