Demon Slayer මුළු ලෝකයක්ම ආදරයෙන් වැළදගත්තු උන්මාදජනක ඇනිමෙ එකක ආරම්භය සනිටුහන් කරන්නයි මේ සූදානම. නම ඇසූ පමණින් ඒ කතාව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. කතාව මොන වගේද, කතාවෙ චරිත මොන වගේද, කොටින්ම කතාවේ මේ කී වෙනි කතා සමයද කියන එක පවා කියන්නම ඕනි නෑ. මේ කතාව ඒ තරමටම ජනප්‍රිය අතින් ඉහළටම ගිහින් තියෙ…

මුළු ලෝකයක්ම ආදරයෙන් වැළදගත්තු උන්මාදජනක ඇනිමෙ එකක ආරම්භය සනිටුහන් කරන්නයි මේ සූදානම. නම ඇසූ පමණින් ඒ කතාව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. කතාව මොන වගේද, කතාවෙ චරිත මොන වගේද, කොටින්ම කතාවේ මේ කී වෙනි කතා සමයද කියන එක පවා කියන්නම ඕනි නෑ. මේ කතාව ඒ තරමටම ජනප්‍රිය අතින් ඉහළටම ගිහින් තියෙනවා. ඉතින් ඒ ජනප්‍රියත්වය නිසාම අලුත් සීසන් එකේ පළවෙනි කොටසේ සිංහල උපසිරැසිය මම මේ විදිහට හැකි ඉක්මනින් අරන් ආවා. එහෙනම් අපි යමු මේ උන්මාදජනක කතාවේ අලුත් කතා සමය පැත්තට.

Demon Slayer: Hashira Training Arc Key Visual
2023 අවුරුද්දෙ නිකුත් වුනු Season 3, එහෙම නැත්නම් Swordsmith Village Arc හි අවසානය එක්කම මේ Hashira Training Arc එක Demon Slayer Season 4 විදිහට නිළ වශයෙන් නිවේදනය කළා. ඒ වගේම මීට සමගාමීව Demon Slayer:Kimetsu No Yaiba-To the Hashira Training නමින් චිත්‍රපටයකුත් සිනමා ශාලා සඳහා නිකුත් කරනවා. සුපුරුදු විදිහටම Ufotable Studio වෙතින් අරන් එන මේ Demon Slayer ඇනිමෙ කතා මාලාවේ Season 4 හෙවත් Kimetsu No Yaiba හි Hashira Training Arc එක, එහෙමත් නැතිනම් Hashira Geiko-Hen කියල හඳුන්වන මේ Arc එක Koyoharu Gotouge ගේ Kimatsu No Yaiba මන්ගා මාලාවේ chapter 128-136 අතර සිදුවීම් ආවරණය කරනවා. ඒ වගේම මේ Season 4 වෙනුවෙන් නිකුත් වෙන නිශ්චිත කොටස් ප්‍රමාණය ගැන නිශ්චිත තොරතුරක් කිසි තැනක දක්වලා නම් නෑ. ඒ කොහොම වුනත් මේ උපසිරැසිය නිකුත් කරන මොහොත වෙද්දි MyAnimeList හි 8.2 ක අගයක් ලබා ගෙන තියෙනවා. මේ ආරම්භක කොටස මිනිත්තු 49 ක ධාවන කාලයකින් යුක්තයි. මේ Season 4 හි Opening Theme එක වෙන “Mugen” ගීතය MY FIRST STORY සංගීත කණ්ඩායම සහ Hyde විසින් perform කරනු ලබනවා. ඒකත් මේ වතාවෙ අමුතුම රසයක් අපිට අරන් එනවා.
ඉතින් Demon Slayer Season 3 හි, එහෙම නැත්නම් Swordsmith Village Arc එකේ සිද්ධ වුනු කතාවේ සාරාංශයක් කෙටියෙන් අරන් ආවොත්, ඒ කතාව ඇරඹුනේ කතාවේ කතා නායකයා වෙන තන්ජිරෝ කමාඩෝ යක්ෂණියක් බවට හැරුනු තමන්ගේ නංගිත් එක්ක සැඟවුනු අසිපත් සාදන්නන්ගේ ගම්මානයට යන අවස්ථාවෙනුයි. අලුත්ම අසිපතක් සාදා ගැනීමේ අරමුණින් යන මේ ගමේදී තන්ජිරෝට යක්ෂ නාශක බලකායේ සාමාජිකයෙක් වෙන ශිනසුගවා ගෙන්යා සමඟින් ආදර හෂිරා වෙන මිට්සුරි කන්රොජි සහ මීදුම් හෂිරා වෙන මුයිචිරෝ තොකිතෝ මුණ ගැහෙනවා. ඒ අතරෙදි එක්වරම ගමට යක්ෂ ප්‍රහාරයක් එල්ල වෙනවා. මේ ප්‍රහාරයේ එක් කොනකින් ඉහළ නිලයේ යක්ෂයින් අතරින් ඉහළ පස්වෙනියා වෙන ගියොක්කො සහ තවත් කොනකින් ඉහළ හතරවෙනියා වෙන හන්ටෙන්ගු මතු වෙනවා. ආදර හෂිරා වෙන මිට්සුරි කන්රොජි සහ තන්ජිරෝ සමඟින් නිචිරින් තුවක්කුවක් තම ආයුධය කරගත්තු ගෙන්යා ඉහළ හතරවෙනියාට එරෙහිව සටන අරගෙන යද්දී, මීදුම් හෂිරා වෙන මුයිචිරෝ තොකිතෝ තනිවම ඉහළ පස්වෙනියාට එරෙහිව සටන අරගෙන යනවා.
මේ සටන් අතරතුරේදී අපිට මිට්සුරිගේ, මුයිචිරෝගේ වගේම ගෙන්යාගේ අතීත කතාවන් දැනගන්නටත් ලැබෙනවා. ඉහළ පෙළේ යක්ෂයින් දෙන්නාගේ අති භයානක ශිල්ප හරහා සටන ගෙන යන මේ පිරිසත් ඊට නොදෙවෙනිව තමන්ගේ හැකියා ඔස්සේ ප්‍රතිප්‍රහාර එල්ල කරනවා. අවසානයේදී මීදුම් හෂිරා අතින් ඉහළ නිලයේ පස්වෙනියා වෙන ගියොක්කො මරණයට පත් වෙද්දි, ඉතා දීර්ඝ විනාශකාරී සටනක් ඉහළ හතරවෙනියාට එරෙහිව තන්ජිරෝ, මිට්සුරි සහ ගෙන්යා අරගෙන යනවා. හැකියාවන් අතින් සුවිශේෂී තැනක ඉන්නවා දකින්න ලැබුනු ඉහළ හතරවෙනියා හිරු පායන මොහොත තෙක් සටන අත් හැරියේ නෑ. අවසානයේ අසීරු වෑයමකින් යුතුව ඉහළ හතරවෙනියා වෙන හන්ටෙන්ගුවත් මරණයට පත් කරන්න තන්ජිරෝ සමත් වෙනවා. එක් පැත්තකින් අසිපත් සාදන්නන්ගේ ගම සම්පූර්ණයෙන්ම විනාශ වෙද්දි කතාවේ සුවිශේෂී සිදුවීම් දෙකක් අවසානයේදී සිද්ධ වුනා. පළවෙනි එක තමයි සටනේදී මිට්සුරි, මුයිචිරෝ සහ තන්ජිරෝ යම් කිසි සලකුණක් මතු කරන්න සමත් වුනු එක. ඒ සලකුණ මොකක්ද කියන එක අපිට Season 4 හි එනම් Hashira Training Arc ආරම්භක කොටසෙදි දැනගන්න ලැබෙනවා. දෙවෙනි කාරණාව තමයි තන්ජිරෝගේ නංගි වෙන නෙසුකො කමාඩෝ සූර්යාලෝකය ජය ගැනීම. කතාවේ හැටියට කිසිම යක්ෂයෙක්ට සූර්යාලෝකයට මුහුණ දෙන්න බෑ කියන එක Demon Slayer රසිකයො වෙන ඔයාලා හොඳින්ම දන්න දෙයක්. නෙසුකොගේ මේ මොහොත ඇත්තෙන්ම කතාවේ හැරවුම් ලක්ෂ්‍යයක් වුනා.
මේ සිදුවීමට පස්සෙ මේ සටනට පස්සෙ පවත්වන හෂිරා රැස්වීමේදී තමන්ගේ අත්දැකීම් මිට්සුරි සහ මුයිචිරෝ විස්තර කරනවා. නෙසුකො දැන් ඉන්නෙ යක්ෂ නාශක බලකායේ රැකවරණය යටතේ. ඒ අනුව යක්ෂාධිපති කිබුට්සුජි මුසාන් මේ නෙසුකෝව හඹාගෙන එන්න දෙපාරක් හිතන්නෙ නෑ කියන අනුමානය මත ඉදිරියේදී එන යුද්ධයට සූදනම් වෙන්න යක්ෂ නාශක බලකායේ සාමාජිකයන්ව හෂිරාවරු යටතේ පුහුණුවකට ලක් කරන්න තීරණයක් එනවා. මේ Arc එකෙන් අපිට බලාගන්න ලැබෙන්නෙ ප්‍රධාන වශයෙන් අන්න ඒ පුහුණුව තමයි. ඒ අතරේ තව තව දේවල් නොයෙක් නොයෙක් තැන්වල සිද්ධ වෙනවා. ඉතින් කතාවේ මීළඟට සිද්ධ වෙන දේවල් අපි ඉදිරියේදී බලමු. නරඹන්න එහෙනම් මේ හෂිරා පුහුණුවේ ආරම්භක කොටස. සුපුරුදු විදිහට කතාව ගැන වගේම උපසිරැසිය ගැන ඔයාලගෙ අදහස පහළින් කියාගෙන යන්න අමතක කරන්න එපා. Swordsmith Village Arc එකේ ආරම්භය මං ගත්තා වගේම මේකෙත් ආරම්භය මම අරගත්තා. අපේ කණ්ඩායමේ ඉතුරු සහෝදරවරු ඉතුරු කොටස්වලට සිංහල උපසිරැසි අරන් ඒවි. එහෙනම් පටන් ගන්න Demon Slayer උන්මාදය වැළඳගන්න රසවිඳින්න කියල ආරාධනා කරන ගමන් මම දැනට මෙතනින් නවතිනවා. Happy Anime!
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Episode Name – To Defeat Muzan Kibutsuji
Aired Date – 2024.05.12
IMDB Rating – 8.1 (2024.05.13)
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.
8,596 downloadsDownload Demon-Slayer-S04-E01-Sinhala-Subtitles.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #2021
- #2023
- #Akiyuki Shinbo
- #Demon Slayer
- #Demon Slayer Season 04
- #Demon Slayer Sinhala Sub
- #Editor's Pick
- #Hitoshi Ône
- #Kimetsu no Yaiba
- #Mamoru Miyano
- #Masaki Suda
- #MaxxA
- #Mugen Train Arc
- #Nobuyuki Takeuchi
- #Offbeat
- #Season 04
- #Shunji Iwai
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Suzu Hirose
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
32 comments
dilsara
Sadun
Mechchara ikmanata dei kiyala hituwe na. Thanks broo
Daddy
Ade episode 2 ko ???
Namal
Thanks bro
Dinujaya
Adoop Episode 2 depaaaaaaaan
Pasindu
Digatama mehema sub digena yamu gammc
Dilshan buddika
සුපිරි ❤️❤️ Good luck
Anonymous
Thanks for Sub Brother...
Anonymous
Sub එක ඉක්මනට දුන්නට thank you bro. අනිත් ඒවත් ඉක්මනට දෙන්න
Anonymous
❤️✨️
හශාන්
පිස්සුවක් උනු සීරීස් එකක්... තෑන්ක්ස් මචං
Dimuthu
නියමයි මගෙ හදපිරි ප්‍රනාමය
Dimuthu
මගෙ හද පිරි ප්‍රනාමය
Lithula Laknada
Movie eka dwnload krnne kohomada
Ravindu Heshan - Admin
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Lithula Laknada
Thanks
Anonymous
Ep 2 dennko
Anonymous
E02 denne nadda
Anonymous
E02 denne nadda
THE LIVING LEGEND
Episode 2 eke subs denne nadda
Asala
අනේ S02 එවන්නෙ නැද්ද...හෙටට දවස් පහක් දෙයියනේ
Anonymous
අනේ S02 එවන්නෙ නැද්ද...හෙටට දවස් පහක් දෙයියනේ
Anonymous
S02 denne nadda
Dimuthu
ඇයි මෙකට විතරක් අඩු සැලකිලි ගිය සිසන් එකත් එමයි සබ් දෙන්න සෙට් උන අය
hasindu
ado vinland saga anime eke sinhala sub ekat puluwnnm dennko, plz
Anonymous
Episode 02 oni
Kaveesha nethmika
Thank
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharindu Dilshan
thanks
Ishan Madusha
බොහොම ස්තූතියි.
Hasindu
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thnx bro sub ekt , issaraha episode walatath me wage ikmanin sinhala sub eka oni