Daldal S01 Sinhala Subtitles ආයුබෝවන් යාළුවනේ! අද මම ඔයාලට අරගෙන ආවේ Amazon Prime Video හරහා නිකුත් වුණු අලුත්ම කතාමාලාවක පළමු කොටසයි. ‘Daldal’ Season 1 (2026). Psychological Crime Thriller ගණයට අයත් වෙන, ප්‍රේක්ෂකයින්ව එක දිගටම කුතුහලයෙන් තියාගන්න පුළුවන් සුපිරිම කතාමාලාවක්. මේකට දැනටමත් 5.3/10 ක…

Daldal S01 Sinhala Subtitles
ආයුබෝවන් යාළුවනේ! අද මම ඔයාලට අරගෙන ආවේ Amazon Prime Video හරහා නිකුත් වුණු අලුත්ම කතාමාලාවක පළමු කොටසයි. ‘Daldal’ Season 1 (2026). Psychological Crime Thriller ගණයට අයත් වෙන, ප්‍රේක්ෂකයින්ව එක දිගටම කුතුහලයෙන් තියාගන්න පුළුවන් සුපිරිම කතාමාලාවක්. මේකට දැනටමත් 5.3/10 ක IMDb අගයක් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් රහස් පරීක්ෂක කතා වලට කැමති අයට මේක හොඳ ආරම්භයක් වේවි.
මේ කතාමාලාව නිර්මාණය වෙලා තියෙන්නේ Vish Dhamija ගේ ‘Bhendi Bazaar’ කියන ජනප්‍රිය නවකතාව පාදක කරගෙනයි. කතාව රචනා කළේ ‘Tumhari Sulu’ සහ ‘Jalsa’ වැනි සුපිරි නිර්මාණ අපිට දායාද කළ Suresh Triveni ඇතුළු කණ්ඩායම. ඒ වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ‘Gullak’, සහ ‘TVF Bachelors’ වැනි ජනප්‍රිය කතා අධ්‍යක්ෂණය කළ Amrit Raj Gupta විසින්. මෙහි ප්‍රධාන චරිතය වෙන මුම්බායි අපරාධ අංශයේ (Mumbai Crime Branch) ලාබාලතම DCP වරිය වන රීටා ෆෙරෙයිරාගේ (Rita Ferreira) චරිතයට පණ පොවන්නේ ‘Dum Laga Ke Haisha’, ‘Bhakshak’ සහ ‘Badhaai Do’ වගේ නිර්මාණ වලින් අපේ ආදරය දිනාගත්ත දක්ෂ නිළි Bhumi Pednekar විසිනුයි. ඊට අමතරව ’12th Fail’ චිත්‍රපටයේ රඟපෑ Geeta Agrawal Sharma මෙන්ම, Samara Tijori සහ Aditya Rawal ඇතුළු දක්ෂ නළු නිළි කැලක් මෙහි රංගනයෙන් දායක වෙනවා.
කතාව පටන්ගන්නෙම අපිව කෙලින්ම මුම්බායි වල පිලාවාඩි (Pilawadi) රෙඩ් ලයිට් ඒරියා එකේ සිද්ධවෙන පොලිස් මෙහෙයුමකට අරගෙන ගිහින්. අම්මා කෙනෙක් තමන්ගේ දුවව ‘දාදා’ කියන පාතාලයාගෙන් බේරගන්න දරන සටනකුත් බලාගන්න පුළුවන්. ඒත් මේක නිකම්ම නිකං හොරා පොලිස් සෙල්ලම වගේ සාමාන්‍ය කතාවක් නෙවෙයි. ඊට වඩා ගොඩක් භයානක, අඳුරු පැත්තකට තමයි කතාව යන්නේ.
ප්‍රධාන චරිතය වන DCP රීටාට මේකෙදි මුහුණ දෙන්න වෙන්නේ මුළු නගරයම හොල්ලපු දරුණු දාම ඝාතකයෙකුට (Serial Killer). මේ මිනීමරුවා ගොදුරු කරගන්න අයව මරන්නේ හරිම කෲර විදිහට. මැණික්කටුව කපලා, කට ඇතුළට යම් දේවල් ඔබලා මේ ඝාතන සිදුකරන්නේ. මේ මිනීමරුවා පස්සේ පන්නන රීටාටත් මේ වැඩේ ලේසි වෙන්නේ නැහැ මොකද පැත්තකින් පුරුෂ මූලික සමාජයෙන් වගේම රස්සාව ඇතුළෙනුත් එන පීඩනය, අනිත් පැත්තෙන් එයාගේම අතීතයේ තියෙන අඳුරු මතකයන් එක්ක එයාට ලොකු සටනක් කරන්න වෙනවා. ඇත්තටම මේ කතා මාලාව තුල මිනීමරුවා කවුද කියලා හොයනවට වඩා මනුස්සයෙක්ගේ ළමා කාලයේ සිදුවුණු අමිහිරි දේවල් නිසා ඇතිවන මානසික කම්පනයන් වලින් කොහොමද මේ වගේ දරුණු තත්වෙකට පත් කරන්නේ කියන එක ගැන ගැඹුරින් කතා කරන සුපිරිම cat-and-mouse ගේම් එකක් කිව්වොත් හරියටම හරි.
ඉතින් මේ කිසිම අනුකම්පාවක් නැති මිනීමරුවා කවුද? තමන්ගේම ප්‍රශ්නත් එක්ක හැප්පෙන ගමන් මේ අභිරහස විසඳලා අපරාධකාරයාව නීතියට කොටු කරගන්න රීටාට පුළුවන් වෙයිද? මේ ඔක්කොම දැනගන්න නම් කතාව බලන්නම වෙනවා. එහෙනම් කතා මාලාව සිංහල උපසිරැසි එක්කම අරගෙන බලන්න කියලා මම ආරාධනා කරනවා. ඊළඟ කොටසේ උපසිරැසියත් අරගෙන මම ඉක්මනින්ම එන්නම්.
ඔබ සැමට කඳසුරිඳු පිහිටයි!
Daldal S01 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
364 downloadsDownload Daldal-S01E05.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Daldal S01 Sinhala Subtitles
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
2 comments
Buddhika laKMal
Sahan Gayantha
thanks a lot Rukshan brother sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Daldal [S01: E05] Sinhala Subtitles | අදෘශ්‍යමාන සතුරා [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/03/Daldal-S01-2.jpg)



තෑන්ක්ස් තරිදු අයියේ සබ්එකට