Classroom of the Elite Season 01 Sinhala Subtitles තව නොබෝ දිනකින් නිකුත් වෙන, හරියටම කිව්වොත් 2026 අප්‍රේල් 1 වෙනිදා හතරවන කතා සමය ආරම්භ වෙන්න කලින්, කතාව මුල ඉඳන්ම අරන් එන්න ඕනියි කියන සිතුවිල්ලට අනුව ඔන්න අලුත් කතාවක් අරගෙන ආවා. මේ උපසිරැසි මාලාව නම් මම නිර්මාණය කරල හුඟක් කල් වෙනවා. ඒ අනුව මේක න…

Classroom of the Elite Season 01 Sinhala Subtitles

 

තව නොබෝ දිනකින් නිකුත් වෙන, හරියටම කිව්වොත් 2026 අප්‍රේල් 1 වෙනිදා හතරවන කතා සමය ආරම්භ වෙන්න කලින්, කතාව මුල ඉඳන්ම අරන් එන්න ඕනියි කියන සිතුවිල්ලට අනුව ඔන්න අලුත් කතාවක් අරගෙන ආවා. මේ උපසිරැසි මාලාව නම් මම නිර්මාණය කරල හුඟක් කල් වෙනවා. ඒ අනුව මේක නම් මේ වෙද්දි ඇනිමෙ රසිකයොන්ගෙන් 90% ක්ම දෙනා බලල ඉවරත් ඇති. මතකයිනෙ මම Record of Ragnarok එකත් අලුත් කතා සමය එන්න කලින් ඊට පෙර කතා සමයක් ටික මේ වගේම අරන් ආවා. ඒ වගේම මේක තමයි මම උපසිරැසි නිර්මාණය කරපු පළවෙනි High school ඇනිමෙ එක. පෞද්ගලික මම High school ඇනිමෙ වලට එච්චර උනන්දුවක් දක්වන කෙනෙක් නම් නෙමෙයි. මේක කරන්න හිතුවෙත් මගෙ ආසම කැටගරියක් වෙන Psychological genre එක තියෙන නිසයි. ඉතින් මේ කතාව නරඹන එක ඔයාලට අපරාදෙ කියල නම් කොහොමවත්ම හිතෙන එකක් නැති වේවි.

Youkoso Jitsuryoku Shijou Shugi no Kyoushitsu e AKA Classroom of the Elite කියල කියන්නෙ 2017 වසරේ නිකුත් වුණු Drama, Psychological, School යන Genre වලට අයත් වෙන, මිනිත්තු 24 බැගින් කොටස් 12 ක් පුරා දිවෙන,IMDB දර්ශකයේ 7.6 ක් හා MyAnimelist දර්ශකයේ 7.86 ක අගයක් ලබා ගත්තු ඇනිමෙ කතා මාලාවක්. ඒ වගේම Syougo Kinugasa විසින් රචිත Light Novel එක අනුසාරයෙන් මෙහි animation නිෂ්පාදන කටයුතු කළේ Assassination Classroom, Monster musume, Magical Girl Raising Project යන ඇනිමෙ නිර්මාණය කරපු Lerch Studio එක විසිනුයි.

Classroom of the Elite Light Novel Vol.01

ඒ වගේම තමයි මේ කතාවෙ ending theme එක හා opening theme එක ගැන නොකිය බෑ. OP එක වෙන ‘Caste Room’ ගීතය හා ED එක වෙන ‘Beautiful Soldier’ ගීතය පිළිවෙළින් ZAQ හා Minami කියන ජනප්‍රිය ජපන් ගායිකාවන් දෙදෙනා ගායනා කරනවා. ඉතින් මේ ගීත දෙකම හරිම ලස්සන ගීත දෙකක්. මම නම් පෞද්ගලිකව මේ ED එකට ඇබ්බැහි වුනා කිව්වොත් නම් නිවැරදියි. ඒක ඒ තරම්ම ලස්සන ගීතයක් වෙනවා.

දැන් අපි යමු story එක පැත්තට. Tokyo Metropolitan Advanced Nurturing High School කියල කියන්නෙ ජපානයේ රජය මඟින් පවත්වාගෙන යන සුඛෝපභෝගී මට්ටමේ උසස් පාසලක්. මේ පාසලේ හැම පන්තියක්ම ඒවයේ ඉන්න ශිෂ්‍යයන්ගෙ දක්ෂතා අනුව වර්ග කරලයි තියෙන්නෙ. ඒ කියන්නෙ පළමු වසර ගත්තොත් class D, class C, class B, class A කියල වර්ග කරලයි තියෙන්නෙ. ඒ අනුව බලනකොට පළමු වසරෙ හොඳම මොළකාරයො ටික ඉන්නෙ class A එකේ. ඒ වගේම මේ පාසලේ අමුතු විදිහෙ නීති ගොඩකුත් තියෙනවා. මේ පාසලේ දිගටම ඉන්න නම් විභාගවලින් සමත් වෙන්නත් ඕනි. ඒ අතරතුරේදි පන්ති අතර ඉහළට යන්නත් ඕනි. ඉතින් පන්ති අතර සීතල යුද්ධයක් හැම වෙලේම තියෙනවා.

අයනොකෝජි කියොතකා කියල කියන්නෙ මේ පාසලේ පළමු වසරට ඇතුළත් වෙන ශිෂ්‍යයෙක්. මෙයා හරිම calm, cool personality එකක් තියෙන කොල්ලෙක්. කොටින්ම කිව්වොත් හිනා වෙන්නෙවත් නැති ජාතියෙ කොල්ලෙක්.මෙයා වැටෙන්නෙත් class D එකට. තව එක එක විදිහෙ චරිත මෙයාට මුණ ගැහෙනවා. හැමෝගෙම අරමුණ තමයි ඉතින් හැමදේටම හොඳම ලකුණු අරන් ඉස්සරහට යන එක. ඒත් අයනොකෝජි… එයාගෙ අරමුණ මොකක්ද? එයාට කාටද උදව් කරන්නෙ? කාගෙ උදව් ද ඕනි වෙන්නෙ? අයනොකෝජි ඇත්තටම මොන විදිහෙ චරිතයක්ද? මේ පාසලේ විශේෂත්වය මොකක්ද? තව දේවල් මම කියන්නෙ නෑ ඒවා හොයාගන්න එක ඔයාට භාරයි.

පාසල් සමයේ තම තමන්ගෙ නොයෙක් පෞද්ගලික අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න තමන්ගෙ අවට ඉන්න අයව සූක්ෂම විදිහට Manipulate කරන හැටි බලාගන්න ලැබෙන නියම කතාවක් තමයි Classroom of the Elite කියල කියන්නෙ. එක චරිතයක් වටා ගෙතුණු නැති,තවත් චරිත ගණනාවක පසුබිම ගෙන එන මේ කතාව ඇත්තෙන්ම සමහරවිට ඔයාට ඔයාගෙ පාසල් කාලය මතක කරාවි. ඒ කාලෙ ඔයාට මුණ ගැහුනු චරිත ඔයාට මතක් කරාවි.ඒ නිසා මේ කතාව කොහෙත්ම boring වෙන එකක් නම් නෑ.

මේ කතා මාලාවට උපසිරැසි නිර්මාණය කරල තියෙන්නෙ Classroom of the Elite (2017) (Season 1) [1080p Dual Audio HEVC 10 bits DD] (Youkoso Jitsuryoku Shijou Shugi no Kyoushitsu e) (Batch) කියන ටොරන්ට් පිටපතේ වීඩියෝ පිටපත් වලට ගැලපෙන විදිහටයි. උපසිරැසි එක්ක කතාව අනිවාරෙන්ම ජපන් බසින් නරඹන්න අමතක කරන්න එපා. අන්තිමට ඉතින් උපසිරැසිය බාගෙන යන ගමන් comment එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉදිරි කොටස් වලින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Classroom of the Elite Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

435 downloadsDownload Classroom-of-the-Elite-S01-E01-E02-Sinhala-Subtitles.zip31 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1Next BT1

 

Subtitles by

ලංකන් Weebs

Subtitles

435 downloadsDownload Subtitles31 KB

0 comments

No comments yet.