Twisted Metal [S02 : E01] Sinhala Subtitles දෙවෙනි එපිසෝඩ් එක පටන් ගත්තේ අවුරුදු දහයකට කලින් වෙච්ච සිද්ධියකින්. ඒ කාලේ ඩෝල්ෆේස් (ක්‍රිස්ටා) ඉඳලා තියෙන්නේ පිරිමි කණ්ඩායමක් යටතේ. මේ පිරිමි ටික ගෑනු අයට කිසිම තැනක් දෙන්නේ නැතුව, උන් විතරක් ලොකු සීන් එකේ ඉන්නවා. ඉතින් ඩෝල්ෆේස් තීරණය කරනවා මේක නවත්තන්න.…

දෙවෙනි එපිසෝඩ් එක පටන් ගත්තේ අවුරුදු දහයකට කලින් වෙච්ච සිද්ධියකින්. ඒ කාලේ ඩෝල්ෆේස් (ක්‍රිස්ටා) ඉඳලා තියෙන්නේ පිරිමි කණ්ඩායමක් යටතේ. මේ පිරිමි ටික ගෑනු අයට කිසිම තැනක් දෙන්නේ නැතුව, උන් විතරක් ලොකු සීන් එකේ ඉන්නවා. ඉතින් ඩෝල්ෆේස් තීරණය කරනවා මේක නවත්තන්න. ඉතින් මේ කෙල්ල අනිත් ගෑනු ළමයි ටිකත් එකතු කරගෙන, අර පිරිමි ටිකට වෙඩි තියලා මරලා දාලා ඒ කඳවුරේ බලය අල්ලගන්නවා.
දැන් ආයෙත් වර්තමානයට ආවොත්, ජෝන් ඇහැරෙනකොට මිනිහා ඉන්නේ ඩෝල්ෆේස්ලාගේ කඳවුරේ ඇඳකට තියලා විලංගු දාලා. එතැනදී තමයි මිනිහට දැනගන්න ලැබෙන්නේ ඩෝල්ෆේස් කියන්නේ ඇත්තටම තමන්ගේ නංගී “ක්‍රිස්ටා” කියලා. කෙල්ල ජෝන්ට කතා කරන්නේ “ලයනල්” කියලා. ජෝන්ට ඉතින් පරණ මතකයන් නැති හින්දා පොඩ්ඩක් අමුතු විදිහට තමයි නංගීව බදාගන්නේ. 😉
ජෝන්ට ඕනේ වෙන්නේ ක්වයට්වත් එක්කගෙන කොහේ හරි ඈත තැනකට ගිහින් නිදහසේ ජීවත් වෙන්න. හැබැයි ක්වයට් ඉන්නේ ලොකු තීරණයක. කෙල්ලට ඕනේ අර කැලිප්සෝගේ තරඟයට ගිහින් ඒක දිනන්න. දිනලා ලැබෙන පැතුමෙන් නගරයේ තාප්ප විනාශ කරලා දාන්නයි කෙල්ලට ඕනේ. ජෝන් හිතන්නේ තමන්ගේ නංගී ක්වයට්ගේ ඔළුව කාලා අවුල් කරලයි කියලයි, ඒත් ඩෝල්ෆේස් කියනවා ඒක ක්වයට්ගේම තීරණයක් කියලා.

මේ කණ්ඩායම මෙහෙයවන්නේ කවුද කියලා තීරණය කරන්න පොඩි රේස් එකක් තියනවා. ඒකෙන් ක්වයට් දිනනවා. ජෝන් මුලින් පොඩ්ඩක් අදිමදි කළත්, පස්සේ නංගීගේ උපදෙස් අහලා ක්වයට්ව දිරිමත් කරනවා. අන්තිමේදී ක්වයිට් තීරණය කරනවා ජෝන්වත් මේ තරඟයට හවුල් කරගන්න. හැබැයි දැන් මෙයාලට හොඳ ආයුධ ඕනේ. ඒ නිසා මෙයාලා “ඩීසල් සිටි” කියන නගරයට යන්න ලෑස්ති වෙනවා.
එපිසෝඩ් එක ඉවර වෙන්නේ බ්ලැක්ෆීල්ඩ් උන්මත්තකාගාරයෙන්. එහේ ඉන්න “මිස්ටර් ග්‍රිම්” ට කැලිප්සෝ ලියුමක් එවලා තියෙනවා තරඟයට එන්න කියලා. මිනිහා හෙල්මට් එක අතට අරන් “අපි එනවා” කියලා කියනවා.
මේ එපිසෝඩ් එක ගැන බැලුවොත්,
මේ එපිසෝඩ් එකේ ගොඩක් දේවල් සිද්ධ වෙනවා නේද ? විශේෂයෙන්ම ජෝන්ගේ නංගී ආපු එකයි, අර අන්තිමට ආපු බයික් කාරයා ගැනයි බලනකොට ඉස්සරහට පට්ට ක්‍රියාදාම ටිකක් අපිට බලාගන්න පුළුවන් වෙයි.
දෙවැනි එපිසෝඩ් එකේ වැඩිපුරම අවධානය දෙන්නේ ජෝන් සහ ක්වයිට් දෙන්නටයි. කාලෙකට පස්සේ මෙයාලා දෙන්නා ආයෙත් මුණගැහුණත්, ඒක ජෝන් හිතපු තරම් ලේසි වුණේ නෑ. ක්වයට් දැන් ඉස්සර හිටපු කෙනා නෙවෙයි: කෙල්ල මේ “ඩෝල්ස්ලා” එක්ක සෙට් වෙලා, ලොකු අරමුණක් තියෙන වෙනස්ම මනුස්සයෙක් වෙලා.

හැබැයි එපිසෝඩ් එක ඉවර වෙද්දී ජෝන් සහ ක්වයට් අතර තිබ්බ අර පරණ ගතිය ආයෙත් දකින්න ලැබෙන එක නියමයි. විශේෂයෙන්ම දෙන්නා මරාගන්න ගමන් දාන “පැණි කතා” ටික දකිද්දී පළවෙනි සීසන් එකේ තිබ්බ ඒ සුපිරි ආතල් ගතිය ආයෙත් මතක් වෙනවා.
දැන් ඉතින් “මිස්ටර් ග්‍රිම්” තරඟයට එනවා, අනිත් පැත්තෙන් අර පිස්සා ස්වීට් ටූතුයි ස්ටූයි ඉන්නවා. ඉතින් ඉස්සරහට මොන වගේ දේවල් වෙයිද කියලා කියන්න බෑ. හැබැයි එක දෙයක් ෂුවර්, ඉස්සරහට ලේ ගලන පට්ටම ක්‍රියාදාම ටිකක් බලාගන්න පුළුවන් වෙයි !
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ගැළපේ
340 downloadsDownload Twisted-Metal-S02E03-Sinhala-Subtitles.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Twisted Metal, Twisted Metal S02, Twisted Metal Sinhala, Twisted Metal Sinhala Subtitles, Twisted Metal Sinhala Sub
Subtitles by
UD Shehan
Subtitles
- #2023
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #Subtitles
- #Twisted Metal
- #Twisted Metal S01
- #Twisted Metal S01 Sinhala Subtitles
- #Twisted Metal Sinhala
- #Twisted Metal Sinhala Sub
- #Twisted Metal Sinhala Subtitles
- #UD Shehan
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Sandaru Nimsara
Advertisement
![Twisted Metal [S02 : E03] Sinhala Subtitles | මාරක කාර් මනුස්ස යන්ත්‍රය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/03/Twisted-Metal-Season-2-1.jpg)



Thanks