Classroom of the Elite Season 03 Sinhala Subtitles තම තමන්ගෙ නොයෙක් පෞද්ගලික අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න තමන්ගෙ අවට ඉන්න අයව සූක්ෂම විදිහට Manipulate වෙන හැටි බලාගන්න ලැබෙන නියම High School ඇනිමෙ කතා මාලාවක් තමයි Classroom of the Elite කියල කියන්නෙ. එකිනෙකාගෙ පුද්ගලික අරමුණු එක්ක විසඳන්නෙ කොහොමද කියල…

Classroom of the Elite Season 03 Sinhala Subtitles
තම තමන්ගෙ නොයෙක් පෞද්ගලික අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න තමන්ගෙ අවට ඉන්න අයව සූක්ෂම විදිහට Manipulate වෙන හැටි බලාගන්න ලැබෙන නියම High School ඇනිමෙ කතා මාලාවක් තමයි Classroom of the Elite කියල කියන්නෙ. එකිනෙකාගෙ පුද්ගලික අරමුණු එක්ක විසඳන්නෙ කොහොමද කියල හිතාගන්න බැරි විදිහෙ ප්‍රහේලිකා, පරික්ෂණ වටේ කැරකෙන විදිහෙ කතාවක් මේක. ඒ කතාවේ Season 03 හි 11, 12 සහ 13 කොටස් හෙවත් අවසාන කොටස් වල සිංහල උපසිරැසි එක්කයි මේ එකතු වෙන්නෙ.
පන්ති අතර සිද්ධ වුනු නෙරපීම් වලින් පස්සෙ ඒ නෙරපීම් වල උණුසුම යන්නත් කලින් ආයෙත් වතාවක් විශේෂ පරික්ෂණයක් නිවේදනය කරනවා. ඒ තමයි වසර අවසාන විශේෂ පරික්ෂණය. හැම පන්තියකම නායකයා තෝරා ගනු ලබන තවත් පන්තියක් එක්ක මුහුණ දෙන්න සිද්ධ වෙන මේ පරික්ෂණය හොඳ උද්වේගකර එකක් බව පෙනී යනවා. මොකද සෑම පන්තියක්ම විෂයන් හතක් සමත් විය යුතු මේ පරික්ෂණයේ, විෂයන් අනිත් පන්තියට දෙනේ ඒ පන්තියට විරුද්ධව තරඟ වදින පන්තිය වීම විශේෂත්වයක්. ඒ නිසා මේක තරම් අමාරු පරික්ෂණයක් වෙනවා.
අතිරේක විශේෂ පරික්ෂණය අනුව තමන්ගෙ පන්තියෙන් යමඋචි හරුකිව නෙරපීම නිසා පන්තියේ නායකයා වුනු හිරාටා යෝසුකේ, පන්තියේ අනිත් හැමෝමත් එක්ක තරහින් ඉන්නවා. කාත් එක්කවත් කතා නොකර කාගෙවත් මූණක් නොබල ඉන්න හිරාටාගේ ඇත්ත ප්‍රශ්නය මොකක්ද කියල අයනොකෝජි තේරුම් ගන්නවා. ඒ අනුව හිරාටාගේ හිතේ තියෙන දේ හිරාටාගේ කටින්ම එළියට අරන් අයනොකෝජි හිරාටාට යථාර්ථය පැහැදිලි කරල දෙනවා. ඒ විදිහට හිරාටාත් වසර අවසාන විශේෂ පරික්ෂණයට මුහුණ දීමේ මානසිකත්වයෙන් යුතුව හොරිකිතා ප්‍රමුඛ අයනොකෝජිගේ නායකත්වයෙන් මේ පරික්ෂණයට අවතීර්ණ වෙනවා.
මේ විශේෂ පරික්ෂණය ඇත්තෙන්ම විශේෂ පරික්ෂණයක්. ඇත්තෙන්ම කිව්වොත් මේක බුද්ධිමතුන්ගේ සටනක්. C පන්තියේ අයනොකෝජිට එරෙහිව A පන්තියේ සකයනගි. විශේෂ පරික්ෂණයෙන් ජය ගන්නේ කවුද? මේ බුද්ධිමතුන්ගේ සටනින් ජය ගන්නේ කවුද? ඒ වගේම අයනොකෝජි කියොතකා ආදරය කියන දේ මොකක්ද කියල ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. උපන් දවසේ ඉඳලම කිසි හැඟීමකින් පදම් නොවුනු, අයනොකෝජි ඒ වෙනුවෙන් තියන පළමු පියවර මොකක්ද? නරඹන්න එහෙනම් මේ අවසාන කොටස් තුන. මේක පරාර්ථකාමීත්වය, හැඟීම් වලින් දිවෙන කතාවක් නොවේවි.
මේ කතා මාලාවට උපසිරැසි නිර්මාණය කරල තියෙන්නෙ Youkoso Jitsuryoku Shijou Shugi no Kyoushitsu e (2024) (Season 3) [1080p] (Classroom of the Elite III) (Batch) කියන ටොරන්ට් පිටපතේ වීඩියෝ පිටපත් වලට ගැලපෙන විදිහටයි. උපසිරැසි එක්ක කතාව අනිවාරෙන්ම ජපන් බසින් නරඹන්න අමතක කරන්න එපා. අන්තිමට ඉතින් උපසිරැසිය බාගෙන යන ගමන් comment එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. මීළඟට Season 4 ට සිංහල උපසිරැසි අරන් එන බලාපොරොත්තුවෙන් Classroom of the Elite වෙත තාවකාලිකව නැවතුම තියනවා. එතෙක් හැමෝටම Happy Anime!
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Classroom of the Elite Season 03 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
272 downloadsDownload Classroom-of-the-Elite-S03-E11-E12-E13-Sinhala-Subtitles.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
1 comment
umesh madusanka wijesinghe
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Classroom of the Elite [S03 : E11 & E12 & E13] Sinhala Subtitles | “ආදරය හොඳම ගුරුවරයාය” [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/03/COTE_S3_Banner_02.jpg)


Hey Team,
thanks for your spend time and this is my favorite anime now. i have request Keep making subtitles for anime there has lot of anime series