Watch Trailer

Cowboy Bebop (1998) [S01 : E19 & E20] Sinhala Subtitles | අධිමානුෂික උමතු ඝාතකයා [සිංහල උපසිරසි]

Cowboy Bebop [S01 : E19 & E20] Sinhala Subtitles 1998 වසරේදී විකාශය වුනු, IMDB දර්ශකයේ 8.9 ක ඉහළ අගයක් වගේම MyAnimeList දර්ශකයේ 8.75 ක ඉහළ අගයක් ලබා ගෙන මේ වෙන විට Top Anime ලැයිස්තුවේ 46 වන ස්ථානයේ පසු වෙන අතරේ Action, Sci fi, Space, Adult Cast යන Genre වලට අයත් වෙමින්, Award Winning ඇනිමෙ එකක් […]

Cowboy Bebop Sinhala Subtitles

1998 වසරේදී විකාශය වුනු, IMDB දර්ශකයේ 8.9 ක ඉහළ අගයක් වගේම MyAnimeList දර්ශකයේ 8.75 ක ඉහළ අගයක් ලබා ගෙන මේ වෙන විට Top Anime ලැයිස්තුවේ 46 වන ස්ථානයේ පසු වෙන අතරේ Action, Sci fi, Space, Adult Cast යන Genre වලට අයත් වෙමින්, Award Winning ඇනිමෙ එකක් බවට පත් වුනු, මිනිත්තු 24 බැගින් වුනු කොටස් 26 කින් සමන්විත Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ 19 සහ 20 කොටස් සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ.

පසුගිය කොටස්වලින් අපිට දකින්න පුලුවන් වුනා බිම්මල් වෙළෙන්දෙක් එක්ක බිබොප් කණ්ඩායමේ එඩ් හැප්පෙන විදිහ සහ අභිරහස් වීඩියෝ ටේප් එකක් නිසා බිබොප් කණ්ඩායමට යන්න වුනු දුරක තරම. බඩගින්නේ හිටපු බිබොප්ලාට එඩ්ගේ උත්සහය නිසා අලුත්ම කෑමක රස බලන්න පුලුවන් වුනා. මුලදී ඒ බිම්මල නිසා ඒක කන අයට විකාර මනෝ ලෝකයක් මැවෙන බවක් පේන්න තිබුනත් ඒක අන්තිමේදි මේ අර මුලදී පෙන්නපු බිම්මලම ද කියන එකත් එක්ක මේ අර බිම්මලම ද කියන එක ඒක නරඹන අපිටම ප්‍රශ්නයක් වුනා. කොහොමහරි බිම්මල්වලින් සල්ලි හොයන්න පුලුවන් කියල කිව්වත් බිබොප්ලට සල්ලි නම් ලැබුනේ නෑ. ඊට පස්සෙ නමක් ලිපියනක් නැතුව, නිවාඩු පාඩුවේ හිටපු බිබොප්ලගෙ ළඟට ආපු VHS ටේප් එකේ තියෙන දේ බලන්න ක්‍රමයක් තිබුනෙ නැති නිසා, ඒක ප්ලේ කරල බලන්න උපකරණයක් හොයාගෙන ආපහු පෘථිවියට එන්න බිබොප්ලට සිද්ධ වුනා. අන්තිමේදි ටේප් එක දාලා බලද්දි ඇතුලෙ තිබුනෙ පෘථිවියේ පාසල් යන කෙල්ලෙක්ගෙ වීඩියෝ කෑල්ලක් විතරයි. කොහොමින් කොහොම හරි ඒකත් බිබොප්ල්ට සල්ලි ගේන මාර්ගයක් වුනේ නම් නෑ.

මේ වතාවේ බිබොප්ලට එක්තරා යාන්ත්‍රික දෝෂයක් නිසා අභ්‍යවකාශයේ එක්තැන් වෙලා ඉන්න වෙනවා. බවුන්ටි නියම කරපු තුන් දෙනෙක් මේ බිබොප්ලට මුණ ගැහෙනවා. හැබැයි මෙයාලා එක දෙයක් නිසා විශේෂයි, ඒ තමයි මෙයාලා එක්තරා වෛරසයක් යොදාගෙන ප්‍රහාර එල්ල කරන එක. ඒකත් අමුතුම විදිහකට තමයි පහර දෙන්නෙ. ඊට පස්සෙ බිබොප් කණ්ඩායමේ ස්පයික්ට මෙතෙක් මුහුණ නොදුන්නු දරුණුම කෙනාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කෙටියෙන්ම කිව්වොත් මෙයා අධිමානුෂික ඝාතකයෙක්. මෙයා අධිමානුෂික ඝාතකයෙක් වුනේ කොහොමද? ස්පයිට මෙයාව මුණ ගැහෙන්නෙ කොහොමද? ස්පයික් මෙයාව පරද්දන්නෙ කොහොමද? බිබොප්ලා වෛරසයක් යොදාගෙන පහර දෙන අයගෙන් බේරෙන්නෙ කොහොමද? ඒ බවුන්ටිය ගන්න බිබොප්ලට පුලුවන් වේවිද? නරඹන්න එහෙනම් මේ කොටස් දෙකත්. Cowboy Bebop ඇනිමෙ කතා මාලාවේ මීළඟ කොටස් තුළින් හමුවෙමු.

“See You Space Cowboy…”

✍️…ලංකන් weebs වෙනුවෙන් –  හසරංග නදීෂ. Cowboy Bebop Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා පමණක් අදාළ වේ.

388 downloadsDownload Cowboy-Bebop-S01-E19-E20-Sinhala-Subtitles.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1All BT1Next BT1

Cowboy Bebop Sinhala Subtitles

Subtitles by

ලංකන් Weebs

Subtitles

388 downloadsDownload Subtitles21 KB

2 comments

  1. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P