Deli Boys Sinhala Subtitles පෙර කොටසින්… පළවෙනි එපිසෝඩ් එක පටන් ගන්නේ මුහුණු ආවරණය කරගත්ත හොරු දෙන්නෙක් ඇවිත් කඩේ කොල්ලකන සීන් එකකින්. ඊට පස්සේ කතාව පැය කිහිපයක් පස්සට යනවා, ඒ කියන්නේ එදා උදේට. උදේ ඩාර්කෝ කට්ටිය යනවා මැක්ස් ෂුගර්ව හම්බෙන්න. මැක්ස්ව හම්බෙන්න යන අතරමඟදී රාජ් සහ මිර් දෙන්නා පාරේදී මරා…
Deli Boys Sinhala Subtitles
පෙර කොටසින්…
පළවෙනි එපිසෝඩ් එක පටන් ගන්නේ මුහුණු ආවරණය කරගත්ත හොරු දෙන්නෙක් ඇවිත් කඩේ කොල්ලකන සීන් එකකින්. ඊට පස්සේ කතාව පැය කිහිපයක් පස්සට යනවා, ඒ කියන්නේ එදා උදේට. උදේ ඩාර්කෝ කට්ටිය යනවා මැක්ස් ෂුගර්ව හම්බෙන්න. මැක්ස්ව හම්බෙන්න යන අතරමඟදී රාජ් සහ මිර් දෙන්නා පාරේදී මරාගන්නවා.මැක්ස් ෂුගර්ගේ ඔෆිස් එක දැකලා මෙයාලා හොල්මන් වෙනවා. මැක්ස් එකපාරටම සප්‍රයිස් එකක් දීලා ඇතුලට ඇවිත් මෙයාලව ටිකක් බය කරනවා. මිර් බය වෙච්ච විදිහට මැක්ස් හිනාවෙලා, “ඒක ආයෙත් කරලා පෙන්නන්න” කියලත් කියනවා.
ඊට පස්සේ මිර් කෙලින්ම වැඩේට බහිනවා. මැක්ස්ට කියනවා එයාලගේ කුඩු සල්ලි සුදු කරලා දෙන්න කියලා. එතනදී මිර් කියන ඩයලොග් එක “Notting Hill” ෆිල්ම් එකේ ජූලියා රොබර්ට්ස් කියන ප්‍රසිද්ධ *”Just a girl…”* කතාව ආශ්‍රයෙන් කියන එකක්. මේ අතරේ රාජ් අහනවා අහමඩ්ව හොයාගන්න පරණ වීඩියෝ/ටේප් රෙකෝඩින්ග්ස් ටික දෙන්න පුළුවන්ද කියලා. හැබැයි ලකී ඒක නවත්තලා හැමෝටම වාඩිවෙන්න කියලා අණ කරනවා.
ලකීගේ මේ හැසිරීම දැකලා මැක්ස් ෂුගර්ට සෑහෙන්න පුදුම හිතුනත්, මිනිහා ඒකට ආස කරනවා. මිර් ආයෙත් කතාව බිස්නස් එක පැත්තට හරවනවා. ෂුගර් කියනවා සුදු කරන හැම ඩොලර් එකකින්ම 20%ක් තමන්ට ඕන කියලා. හැබැයි ලකී ඒ ඔෆර් එක එකපාරටම ප්‍රතික්ෂේප කරනවා. ලකී සහ ෂුගර් අතරේ තියෙන මේ අමුතු රොමෑන්ටික් වයිබ් එක දිගටම තියෙනවා.
ඒ වෙලාවෙම ෂුගර් CCTV කැමරාවෙන් දකිනවා කැසිනෝ මේසෙක කෙනෙක් හොරයක් කරනවා. මිනිහා කෙලින්ම ගිහින් ඒ මනුස්සයව අල්ලගෙන, ගේම් එක වෙනස් කලාට දඬුවමක් විදිහට දාදු කැට ටික හපලා කන්න කියලා බල කරනවා.
ඊට පස්සේ ඒ මිනිහව පස්සේ බලාගන්නම් කියලා එතනින් අරන් යනවා. මැක්ස් එයාලගේ මීටින් එක එදා රෑ 7ට කල් දාලා, ඒකට ලකීට විතරක් එන්න කියනවා. ලකී ආයෙත් ෂුගර් එක්ක ගණන් හිලව් කතා කරනවා, දෙන්නා අතරේ තියෙන කෙමිස්ට්‍රි එකත් සෑහෙන්න තදට පේනවා.
ඊළඟ සීන් එකේ තිබුණේ නගරාධිපති තනතුරට තරඟ කරන ඇන්ඩෲ චැඩ්වෝටර්ගේ ඇඩ් එකක්. එයාගේ ප්‍රතිපත්තිය තමයි “කුඩු/මත්ද්‍රව්‍ය නැති රටක්”. මිනිහා “Jawnies” ගැන අප්ඩේට් එකක් ගන්නවා. ඒක මේ දවස්වල සෝෂල් මීඩියා වල යන අලුත්ම ට්‍රෙන්ඩ් එකක් ඒකෙදි කරන්නේ මත්ද්‍රව්‍ය අයිස් වතුර එක්ක කලවම් කරලා බීලා උඩ පැනලා පිනුම් ගහන එක.
චැඩ්වෝටර්ගේ කළමණාකරු, ජිම්, මිනිහගේ පරණ සැමියා වෙච්ච ක්‍රේග් ගැන මතක් කරනවා. ඇන්ඩෲ ඒක නවත්තන්න හැදුවත්, පස්සේ අහනවා “ක්‍රේග් කතා කරාද?” කියලා. ඇන්ඩෲට පරණ අතීතය මතක් වෙලා ටිකක් දුක් වෙනවා, වගේම තමන්ගේ සැමියා කුඩුවලට ඇබ්බැහි වුනේ ඩාර්කෝ කට්ටිය හින්දා කියලා බනිනවා. හැබැයි ජිම් ඒක නිවැරදි කරන්න හදද්දී, ඇන්ඩෲ එතනදිම ජිම්ව රස්සාවෙන් අස් කරනවා.
ඊට පස්සේ ඩාර්කෝ තුන්දෙනා ආපහු එයාලගේ කඩේට එනවා. මෙයාලගේ සහයකයා මැතිව්ට කියලා තිබුණේ සල්ලි ටික කඩේ ඇතුලේ හංගන්න කියලා. හැබැයි එක පෙට්ටියක උගුලක් අටවලා තිබුණා. මිර් අත්වැරදීමකින් ඒක ක්‍රියාත්මක කරා, ඒකෙන් විදපු ඊතල මැතිව්ගේ ඇඟේ වදිනවා.
ලකී ඩොලර් මිලියන 2ක් තමන්ගේ ඇඳුමේ තන්දෙක අස්සේ ඔබාගන්න හැදුවත් ඒක හරියන්නේ නැහැ. මැතිව් තමන්ව හොස්පිට්ල් එකට අරන් යන්න කියලා කෑගහනවා. මිර් සහ රාජ් දෙන්නා ඊතල වැදුණු එකට එකිනෙකාට බැන ගන්නවා.
හවස ලකී ෂුගර්ව හම්බෙන්න යද්දී කැසිනෝ එක වහලා තිබුණේ. හැබැයි එයාටයි ෂුගර්ටයි විතරක් ප්‍රයිවට් ටේබල් එකක් ලෑස්ති කරලා තිබුණා.
මේ අතරේ කඩේදී, රාජ් ආයෙත් අර උගුල අටවනවා. මැක්ස්, ෂුගර්ගේ සාර්ථකත්වයන් ගැන පිස්සුවෙන් වගේ කියවනවා. ෂුගර් ලකී එක්ක මුකුළු කරන ගමන් තමන්ගේ දුව ගැනත් කතා කරනවා. ෂුගර් කියනවා ලකීට “ඔයා දෙවැනි පෙම් හමුවකටත් කැමති නම් විතරක් සල්ලි සුදු කරන වැඩේ කරලා දෙන්නම් කියලා. ඒකට ඔට්ටුවක් විදිහට බ්ලැක්ජැක් ගේම් එකක් ගහන්න කියනවා, ලකී දිනුවොත් බිස්නස් විතරයි, පැරදුනොත් පෙම් හමුවට එන්න ඕනේ. ලකී ඒකට එකඟ වෙලා, ෂුගර් එක්ක සෑහෙන්න ළඟින් ඇසුරු කරනවා.
ලකී ෂුගර් එක්ක කිසිම බිස්නස් ඩීල් එකක් නැතුව ආපහු කඩේට ආපු එක ගැන කොල්ලෝ දෙන්නට පුදුමයි. අන්න ඒ වෙලාවේ තමයි කතාව ආයෙත් අර මුලින්ම පෙන්වපු හොරකම් කරන සීන් එකට එන්නේ. රාජ් අටවපු උගුල් වල මෙයාලම පැටලෙනවා, හොරු ටික ලකීව කොටු කරගන්නවා.රාජ් සහ මිර් ලකීව බේරගන්න එළියට ආවත්, එයාලවත් කොටු වෙනවා. ලයිට් ආපහු පත්තුවෙද්දී හොරු ලෑස්ති වෙන්නේ මෙයාලා හැමෝවම මරලා දාන්න. අන්න ඒ වෙලාවෙම ෂුගර් එතනට එනවා ලකී දාලා ගිය බඩුවක් අරගෙන. ෂුගර් හොරුන්ට කියනවා තමන් එක්ක වාසනාව උරගා බලන සෙල්ලමක් කරන්න එන්න කියලා.
කැම්ඩන් කල්ලිය ඉවරයක් කරලා දැම්මේ මේ ෂුගර්ම තමයි කියලා දැනගත්තම හොරු ටික බය වෙනවා. ෂුගර් කිසිම ගාණක් නැතුව කියනවා, “නෑ, ඒ කල්ලිය එක දාදු කැට සෙල්ලමකින් පැරදුණා විතරයි” කියලා.
එක හොරෙක් “ඉරට්ටේ” තෝරලා එතනින් බේරිලා යන්න හදනවා. හැබැයි ෂුගර්ගේ ප්ලෑන් එක වෙනස්. එයා ඒ හොරුන්ව එළියෙදි මරවලා දානවා. ලකී මේ වැඩෙන් පැහැදිලා, ෂුගර් එක්ක බිස්නස් වගේම සතුටක් ලබන්නත් කැමති වෙනවා.
ඊළඟ සීන් එකෙන් පෙන්වන්නේ ෂුගර්ගේ සල්ලි සුදු කරන බිස්නස් එක. රාජ් හිතන්නේ මේ කඩේ කොල්ලකෑම පිටිපස්සේ ඉන්නේ අහමඩ් කියලා.
අන්තිමට, ඇන්ඩෲ එයාගේ කළමණාකාරිය සෆියා එක්ක ඔෆිස් එකෙන් එළියට එනවා. එතකොට එයාලට නොටිෆිකේෂන් එකක් එනවා ඩාර් පවුලේ කට්ටියව “ෂුගර් පැලස් කැසිනෝ” එකේදී දැක්කා කියලා. ඇන්ඩෲ කැසිනෝ එකට යන්න තීරණය කරන ගමන්, “ඩාර්ලා සෆියාගේ නෑදෑයෝ වෙන්න ඇති” කියලා පොඩි ජාතිවාදී විහිළුවකුත් කරනවා.
ඉතින්, මේ එපිසෝඩ් එක ගැන කතා කරනවා නම්,අපේ දාර් කොල්ලන්ගේ කඩේ තිබුණු අර සුපිරි ආතල් විහිළු ගතිය තාමත් ඒ විදිහටම තියෙන එක ගැන සතුටුයි. මැක්ස් ෂුගර් මේකට එකතු වීමත් එක්ක, ඩාර්කෝලගේ බිස්නස් එකට සිරාම හැරවුමක් ලැබිලා තියෙනවා.
ලකී සහ ෂුගර් අතර තියෙන තද කෙමිස්ට්‍රි එක බලන් ඉන්න ටිකක් අවුල් වගේ වුණත්, ඒකේ පොඩි ගතියක් තියෙනවා. අහමඩ් තාමත් නිදැල්ලේ ඉන්න එකයි, ඩාර්කෝලා තමන්ගේ බිස්නස් එක ලොකු කරන එකයි එක්ක, Deli Boys බලන අයට මේ සීසන් එකෙන් සුපිරි ආතල් එකක් සෙට් වෙයි වගේ.
විශේෂයෙන්ම, කාටවත් අපහාස වෙන්නේ නැති විදිහට, සමාජයේ තියෙන සාමාන්‍ය මත/ස්ටීරියෝටයිප්ස් පාවිච්චි කරලා හාස්‍යය මතු කරපු විදිහට මම පට්ටම ආසයි.
Deli Boys Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
45 downloadsDownload Deli-Boys-S02E02.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Deli Boys Sinhala SubtitlesSubtitles by
UD Shehan
Subtitles
- #Deli Boys S02 Sinhala Subtitles
- #Deli Boys Season 02 Sinhala Sub
- #Deli Boys Season 02 Sinhala Subtitles
- #Deli Boys Sinhala Sub
- #Deli Boys Sinhala Subtitles
- #Editor's Pick
- #Offbeat
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #UD Shehan
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Sandaru Nimsara
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks