Watch Trailer

Constantine [S01 : E01] | යලි සටනට… [සිංහල උපසිරැසි සමඟ]

පෙර සටහනක්: පටන් ගන්න කලින්ම පාපොච්චාරණයක් කරලා හිටියොත් හොදයි කියලා හිතෙනවා ඉදිරියේදී වැරදීම් සිදුවෙන්න ඉඩ තියෙන නිසා. මම ඇත්තටම කොමික් රසිකයෙක් නෙමේ. ජනප්‍රිය කොමික් වීරයන්ට සාමාන්‍යෙන් මම අකමැතියි. ඒ චිත්‍රපටියක් හෝ රුපවාහිනි වැඩසටහනක් බලලා තියනවනං ඒ හරිම කලාතුරකින් තමයි. 2005 Constantine චිත්‍ර…

Constantine-s1-1

පෙර සටහනක්:

පටන් ගන්න කලින්ම පාපොච්චාරණයක් කරලා හිටියොත් හොදයි කියලා හිතෙනවා ඉදිරියේදී වැරදීම් සිදුවෙන්න ඉඩ තියෙන නිසා. මම ඇත්තටම කොමික් රසිකයෙක් නෙමේ. ජනප්‍රිය කොමික් වීරයන්ට සාමාන්‍යෙන් මම අකමැතියි. ඒ චිත්‍රපටියක් හෝ රුපවාහිනි වැඩසටහනක් බලලා තියනවනං ඒ හරිම කලාතුරකින් තමයි.

2005 Constantine චිත්‍රපටිය බලත්දී මං දැනන් හිටියේ නෑ ඒක කොමික් එකක් බව. කවුරු කොච්චර දොස් කිව්වත් ඒ චිත්‍රපටිය, විශේෂයෙන් ජෝන් කොන්ස්ටන්ටීන් චරිතේ මගේ හිතට ඇල්ලුවා. ඉතින් මීට මාස ගානකට කලින් NBC නාලිකාව මෙහෙම වැඩසටහනක් හදන බව දැනගත්තම එදා ඉදන්ම තමයි මේක බලනවා කියලා හිතාගෙන හිටියේ. ඒ අනුව තමයි මේක ඕගොල්ලොත් එක්ක බෙදා ගන්නේ.

ඉතින්, මම මේ චරිතය ඇතුලත් කොමික් පොත් කියවලා නැහැ. උපසිරැසිය හදන්න කතාවේ පසුබිම ගැන දැනන් ඉන්න ඕනේ නිසා තරමක විපරමක් කලත්, කොමික් රසිකයෙක් නොවන කෙනෙක් හැටියට මම නොදන්නා දේවල් බොහොමයි. ඉතින්, කතාවට සාධාරණය ඉටු කරන්න මට හැකි උපරිමය කලත්, වැරදීම් තිබුනොත් සමාවෙන්න, ඒ වගේම පෙන්වලා දෙන්න.

කොමික් රසිකයෝ නොවන අය වෙනුවෙන්, අර මම කියපු විපරම්වලින් හොයාගත්ත, මේ රුපවාහිනි වෘතාන්තයට මග පාදපු ඉතිහාසය ගැන කරුණු ටිකකුත් කියලම වැඩසටහන ගැන විස්තරේට බහිමු.

Hellblazer (1988–2013) සහ Constantine (2013–):

කොන්ස්ටන්ටීන්, එහෙම නැත්නං ජෝන් කොන්ස්ටන්ටීන් චරිතේ මුලින්ම අදුන්වලා දුන්නේ DC Comics ප්‍රකාශයට පත් කල The Saga of the Swamp Thing අංක. 37 -1985 ජුනි කලාපය තුළිනුයි. පසුව, 1988දී, ඔවුන් කොන්ස්ටන්ටීන් ප්‍රධාන චරිතය හැටියට ඉදිරිපත් කරමින් හෙල්බ්ලේසර් (Hellblazer) කියන කොමික් පොත් මාලාව හදුන්වා දුන්නා. මේ චරිතය නිර්මාණය කලේ ඇලන් මූර් (Alan Moore), ස්ටෙෆන් ආර්. බිසට් (Stephen R. Bissette) සහ ජෝන් ටොට්ලෙබන් (John Totleben) බවයි පැවසෙන්නේ.

පසුව 2013දී 300 වෙනි කලාපයෙන්, හෙල්බ්ලේසර් නවතා දැමු DC Comics, කොන්ස්ටන්ටීන් නමින් එම කතා මාලාව ඉදිරියට ගෙනගියා. (තවමත් පලවෙනවා) මේ තීරණය බොහෝ අයගේ අසතුටට හේතු වුන බවකුයි පැවසෙන්නේ.

කොහොම වුනත් ගුප්ත දෑ පිළිබද රහස් පරීක්ෂක කතා ගැන උනන්දුවක් සහ ජනප්‍රියත්වයක් ඇති කරන්න මේ කතා මාලාව සමත් වුනා. මෙයින් ආභාෂය ලැබූ නවකතා, රුපවාහිනි කාටුන්, කොමික් මෙන්ම රුපවාහිනි වැඩසටහන්ද බොහෝ බිහිවුනා. මේ අතරින් මම උපසිරසි ලබා දුන්න Supernatural රුපවාහිනි වෘතාන්තයත් විශේෂයි 😀 කොහොම වුනත් ජෝන් කොන්ස්ටන්ටීන් රුපවාහිනි තිරයට මේ පැමිණෙන්නේ ප්‍රථම වතාවටයි.

කවුද මේ ජෝන් කොන්ස්ටන්ටීන්?

දැන්, දන්නවනේ මෙයා කොමික් චරිතයක් බව. හැබැයි, මෙයා සුපර් හීරෝ චරිතයක් නෙමේ; මේක ප්‍රතිවීර (antihero – ඇන්ටිහීරෝ) චරිතයක්. (ඒ කියන්නේ සාමාන්‍ය වීරයන්ගේ දකින්න ලැබෙන උත්තම ගති ගුණ, පරමාදර්ශී බව, සදාචාරය වගේ දේවල් නැති චරිතයක්. හැබැයි දුෂ්ඨ චරිතයක්ම නෙමේ).

ඉතින්, කොමික් කතාවල දක්වලා තියෙන ආකාරයට මේ පුද්ගලයා බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. සුදු කමිසයක්, කළු ටයි පටියක් සහ දුඹුරු පැහැයට හුරු ට්‍රේන්ච් කොට් එකක් තමයි මෙයාගේ ඇදුම. මෙයා ලග අධිස්වාභාවික, ගුප්ත දෑ ගැන තියෙන දැනුම බොහොම ඉහලයි. ඔහු දක්ෂ මායා කාරයෙක්, මන්ත්‍ර ගුරුකම් පිළිබද කෙළ පැමිණියෙක්, ගුප්ත දෑ පිළිබද රහස්පරීක්ෂකයෙක් වගේම කපටි රැවටිලි කාරයෙක් (con-man කෙනෙක්) ඒ විතරක් නෙමෙයි ඇස් බැන්දුම් කාරයෙකුත් වෙනවා (මැජික් ශිපියෙක්); කට කැඩිච්ච කතා කියන, අනුකම්පා විරහිත, කාවවත් නුරුස්සන පුදගලයෙක්. හැබැයි බොහෝ වෙලාවට ගැටළු වලට මුහුණ දෙත්දී ඔහු වැඩිපුර භාවිතා කරන්නේ තමගේ ගුප්ත දැනුම නොවෙයි කපටි කයිරාටිකකම්නුයි වෙනත් දක්ෂකම්නුයි තමයි. ඒ වගේම කෙළවරක් නැති දුම් බීම ගැනත් ඔහු කුප්‍රකටයි. කොහොම වෙතත් ස්වර්ගයත් නිරයත් සමග නිතර ගැටෙන ඔහු මේ දෙකටම එරෙහිව මනුෂ්‍ය වර්ගයා ආරක්ෂා කරන මානව වාදියෙක්.

ඉතින් ඔය මදෑ කොමික් කොන්ස්ටන්ටීන් ගැන කිව්වා, අපි රුපවාහිනි වෘතාන්තය දිහාවට හැරෙමු.

කවුරු වෙනුවෙන් ද?

උඩ ලියපු විස්තර ටික කියෙව්වනං දැන් මේ වැඩසටහන, කොයි වගේ එකක්ද කියන එක ගැන තරමක් හිතාගන්න පුළුවන් ඇතිනේ, නේද? මේක Fantasy, Horror වර්ගයේ වැඩසටහනක්. ඉහත විස්තර කරපු, ජෝන් කොන්ස්ටන්ටීන් චරිතය ඇසුරෙන් තමයි වැඩසටහන නිර්මාණය වෙන්නේ.

ඒ අනුව මේ වර්ගවල වැඩසටහන් බලන අයත්, විශේෂයෙන් කොමික් කතාවලට, ඇන්ටි හීරෝ චරිතවලට ප්‍රිය කරන අයත් ඉන්නවනං මේ කතාව ඒගොල්ලන්ට වැඩිය ගැලපෙයි. ඒ වගේම 2005 හදපු Constantine චිත්‍රපටයේ රසිකයොත්, සමහරවිට, දැනට Supernatural, Grimm වගේ කතා බලන කට්ටියත් මේ වැඩසටහනට කැමති වෙයි කියලා මම හිතනවා.

කථාව ගැන:

වැඩසටහන පටන් ගත්තා විතරයි නිසා ඇත්තටම කතාව ගැන ඒ හැටි දෙයක් කියන්න මම දන්නේ නෑ.

තමන්ගේ අදුරු අතීතයෙ පව්කාර මතකවලින් පීඩාවට පත්වෙලා ඉන්න, එක්රැස්වෙමෙන් පවතින අදුරු බලවේගයකට එරෙහිව මනෂ්‍ය වර්ගයා රැක ගන්න හදන කෙනෙක් ගැන කතාවක් බව විතරයි දැනට ප්‍රකාශයට පත් වෙලා තියෙන්නේ.

කොහොම වුනත් අපිට උපකල්පනය කරන්න පුළුවන් හෙල්බ්ලේසර් ප්‍රකාශනවල තිබුන කතාම නොවුනත් ඊට සමාන, ගුප්ත විද්‍යා රහස්පරීක්ෂක කතා මාලාවක් දකින්න ලැබේවි කියලා.

මේවයිනුත් අදහසක් ගන්න පුළුවන් වෙයි මගේ හිතේ,

1. NBC Official Trailer

2. Comic-Con Trailer

3. The Journey Begins

4. First Look at the Premiere

5. The Pilot Premieres

 

කවුද හැදුවේ, කවුද රගපාන්නේ?

මේ වැඩසටහන නිර්මාණය කරන්නේ ඩැනියෙල් චෙරෝනේ (Daniel Cerone) සහ ඩේවිඩ් එස් ගෝයර් (David S. Goyer)නුයි. රුපවාහිනි වැඩසටහන් ගණනාවකට නිෂ්පාදනයෙන්, කතා සහ තිර රචනාවලින් දායක වෙලා තියෙන ඩැනියෙල් චෙරෝනේ The Mentalist, Dexter කතා සම්බන්ධයෙන් දක්වූ දායකත්වය ගොඩක් අයට මතක ඇති. මෑත කාලින ජනප්‍රිය බැට් මෑන් චිත්‍රපටි ගණනාවකට (Batman Begins (2005), The Dark Knight (2008), The Dark Knight Rises (2012) වගේ ) කතාවෙන්, තිර රචනයෙන් දායක වෙලා තියෙන ඩේවිඩ් ගෝයර් Da Vinci’s Demons රුපවාහිනි වෘතාන්තයේ නිර්මාතෘ බවත් හැමෝටම මතක ඇති.

ජෝන් කොන්ස්ටන්ටීන් (John Constantine) ලෙස ප්‍රධාන චරිතයෙන් එක් වෙනවා බ්‍රිතාන්‍ය ජාතික නළු මැට් රයන් (Matt Ryan). Criminal Minds Spin-off එක Suspect Behavior වෘතාන්තයේ මයික් රව්සන්ට රගපෑවේ මෙයයි. කොන්ස්ටන්ටීන්ගේ ලගම මිතුරෙක් සහ ඇතැම් අවස්තාවලදී රියදුරාත් වන චැස් (Chas) හැටියට චාල්ස් හැල්ෆෝර්ඩ් (Charles Halford) එක් වෙනවා. ඒ වගේම කොමික් පොත්වල කොන්ස්ටන්ටීන්ගේ හවුල්කරුවාත් ඇතැම් විට පෙමවතියත් වුන සෙඩ් මාටින් ( Zed Martin) ලෙස ඇන්ජෙලිකා සෙලායා (Angélica Celaya) එක්වෙනවා. මේගොල්ලෝ රගපාන වෙනත් තැනක්නං මගේ මතකෙට එන්නේ නෑ. කොමික් පොතේ නැති අලුත් චරිතයක් වන මැනී ( Manny) කියන චරිතෙට Lost වෘතාන්තයෙන් ජනප්‍රිය වුන හැරල්ඩ් පෙරනියු (Harold Perrineau) පණ පොවනවා.

මීට අමතරව කොමික් කතා මාලාවේ ඉන්නේ බොහෝ චරිතත් තව අලුත් චරිතත් ඉදිරියේදී අදුන්වා දෙනු ඇති බවයි පැවසෙන්නේ.

DC Comics සහ Warner Bros. Television නිෂ්පාදනය කරන මේ වැඩසටහන විකාශනය වෙන්නේ NBC නාලිකාවේ සිකුරාදා 10 -11 පැයෙයි. ඒ කියන්නේ නික් බර්ක්හාර්ට් (Grimm) දවසේ වෙසන් ගැටලුව විසදපු සැනෙන් කොන්සටන්ටීන් ස්වර්ගයත් නිරයත් අතර ගැටලුවක් අරන් තිරයට එනවා 😛

නොබැලිය යුත්තේ කවුද?

මේ වැඩසටහන TV 14 ලෙසයි සලකුණු කරලා තියෙන්නේ. මේ නිසා, කොමික් කතාව ලිංගිකත්වයෙන්, ප්‍රචණ්ඩත්වයෙන් සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් පිරිලා තිබුනත් අපිට හිතන්න පුළුවන් රුපවාහිනි වෘතාන්තය එහෙම වෙන එකක් නෑ කියලා.

ඒ වගේම දැනට වැඩසටහට ගැන පැතිරිලා තියෙන කට කතාවලට අනුව NBC නාලිකාව ඉඩ දෙන්නේ නෑලු කොන්ස්ටන්ටීන්ට තිරය මත දුම් බොන්න (මේ තීරණේ කොන්ස්ටන්ටීන් කොමික් රසිකයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්වෙලා තියෙන බවකුයි පේන්නේ 😀 ) ඒ වගේම බරපතල ලිංගික දර්ශනත් තියෙන එකක් නැති බවයි පැවසෙන්නේ. ඒ වගේම ඔය දෙකම තහනම්නං මම හිතන්නේ නෑ NBC නාලිකාව කොන්ස්ටන්ටීන්ට තිරය මත අසභ්‍ය වචන කියන්නත් ඉඩ දෙයි කියලානං. 😛

හැබැයි, තරමක ප්‍රචණ්ඩත්වයකුත්, රළු, පරුෂ වචන සහිත ග්‍රාම්‍ය භාෂා භාවිතයකුත් බලා පොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මේක අත්භූත බලවේග ගැන කතාවක් බවත් අමතක කරන්න බැහැ. ඒ අනුව ලංකාව ගැන සලකලා 16+ ලෙසත්, සංවේදී අයට බලන්න දෙන්න කලින් සැලකිලිමත් වෙන්න කියලත් සදහන් කරන එක වඩා හොදයි.

වැඩි තොරතුරු අවශ්‍ය අයට, දැනට යාවත්කාලින වෙලා නැති වුනත් IMDb Parents Guide එකත්, Common Sense වෙබ් අඩවියත් නිර්දේශ කරන්න පුළුවන් (මේ පිටුවලට වැඩි දුර තොරතුරු ඉක්මනින්ම ලැබේවි)

ජනප්‍රිය බව සහ අනාගතය:

සාමාන්‍යෙන් අලුතෙන් වැඩසටහනක් බලත්දී මේකත් අපි සාමාන්‍යෙන් සලකලා බලන දෙයක්නේ. ඒත්, වැඩසටහන විකාශනය ඇරඹුන ගමන්ම නිසා ඇත්තටම මේ ගැන ඒ හැටි දෙයක් කියන්න බෑ. විචාරකයෝ කරන අනුමාන දිහා බැලුවම ඇත්තටම ඔවුන් දෙපැත්තටම කරුණු දක්වන බවකුයි පේන්නේ. ඕගොල්ලන්ට තීරණයක් ගන්න පහසු වෙන්න එයින් කීපයකුත් සදහන් කරන්නං.

ඇත්තටම කොන්ස්ටන්ටීන් සාමාන්‍ය ජනතාව අතර වැඩි ප්‍රසිද්ධියක් ඉසිලුවේ නැති වුනාට රසිකයෝ මේ චරිතෙට අසාමාන්‍ය විධිහට පක්ෂපාතියි. ඒ නිසාම ඔවුන්ව තෘප්තිමත් කරන එක ලේසි වෙන්නේ නෑ. චරිතය රූපවාහිනී තිරයට එන තුරු පුල පුලා බලා සිටියත්, 2005 චිත්‍රපටයට ඔවුන්ගෙන් එල්ලවුන විවේචන දිහා බැලුවම පැහැදිලිව පේන දෙයක් තමයි චරිතයට කරන සුළු වෙනස්කමක්වත් ඉවසන්න ඔවුන් ලැස්ති නෑ. පහුගිය දවසක අන්තර්ජාලයට ලීක් වුන පයිලට් එකට අන්තර්ජාලය පුරා එල්ලවුණ චෝදනාවලිනුත් ඒ බව පේනවා. හැබැයි එයින් දවස් කීපයක් ඇතුලත වැඩසටහනේ නිර්මාතෘවරුන් කතාවේ ලොකු වෙනස්කම් කිහිපයක් කරන බවට නිවේදන නිකුත් කළා. මේ තුලින් පේන්නේ ඔවුන් රසික හඩට ඇහුම්කන් දෙන්න සූදානම් බවයි. ඒ වගේම සිගරට් බීම කෙසේවෙතත්, නිෂ්පාදයන් පවසන දෙයිනුත්, කොන්ස්ටන්ටීන්ගේ පෙනුමෙන් හැසිරීමෙන් ආදී දේ වලිනුත් මුල් කෘතියට සාධාරණය ඉටු කරන්න නිෂ්පාදකයෝ උත්සහ කරන බවක් පේන බව බොහෝ දෙනා පිලිගන්නවා. කොහොම වුනත් මුල් කෘතියට සාධාරණ වීමත්, රසික හඩට ඇහුම්කම් දීමත් වැඩසටහනේ සාර්ථකත්වයේ තීරණාත්මක සාධකය වෙවී කියලයි මමනං හිතන්නේ

ඇත්තටම මේ දවස්වල රුපවාහිනිය කොමික් වීරයන්ගෙන් පිරිලා ඉතිරිලා ගිහින්නේ තියෙන්නේ. මේ කතා අතරට FOX නාලිකාව ඉතාම සැලසුම් සහගතව, අලුතෙන් පටන් ගත්ත Gothamනුත් CW නාලිකාවේ Flashනුත් පසුගිය දා එකතු වුනා. මේ හැම චරිතයක්ම/කතාවක්ම ඇත්තටම කොමික් රසිකයෝ අතරෙත් වෙනත් ප්‍රේක්ෂකයෝ අතරෙත් බොහොම ජනප්‍රියයි. ඇතැම් විචාරකයන් හිතන්නේ, සාමාන්‍ය ජනතාව අතර වැඩි ප්‍රසිද්ධියක් නුසුලන කොන්ස්ටන්ටීන්ට මේ තරගය අවාසිදායක විය හැකි බවයි

වැඩසටහන සිකුරාදා රෑ මාරක වෙලාවේ විකාශනය වෙන එකත් (Friday night death slot) වැඩසටහනේ ජනප්‍රියත්වයට හානිකර විය හැකි බව බොහෝ දෙනා සලකනවා. එහෙම වුනත්, NBC නාලිකාවේ සිකුරාදා රෑට විකාශනය වෙන Grimm, දැන් හතරවෙනි සීසන් එකටත් සාර්ථකව ඇවිත් තියෙන නිසාත්, ඒ වෙලාවට වෙනත් නාලිකාවල බලන්න දෙයක් නැති නිසාත්, Grimm අවසන් වූ වහාම පටන් ගන්න නිසා ඒ ප්‍රේක්ෂකයන් මේ වැඩසටහන බලන්න නිතැතින්ම යොමුවිය හැකි නිසාත් සිකුරාදා රෑ අභියෝගය ජයගන්න කොස්ටන්ටීන්ට හැකිවෙයි කියලයි වෙනත් විචාරකයන් හිතන්නේ. ඒ වගේම තරමක් වෙනස් මාතෘකාවක් නිසාත්, නිතර දකින්න ලැබෙන විදිහේ චරිතයක් නොවෙන නිසාත්, වෙනස් දෙයක් බලන්න බලා ඉන්න රසිකයන් වැඩසටහන ගැන උනන්දු වෙන්න වැඩි ඉඩක් තියෙනවා.

මට හිතුන විදිහටනං පයිලට් එක බලාපොරොත්තු වුන තරම්ම සාර්ථක නෑ. ඒත් ඒ පයිලට් එකනේ. ඉස්සරහට සාර්ථක වෙන්න ඉඩ ඕනේ තරම් තියෙනවා. ඉතින් කොහොම වුනත්, අවසාන වශයෙන් වැඩසටහනේ අනාගතය ඇමරිකානු රුපවාහිනි ප්‍රේක්ෂකයන් තීරණය කරාවි. අපිට තියෙන්නේ බලන් ඉන්නයි 😛

පසු සටහනක් :

ඉතින්, ආරාධනා කරනවා මාත් එක්ක එකතුවෙන්න කියලා මේ වැඩසටහන බලන්න. ඒ වගේම උපසිරැසිවල වැරද්දක් දැක්කොත් කියන්න පසු බට වෙන්නත් එපා. මම මේ වැඩසටහනට හදන උපසිරැසිත් බොහෝ දුරට සෘජු පරිවර්තනයකට වඩා අනුවාදනයක් වගේ වේවී. ඒකෙන් අපහසුවක් වුනොත් සමාවෙන්න

ඒ වගේම අර ලීක් වුන පයිලට් එක බලපු අය ඉන්නවනං, මේකත් බලන්න. මොකද ලිව් ගේ චරිතේ වැඩසටහනෙන් ඉවත් කරන්න ඕනේ නිසා වෙනස් කම් කීපයක් කරලා තියෙනවා අන්තිම හරියේදී. කොහොම වුනත් ඒකෙ උපසිරැසියත් මේ සමග තියෙනවා කාට හරි අවශ්‍යනම්.

දැනට සුප(ර්)නැචුරල් කලින් සීසන් බලාගෙන යන අය ආයිමත් මේක දැක්කම කලබල වෙන්න ඉඩ තියෙන නිසා ආයි මතක් කරනවා 10.2 එපිසෝඩ් එකේ මං ලියාපු පණිවිඩේ ආයි කියවන්න. 😛 අනික ඒ අතරේ මේකත් කැමතිනං බලන්න. මේ ෂෝ එක දෙන්නේ විශේෂයෙන්ම ඕගොල්ලෝ මේ කතාවටත් කැමති වෙයි කියලා හිතපු නිසයි.


 

අද කතාවෙන් :

තමන්ගේ අතින් වුන වැරද්දක් නිසා හිත හදාගන්න බැරිව ඉන්න කොන්ස්ටන්ටීන් ගිහින් නතරවෙලා තියෙන්නේ මානසික රෝහලකයි. ඒත් එයාව මුණ ගැහෙන්න එන මිය ගිය මිතුරෙක් එයාට කියන්නේ ලිව් මැරෙන්න යන බවයි. ඉතින් කොන්ස්ටන්ටීන් ඔක්කොම පැත්තකින් තියලා යනවා ලිව්ව බේරගන්න.

ලිව් කවුද? ලිව්ව මරන්න හදන්නේ කවුද? කොන්ස්ටන්ටීන්ව මානසික රෝහලකට යවන්න තරං වෙච්ච බරපතල වැරැද්ද මොකද්ද? මේ සේරම දැනගන්න කතාව බලන්න.


 

අධ්‍යක්ෂණය : නීල් මාෂල් (Neil Marshall)

කතාව : ඩැනියෙල් චෙරෝනේ (Daniel Cerone) සහ ඩේවිඩ් එස් ගෝයර් (David S. Goyer)

තිර රචනය : ඩැනියෙල් චෙරෝනේ (Daniel Cerone)

විකාශනය වුනේ : 2014 ඔක්තෝම්බර් 24

මීලග කොටස : The Darkness Beneath (2014 ඔක්තෝම්බර් 31)

 

Constantine (2014– ) on IMDb

 

 

Constantine (S01 : E01 Leaked Copy) කොටස

130 MB කොපිය මෙතනින් බාගන්න 701E6D9E2D7FD5C50387BB3A192585CF9FA83A8D 406 MB කොපිය මෙතනින් බාගන්න 3FB2FDB8ABDC23CA74DAE199C373AFB80F511232 782 MB කොපිය මෙතනින් බාගන්න DF9B6BEFA1A2E42C476B3FEC46824CEE867A6B52

4,607 downloadsDownload Constantine-Constantine-S01-E01-Leaked-Copy.zip79 KB

Constantine (S01 : E01 HDTV) කොටස

198 MB කොපිය මෙතනින් බාගන්න 9CC38351AC32EE7D0FD193629DA0F132D466591B 263 MB කොපිය මෙතනින් බාගන්න B630210F9C60F890ADE3FBF4D1C4AD8BB67F24A6 348 MB කොපිය මෙතනින් බාගන්න B8FD5604CFE592D4831F3243397C830963C3124F 997 MB කොපිය මෙතනින් බාගන්න 7E5818393821BBC6FAB5D859E92F18EF29701E27 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,117 downloadsDownload Constantine-Constantine-S01-E01-HDTV.zip97 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                   All Episodes                         Next Episode >>

Subtitles by

MDG

68 comments

  1. ශාන් විමුක්ති [විමා]

    හම්මේ බන් ලිපිය දැක්කම පිස්සු හැදෙනවා
    බොහොම ස්තුතියි සබ් එකට වගේම ලිපියටත්
    සැහෙන දේවල් ටිකක් දැනගත්තා
    අලුතෙන් tv බලන්න ගන්නේ නැතුව ඉන්නයි අදහස් කරගෙන උන්නේ
    උබ දැන් ඒක වෙනස් කොලා නොවැ

  2. dedunu - yatalamatta

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    සුපිරියි සුභපැතුම්..
    දිගටම කරගෙන යමු…
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…

  3. shabey

    ahanna deyak aththema ne supiriyatama kiyala thiyenawa jaya wewaa bohoma isthuthi................

  4. amila kaushalya

    saho new sub denna kalin old dipu tv series vala sub dunnoth narakada?

    1. Dulan

      මුලින්ම ස්තූති කරලා පසුව ඉල්ලීම් කරා නම් හොඳයි නේද!!

  5. D.Chamara

    hodai wage balalama thiranaya karanna oni saho thanks..

  6. කේ.යූ.ජී. උදාර

    බලන්න තරම් වටින කතාවක් වගෙයි..........
    සබට වගේම ලිපියටත් බොහොම ස්තූතියි.

  7. Dulan

    හොල්මන්!!!
    ඔව්. බලන්න කලින් හොල්මන් වෙනවා ලිපිය දැක්කම!!
    කොහොම මෙහෙම සබ් දෙනවද මන්දා!!
    මාර speed 1ක් නොවැ!!
    ලිපිය නියමයි ගොඩක් දේවල් දැනගත්තා
    බොහෝම ස්තූතියි MDG සහෝ
    ජය!!

  8. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍ඇ‍ඩෙ‍න ‍ලි‍පි‍යක්‍ MDG ‍අ‍යි‍යේ.............
    ‍ඇත්‍‍ත‍ට‍ම ‍ගො‍ඩාක්‍ ‍ව‍ටි‍න ‍ලි‍පි‍යක්‍.
    ‍මාත්‍ ‍ඇත්‍‍ත‍ට‍ම ‍මේ ‍කොන්‍ස්‍‍ටන්‍‍ටීන්‍ ‍කි‍ය‍න ‍ච‍රි‍ත‍ය ‍ගැ‍න ‍දන්‍‍නේ ‍නෑ.
    ‍ඔ‍යා‍ගේ ‍ලි‍පි‍යෙන්‍ ‍ත‍මා ‍ඒ‍කත්‍ ‍දැ‍න ‍ගත්‍‍තේ.
    ‍මාත්‍ ‍මේ‍කේ ට්‍රේ‍ලර් ‍එ‍ක ‍ආ‍පූ ‍ක‍ලේ ‍බැ‍ලු‍වා, ‍ඒත්‍ ‍ක‍තා‍ව ‍මො‍න ‍ව‍ගේ‍ද ‍කි‍ය‍ලා ‍හි‍තා ‍ගන්‍‍න ‍බැ‍රි ‍උ‍නා.
    ‍අ‍නි‍වා ‍අ‍පේ ‍ස‍යිට්‍ ‍එ‍කෙන්‍ ‍සබ්‍ ‍දෙ‍න‍වා ‍කි‍ය‍ලා ‍නම්‍ ‍දැ‍න‍ගෙ‍න ‍හි‍ටි‍යා.
    "සාමාන්‍ය වීරයන්ගේ දකින්න ලැබෙන උත්තම ගති ගුණ, පරමාදර්ශී බව, සදාචාරය වගේ දේවල් නැති චරිතයක්.
    හැබැයි දුෂ්ඨ චරිතයක්ම නෙමේ"
    ‍ඔන්‍‍න ‍ඔ‍ය ‍කා‍ර‍න‍ය ‍නි‍සා‍ම ‍මේ ‍ක‍තා‍ව ‍ම‍ට ‍සෙට්‍ ‍වෙ‍න‍වා. ‍මාත්‍ ‍ඔ‍ය ‍ව‍ගේ ‍ක‍තා ‍ව‍ල‍ට ‍බ‍ර ‍ආ‍ස‍යි.
    ‍බ‍ල‍මු‍කෝ, ‍ප‍යි‍ලට්‍ ‍එ‍ක ‍එච්‍‍ච‍ර‍ට‍ම ‍හ‍රි ‍නැද්‍‍ද ‍කි‍ය‍ලත්‍. ‍ඒත්‍ ‍ප‍යි‍ලට්‍ ‍එ‍කෙන්‍ ‍ක‍තා‍වේ ‍අ‍නා‍ග‍ත‍ය ‍තී‍ර‍න‍ය ‍වෙන්‍‍නේ ‍නෑ ‍නේ.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ඔන්‍‍න ‍අ‍ද ‍ඉ‍ද‍ලා ‍මාත්‍ ‍මේ‍කේ ‍ර‍සි‍ක‍යෙක්‍ ‍වෙ‍න‍වා.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!!!!!!!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!!!!

  9. Thanu

    Thanku MDG saho sub 1ta

  10. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අනේ, අම්මේ..
    ලිපියනම් මල් හතයි..
    පිස්සු වගේ කියෙව්වම නම්..
    කොන්ස්ටන්ටීන් ෆිල්ම් එකනම් බලලා තියේ...
    දැන් ඉතිං අනිවා මේක බලනවා..
    මේ ගන්නයි හදන්නේ..
    දිගටම දෙමු..
    ජය වේවා!!

  11. hm hm

    amoooooooooooooooooo lipiya diga....sub aketa tnx bn

  12. ජගත්

    බොහොම ස්තූතියි උපසිරසියට

  13. Kulanjana Maduranga

    Wow.Good post my Friend,niyamai........mmth constantine gn nm danan hitiye na.sahoge lipiyen thama danagatte thanks.....lipiya kiyewama matath mekata asa hithina....mmth meka ada idala balanawa kiyala thiranaya kla. digatama meka demu.......subata thanks MDG saho.....ohoma ymu.jaya wewa.............

  14. Ashan ravihansa

    ammo lipiye diga mata payabagayak vithara giya lipiya kiyavanda messara diaga lipiyak dakkamai machan sub ekata godak thankz mekata sub ekak dei kiyala hithalama bala thiyagatta

  15. Dina

    Lipiya patta machan.. Hodata pahadiliwa lassanata liyala thiyuyenawa..Ela mchana.. Keep it up.

  16. Asel

    Niyami Machan
    Thanx for sub
    Jaya Wewa !!!!

  17. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. මෙච්චරම කියන එකේ බලමුකො එහෙනම්. ඊලඟ එකේ ඉඳන් ගුණ දොස් කියන්න බැරියෑ. ජය෴෴ :P :P

  18. Anushka

    නියමයි සහෝ විතරේට...
    මම හිතුවේ නැ මේකට Sub දෙයි කියලා.
    Sub එකට ගොඩක් ස්තුති.

  19. Ama

    බොහෝම ස්තූතියි සහෝ!!!!!!!!!

  20. නුවන්ත දුලාන්

    ලිපිය දැක්කම හිතාගන්න පුලුවන් MDG සහෝගේ කැපවීම.
    මෙච්චර උනන්දුවෙන් කරලා දෙන එකක් නොබලා ඉන්නේ කොහොමෙයි :D
    අනිවා බලනවා.
    බොහොම ස්තූතියි සහෝ,......!!!!!!!!!!!

  21. CFG

    සැහේන්න මහන්සි වෙලා තියනව. Niyamaaa....

  22. Sam

    pattma lipiyak sahooo..niyamai..digatma demu..sub ekata thnkss sahooo..
    elzzzz

  23. නලින් පෙරේරා

    ස්තූතියි MDG සහෝ. ආයේ බලන්න ඕනේ නැහැ ලිපිය සතිය ගානේ බැලුවම ඇති නෙව..

    නියමයි නියමයි සහෝ.. දිගටම ඕනේ..

    ජය වේවා!

  24. සමීර චතුරංග

    අඩේ අප්පා.
    මේ මොන නස්පැත්තියක්ද?
    tv බලන්නෙම නැති මට මේක බලන්න වෙනවා වත් ද?
    ලිපිය ගැන නම් කියන්න දේවල් නැහැ.
    දන්නේ නැති ගොඩක් දේවල් දැන් ගත්තා ඔන්න.
    ෆිලුම නම් බලල තියෙනවා නොවැ..
    මේ තරම් මහන්සියක් වෙලා තියෙන එකේ පළවෙනි කොටස බලමුකෝ එහෙනම්.

    රූපවහිනි කතා මාලා අනන්තවත් තිබුණත්..
    මේ වගේ මහන්සි වෙලා තොරතුරු හොයාගෙන ලියන ලිපිත් එක්ක.
    බයිස්කෝප් රසිකයන් නව මාවතකට අරගෙන යාවී..
    සුබ පැතුම්,
    සදා ජය!!

  25. “චූටී මල්ලි”

    යකඩෝ මෙහෙමත් ලිපි ලියනවද ආහ්
    මන් මේඑකෙ ෆිල්ම් එකනම් බැලුවා
    හැබැයි මටනම් ඒක එච්චර මතක හිටින ෆිල්ම් එකක් උනෙ නෑ
    අනේමන්දා
    බලමුකො
    සබට තුති
    ඔබට ජය.............

  26. චාරුක ලක්ෂිත

    මෙන්න ලියනවානම් ලිපි....
    සබ් එකටයි ලිපියටයි ගොඩක් තුති...
    ඔන්න මමත් බා ගත්තා....

  27. [Prash]

    thanx a lot mcn... enakam hitiye...

  28. සචිත උදාර

    ඊයේ ටොරන්ට් සයිට් එකක fire bender කෙනෙක් වගෙ ඉන්න මේ පොස්ටර් එක දැකලා කතාව ගැන google පාරක් දාලා බෑවා. බලමු කොටස් කීපයක් බලලා හිතට ඇල්ලුවොත් දිගටම බලනවා. උපසිරැසියට බොහොම ස්තුතියි.

  29. Keshan Wasala

    අපරාදේ කියන්න බෑ දැන් නම් මට සතියේ දවස් 7 ම ටිවී සිරිස් බලන්න තියනවා :D ගොඩක් ස්තුතියි සහෝ..ඔයාගේ ලිපිය නම් මල් හතයි !! :D එහෙනම් මෙන්න මේක ගත්තා බලමුකෝ හොදද කියලා .. ජය වේවා !!

  30. Tharindu

    SUB ekata thankx saho...
    E wagema loku wistharetath thanx....
    Next episode eken hamu wemu..
    Jaya wewa.....

  31. sajeevi

    මේ කතාව ගැන නම් මමත් කළින් දැනගෙන හිටියේ නැහැ.
    ඒත් ලිපියෙන් ගොඩක් දේවල් දැන ගත්තා. ඒකට ස්තූතියි.
    ඉතින් මේකත් බලන ලැයිස්තුවට තමයි.
    අතරමඟ නවතී කියලා ගැටළුවකුත් නැහැනි.

  32. lahiru

    patta macho...

  33. Sanjaya

    aluth kathawak wage balamu balamu..manam bagayai kiyeuwe mahansi kiyawanna :D ela ela sub walata thanx machoo

  34. Gihan

    නියමයි තැන්කු වේවා.....

  35. LIO

    normally I don't watch TV series apart from 24 but here you put good effort to write this article need to appreciate it

    thanks for details and good luck to you

  36. Laksh!tha

    Thanks Bro...!!!

  37. yasasa lakmintha

    හම්මෝ.. ලිපිය කියවලා මහන්සී. :)
    මම මේකෙ Triler එක බෑලුවේ ඊයේ IMDB එකෙන්. මුලින්ම හිතුවේ film එකක් කියලා,දෑන් තමා දන්නේ සීන් එක ඔයාගේ ලිපිය කියවපු නිසා සහෝ. :)
    කොහොම වුනත් Supernatural කතාවට පිස්සු හෑදුන රසිකයෙක් විදියට මේක මග හරින්නෙ කොහොමද??තවම Season 9 එක එහෙම්මම තියන්වා බලන්න, ඒක ඉවර කරලම මේකත් බලනවා අනිවා..දිගටම මේකට සබ් දෙන්න පුලුවන් වෙන්න කියලා සුබ පතනවා. ජය වෙවා MDG සහෝ..!! :)

  38. Kushen

    me mokakda ban me? :) rachanawakda? ade episode eke subtitle tikawath mechchara diga nathuwa athi.ube wisthare kiyewwama kohomada ban nobala inne.wistharenma therenawa uba mekata kochchara mahansi welada kiyala.mekath bagena balamuko.sub ekata thanks hode :) supernatural sub dena ekath issara wage ikmanata denna puluwannm godak sathutui saho ;)

  39. prabhath

    thanks thawa epi tkakk eliyata awama balanawa

  40. තිසර නියෝ (Thisara Buddhika)

    හම්මේ නියමයි..
    කොමික් එකක්නම් නොබලා කොහොමද? මාස ගානක් බලන් හිටියේ එනකල්. හැබැයි මේ චරිතෙනම් මට අලුත්. ඒ නිසා කිසිම දැනුමකින් තොරව මුල ඉඳන්ම බලන්න පුළුවන්...
    :P
    උපසිරැසියට තුති සහෝ…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  41. චන්දිම අමරසිංහ

    සුපිරියි ස්තුතියි ...
    දිගටම කරගෙන යමු..
    ලිපියනමි එකෙන්ම මරු....

  42. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි MDG සහො :P ජය

  43. shehan

    thanks saho....vadenam supirima ......digatama karamuu..good luck

  44. රවිඳු නිපුන්

    lipiya nam supiriyi saho...
    meka balanna gannawa..
    thanks sub ekata!!!

  45. Amil

    සබ් එකටයි ලිපියටයි බොහොම ස්තුතියි !

  46. ඉමල්ක

    ගොඩක් ස්තුතියි MDG සහෝ

  47. Ama

    බොහොම ස්තූතියි සහෝ!!!!

  48. dewaka

    ela ela onna baa gannawa. digatama sub denna sahoo..............
    gd luck........................

  49. nirosha dilshan

    lassana kathawak wage math danma balanna one.thanks

  50. මචං මැක්ස්

    හම්මේ නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා... :D

Load more comments