Deli Boys Sinhala Subtitles 4 වෙනි එපිසෝඩ් එක පටන් ගන්නේ රාජ් හිරගෙදරින් පැනලා යන්න හදන හීනයකින්. මිනිහා එකපාරටම ගැස්සිලා ඇහැරෙනවා. තමන්ව බලන්න ආවේ නැති එකට රාජ් තාමත් මීර් එක්ක ඉන්නේ කේන්තියෙන්. හැබැයි මීර් රාජ්ගෙන් සමාව ඉල්ලනවා. ඒ අතරේ රේසාගෙන් මීර්ට කෝල් එකක් එනවා ගොල්ෆ් ක්ලබ් ඩීල් එක ගැන කතා කර…
Deli Boys Sinhala Subtitles
4 වෙනි එපිසෝඩ් එක පටන් ගන්නේ රාජ් හිරගෙදරින් පැනලා යන්න හදන හීනයකින්. මිනිහා එකපාරටම ගැස්සිලා ඇහැරෙනවා. තමන්ව බලන්න ආවේ නැති එකට රාජ් තාමත් මීර් එක්ක ඉන්නේ කේන්තියෙන්. හැබැයි මීර් රාජ්ගෙන් සමාව ඉල්ලනවා. ඒ අතරේ රේසාගෙන් මීර්ට කෝල් එකක් එනවා ගොල්ෆ් ක්ලබ් ඩීල් එක ගැන කතා කරන්න. කොහොම හරි රාජ්ට හිරෙන් එළියට එන්න ලැබෙන්නේ සති දෙකකට විතරයි, මොකද ඊට පස්සේ නඩුව පටන් ගන්නවා.
මීර් සහ රාජ්, රාජ් හදපු “Kill Ahmad” මූඩ් බෝඩ් එක ගැන කතා වෙනවා. මෙයාලා අහමඩ්ගේ වැඩ කරන තැන ලොකර් එක පරීක්ෂා කරද්දී, අහමඩ් සහ අලි එකතු වෙලා එක එක තැන් වල ගත්ත පින්තූර වගයක් හම්බවෙනවා. හැබැයි මීර්ට නම් විශ්වාස කරන්න බෑ අහමඩ් සහ අලි යාළුවෝ කියලා. මෙයාලා අලිට කෝල් කරන්න තීරණය කරනවා වගේම උදව් ඉල්ලලා ලකීටත් කතා කරන්න හදනවා, හැබැයි ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ.
ඊළඟ සීන් එකෙන් පෙන්නන්නේ ෂුගර් සහ ලකී කටු චිකිත්සාවකට ගිහින් ඉන්නවා. ලකී මීර්ගෙන් එන කෝල් එක මගහරිනවා, හැබැයි ෂුගර් කියනවා එයාලා ඇත්තටම ඇවිත් ඉන්නේ උපදේශන සායනයකට කියලා. ලකී එතනින් යන්න හැදුවත්, ෂුගර් ගෑනිව කැමති කරවගෙන නතර කරගන්නවා.
මීර් සහ රාජ් ඊළඟට යන්නේ අලිව හම්බවෙන්න. තමන් “පට්ට හිරකාරයා” විදිහට ප්‍රසිද්ධ වෙලා ඉන්න එක නිසා රාජ්ගේ අවධානය ටිකකට වෙනස් වෙනවා. අලි මෙයාලව ගෙට ගන්න ටිකක් බය වුණත්, මිනිහගේ බිරිඳ වන අයේෂා, මේ කියන “පට්ට හිරකාරයව” දැකපු එකට සතුටු වෙලා එයාලට ගේ ඇතුළට කතා කරනවා. මේ අතරේ මීර් දකිනවා “ASS” කියලා අකුරු ගහපු පිරිමි සෙරෙප්පු දෙකක්.
ඊළඟට පෙන්නන්නේ චැඩ්වෝටර්, රාජ්ගේ මේ ජනප්‍රියත්වය නැති කරන්න වෙනත් ප්ලෑන් එකක් ගහන්න හදනවා. ඒක කරන්න ගිහින් මිනිහා අත්වැරදීමකින් රාජ්ගේ පෝස්ට් එකකට ලයික් එකකුත් දානවා. මිනිහා ෂුගර් පැලස් කැසිනෝ එකට විරුද්ධව සෝදිසි වරෙන්තුවක් ගන්නයි ප්ලෑන් කරන්නේ. හැබැයි මැතිව් (ඒ කියන්නේ ඩිනෝ) මේ කතාව හොරෙන් අහගෙන ඉන්නවා. මිනිහා දැනුම්දීමක් නැතුව ඔෆිස් එකට ඇතුළු වුණත්, රස්සාවෙන් අයින් නොවී බේරෙන්නේ චැඩ්වෝටර්ට බඩු ටික ආපහු බාර දෙන්න මිනිහව ඕන වෙන නිසා.
මේ අතරේ මීර් සහ රාජ්, අලි එක්ක තමන්ගේ සහ අහමඩ්ගේ යාළුකම ගැන කතා කරනවා. අහමඩ්ව මරපු කෙනාව හොයනවා කියලා රාජ් කියද්දී අලි හොඳටම ගැස්සෙනවා. උපදේශන සායනයෙදි, ෂුගර් කතාවට ඇදලා ගන්නවා ලකී සහ එයාගේ බෑනලා දෙන්නා (රාජ් සහ මීර්) අතර තියෙන සම්බන්ධය ගැන. ලකී එතනදී උපදේශීකාවට තර්ජනය කරනවා තමන් කතා කරන කිසිම දෙයක් කාටවත් කියන්න එපා කියලා.
අලි මීර්ට සහ රාජ්ට යන්න කියනවා, හැබැයි මීර් කියනවා අතුරුපස කන්නේ නැතුව යන්න බැහැ කියලා. මීර්ට තේරෙනවා අලි මොකක් හරි දේකට බයෙන් සහ සැකෙන් ඉන්නේ කියලා. සාමාන්‍යයෙන් අපේ වගේ ආසියාතික ගෙවල් වලට අමුත්තෝ ආවම වෙන සංග්‍රහ කිරීම් සහ කතාබහ ගැන මීර් පොඩි විස්තරයක් කරනවා. හැබැයි රාජ්ට මීර් කියන දේ තේරෙන්නේ නෑ. මිනිහගේ අවධානය තියෙන්නේ රාජ් ගැන තියෙන කැමැත්ත කෙළින්ම පෙන්වන අයේෂා දිහාවටමයි. මීර් හිතන්නේ අලි තමයි අහමඩ්ව මරලා තියෙන්නේ කියලා.

චැඩ්වෝටර් සෝදිසි වරෙන්තුවකුත් අරන් කැසිනෝ එකට යනවා. එතන තියෙන අධිතාක්ෂණික පුටුවකට ආස හිතිලා, මිනිහා ඒක “නඩු භාණ්ඩයක්” විදිහට අරන් යනවා. ෂුගර්ගේ ගෝලයා ඉක්මනටම ෂුගර්ට කෝල් කරලා මේ ගැන කියනවා.අලි සහ අයේෂා කේන්තියෙන් රණ්ඩු වෙන අතරේ, මීර් සහ රාජ් තීරණය කරනවා අලිගේ ගේ ඇතුළේ එයාලගේ සෝදිසිය දිගටම කරන්න. සායනයෙදි, ලකී රාජ් සහ මීර්ට සලකන විදිහ ගැන ලකී සහ ෂුගර් හොඳටම රණ්ඩු වෙනවා. උපදේශීකාව මෙතනින් මාරු වෙන්න හැදුවත් ලකී ආයෙත් ගෑනිට තර්ජනය කරනවා.
රාජ්, අයේෂාව වෙනතකට යොමු කරගෙන ඉන්න අතරේ මීර් ගේ සෝදිසි කරනවා. මීර්ට රේසාගෙන් ගොල්ෆ් ක්ලබ් ඩීල් එක ගැන වීඩියෝ කෝල් එකක් ආවත්, අලි එකපාරටම එතනට එන නිසා ඒක බාධාවක් වෙනවා. අලි ෆෝන් එකෙන් කාට හරි කතා කර කර ඉන්නේ හොඳටම බය වෙලා.
අයේෂා රාජ් එක්ක මුකුළු කරනවා, රාජ් ඒක මගහරින්න “අපි දෙන්නා ෆොටෝ එකක් ගමු” කියලා කියනවා. ඒ අතරේ අලි “මුන් දෙන්නව අයින් කරලා දාමු” කියලා ෆෝන් එකෙන් කියනවා මීර්ට ඇහෙනවා. අයේෂා සහ රාජ්, අලි සහ මීර් ඉන්න තැනට එනවා. රාජ් මේක දැකලා, අයේෂාවයි අලිවයි ෆොටෝ ගන්න එළියට එක්කන් යනවා.
සායනයෙදි, උපදේශිකාව ලකීගෙන් අහනවා “ඇයි ඔයා රාජ් සහ මීර් ගැන මේ තරම් හිතන්නේ” කියලා. ලකී කියනවා තමන්ගේ අමාරුම කාලවල් වලදී එයාලගේ තාත්තා තමන්ට උදව් කරලා හොඳ ජීවිතයක් දුන්නා කියලා. ලකීට ටිකක් දුක හිතිලා අඬන්න වගේ එනවා, ඒ අස්සේ උපදේශිකාවට නින්ද යනවා! ලකී ගෑනිට කෝකෙන් ටිකක් නහයට ඉව කරන්න දීලා ආයෙත් පියවි සිහියට ගන්නවා.
මීර් සහ රාජ්, අලිගේ ගෙයින් පැනගන්න හදද්දී අලි එයාලට තුවක්කුවක් දික් කරනවා. රාජ් අයේෂා එක්ක මුකුළු කරලා, අලිට කියනවා තුවක්කුව බිමින් තියලා තමන්ගේ නම බේරගන්න උදව් කරන්න කියලා. එතකොට අයේෂා කියනවා අහමඩ් එයාලගේ ගෙදර හැංගිලා ඉන්නේ කියලා, ඒ වගේම මිනිහා ගෙදර ඉන්න අමුත්තෙක් විදිහට කොච්චර වදයක්ද කියලා දොස් කියන්න ගන්නවා. ඊට පස්සේ අපිට පේනවා අහමඩ් හොරෙන්ම එළියට පනිනවා. අහමඩ් යන යන හැමතැනම මීර් සහ රාජ් මිනිහා පස්සෙන් එළවගෙන යනවා. මේ නිසා මීර්ට ගොල්ෆ් ක්ලබ් මීටින් එක මගහරින්න වෙනවා.
දැන් උපදේශිකාව ඉන්නේ කුඩු ගහලා මත්වෙලා, මේකෙන් ගෑනි එක දිගටම කතා කරන්න ගන්නවා විශාල ජවයකින්. ගෑනි කියනවා ලකී මොනවා වුණත් රාජ් සහ මීර්ට ආදරේ කරන නිසා ෂුගර්ට ඒක තර්ජනයක් වගේ දැනෙනවා කියලා. ලකී ඒකට එකඟ වෙනවා. තව උපදේශිකාව කියනවා ලකී කියන්නේ ඕනම දෙයක් කරන්න පුළුවන් හැකියාවක් තියන කෙනෙක් කියලා. ෂුගර් කියනවා මේ කොල්ලෝ දෙන්නා නිසා ලකීගේ ගමන නතර වෙලා තියෙන්නේ කියලා. ලකීටත් තේරෙනවා ඒ කතාවේ ඇත්තක් තියෙනවා කියලා.අහමඩ් රාජ්ට තුවක්කුව දික් කරලා තර්ජනය කරලා කියනවා, තමන් යාළුවෙක්ගේ උදව්වෙන් මෘත ශරීරාගාරයකින් මිනියක් හොයාගත්තා කියලා. මීර් එකපාරටම අහමඩ්ට පාරක් ගහලා මිනිහව සිහි නැති කරනවා. ඒ අතරේ ෂුගර් සහ ලකී උපදේශනයෙන් අයින් වෙලා, මින්පස්සේ දෙන්නා අතරේ අවංක වෙනවා කියලා එකඟ වෙනවා. හැබැයි ඒ වෙලාවෙම, අර සිද්ධිය ගැන දෙන්නටම මැසේජ් එනවා, ඉතින් දෙන්නම ආයෙත් එකිනෙකාට බොරු කියනවා.
ලකී කඩේට එද්දී එතන අහමඩ්, රාජ් සහ මීර් ඉන්නවා. ගෑනි අහමඩ්ට ගහන්න ලෑස්ති වෙනවා. චැඩ්වෝටර්ට නම් කැසිනෝ එකෙන් ලොකු දෙයක් හම්බවෙන්නේ නෑ. හැබැයි ඒ වෙලාවෙම මිනිහට හැංගිච්ච වැදගත් ලිපිලේඛන තියෙන සේප්පුවක් හම්බවෙනවා.
මේ එපිසෝඩ් ගැන කතා කරොත්,
අහමඩ්ගේ ඇත්ත තත්ත්වය එළියට ආපු එක වටිනවා! අඩුම ගානේ රාජ්, අහමඩ්ව මැරුවේ නැහැ කියලා දැන් තහවුරුයිනේ. චැඩ්වෝටර්, ෂුගර්ව වට්ටන්න උපරිම උත්සාහ කරනවා වගේම මිනිහට හොඳ සාක්ෂිත් හම්බවෙනවා.
අයේෂා කියන්නේ ලස්සන අය දැක්කම පිස්සු වැටෙන රසික රසිකාවියෝ නියෝජනය කරන චරිතයක්. පොදුවේ ගත්තොත්, මේක ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුණු පට්ට එපිසෝඩ් එකක්!
Deli Boys Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
51 downloadsDownload Deli-Boys-S02E05.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Deli Boys Sinhala SubtitlesSubtitles by
UD Shehan
Subtitles
- #Deli Boys S02 Sinhala Subtitles
- #Deli Boys Season 02 Sinhala Sub
- #Deli Boys Season 02 Sinhala Subtitles
- #Deli Boys Sinhala Sub
- #Deli Boys Sinhala Subtitles
- #Editor's Pick
- #Offbeat
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #UD Shehan
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika laKMal
Sandaru Nimsara
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ස්තූතියි ශෙහාන් සහෝ උපසිරැසියට