Watch Trailer

Duty After School (2023-) [S01: E02] Sinhala Subtitles | හමුදා පුහුණුව ඇරඹේ. [සිංහල උපසිරැසි]

කොහොමද හැම කෙනෙක්ටම. පලවෙනි කතාංගය ලබා දීලා යම් කාලයකට පස්සේ තමයි අපි ඔන්න ඉතිරි කොටස් ටික ලබා දෙන්නෙ. පහුගිය ටිකේම බයිස්කෝප් වෙබ් අඩවියේ ග්ලෝරි සහ වීබ්ස් කණ්ඩායම විසින් ඔබ වෙත තිලිණ කල ඇනිමි කතා මාලා සඳහා වැඩි ඉඩක් ලබා දෙන්න සිදුවෙලා තිබුණ නිසා මේ කතා මාලාව පොඩ්ඩක් පස්සට ගියා. කොහොම වුණත් අප්‍රේල්…

කොහොමද හැම කෙනෙක්ටම. පලවෙනි කතාංගය ලබා දීලා යම් කාලයකට පස්සේ තමයි අපි ඔන්න ඉතිරි කොටස් ටික ලබා දෙන්නෙ. පහුගිය ටිකේම බයිස්කෝප් වෙබ් අඩවියේ ග්ලෝරි සහ වීබ්ස් කණ්ඩායම විසින් ඔබ වෙත තිලිණ කල ඇනිමි කතා මාලා සඳහා වැඩි ඉඩක් ලබා දෙන්න සිදුවෙලා තිබුණ නිසා මේ කතා මාලාව පොඩ්ඩක් පස්සට ගියා. කොහොම වුණත් අප්‍රේල් 20 වෙනිදා නිකුත් වෙන අලුත්ම සහ අවසාන එපිසෝඩ් ටික උණු උණුවෙම දෙන්න කටයුතු සුදානම් කරලා තියෙන්නෙ මේ වෙනකොට. 🙂

හැම වෙලාවෙම අලුත් විධියක දෙයක් ලෝකයට දෙන්න උත්සහ කරන නිර්මාණකරුවන් පිරිසක් ඉන්න දකුණු කොරියාවෙන් තමයි මෙවරත් මේ වෙනස් වැඩේ ලෝකෙට තිලිණ වෙන්නේ.

පළමු කොටස බලපු අයට මතක ඇතිනේ ලෝකයම වසාගත්ත දිලිසෙන බෝල ටික. මේවා හඳුන්වන නාමය තමයි ස්ෆියර්ස් කියන්නේ. මේවට පහරදුන්නම වෙන දේ ගැනත් ලෝකෙම දැනුවත්. හැබැයි මේ බෝල මොනවද කියල ලෝකේ කවුරුත්ම දන්නේ නැහැ. ඔය අතරේ එක බෝලයක් දකුණු කොරියාවට කඩා වැටෙනවා.

පෘථිවියට කඩන් වැටුණු පළවෙනිම බෝලය තමයි ඒක. එතැනදී මහා භයානක සිදුවීමක් අනාවරණය වෙන නිසා හදිසියේම කොරියානු රජය තීරණය කරනවා උසස් පාසල් සිසුන්ට හමුදා පුහුණුව ලබාදෙන්න ඕන කියල. ඒ වෙනුවෙන් ඉදිරි වසර සඳහා අමතර ලකුණු පිරිනැමීමක් සිදුකරනවා. ඒ හේතුව නිසා හැම ලමෙක්ම වගේ මේ හමුදා පුහුණුවට යොමුවෙන්න ගන්නවා. හැබැයි එයාලට ඇත්තම හේතුව කියන්නේ නැහැ කවුරුත්ම. සාමාන්‍යය වැසියෝ ඒ ගැන දන්නෙත් නැහැ ඇත්තටම ඒ වෙනකොට ඒ වෙන දේවල් ගැන.

ඉතිං අද මම මේ අරගෙන ආව කොටසින් තමයි නිල වශයෙන් දෙවැනි සහ තෙවැනි වසර අධ්යාපන කටයුතු සිදුකරන උසස් පාසල් සිසුන්ට හමුදා පුහුණුව ලබාදීම ආරම්භ කරන්නේ. අද අපිට බලාගන්න පුළුං තමන්ගේත්, ඉතිරි ලෝකයේත් ඉරණම ගැන හරියාකාර දැනීමක් නැති තරුණ ළමයි ටිකක් තමන්ගේ ලෝකවලට ගැලපෙන විධියට හැසිරෙන විධිය ගැන, ඒ විතරක් නෙමෙයි, තමන්ගේ ලෝකවල හිටිය ළමයි තුෂ්නිම්භූත වෙලා යන සිදුවීමක් ගැනත් කතාංගය අවසන් හරියෙදි අපිට බලාගන්න ලැබෙනවා.

එහෙම නම් තවත් උපසිරසියකින් අපි මුණගැහෙමු. එතෙක් ඔබ සැමට ජයෙන් ජය!

Military Training Begins

Director: Yong-Il Sung

Writers: Ha Il-Kwon, Lee Nam-Gyoo

IMDB Ratings : 7.4

Air Date: 31 March 2023


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,089 downloadsDownload Duty-After-School-E02.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1

Next BT1

 

 

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

3,089 downloadsDownload Subtitles33 KB

7 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Anonymous

    Thanks

  3. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි විමා සොයුර ..........

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ

  5. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..