Watch Trailer

Duty After School (2023-) [S01: E03] Sinhala Subtitles | නිවෙස් කරා යෑමට… [සිංහල උපසිරැසි]

එක් වරම හිටි හැටියේ අහසින් කඩා වැඩුනු පිටසක් වල ගෝල ටිකක් නිසා,මෙච්චර කාලෙයක් සාමාන්‍ය විදියට දුවමින් තිබ්බ කොරියානු ජනතාවගෙ ජීවිත ගමන මාරාන්තික විදියට වෙනස් වෙන්න ගත්තෙ කවුරුත් නොහිතපු මොහොතක. ඒ පිටසක් වල ගෝල වලින් පැමිණි අත්භූත සත්ත්වයින් ගේ ප්‍රහාරයන් නිසා,කොරියානු හමුදා ඒකක වල සිටි ගොඩක් වීරෝධා…

එක් වරම හිටි හැටියේ අහසින් කඩා වැඩුනු පිටසක් වල ගෝල ටිකක් නිසා,මෙච්චර කාලෙයක් සාමාන්‍ය විදියට දුවමින් තිබ්බ කොරියානු ජනතාවගෙ ජීවිත ගමන මාරාන්තික විදියට වෙනස් වෙන්න ගත්තෙ කවුරුත් නොහිතපු මොහොතක. ඒ පිටසක් වල ගෝල වලින් පැමිණි අත්භූත සත්ත්වයින් ගේ ප්‍රහාරයන් නිසා,කොරියානු හමුදා ඒකක වල සිටි ගොඩක් වීරෝධාර යුධ සෙබලුන්ට තම දිවි අහිමිව යනවා. එම නිස,කොරියානු උසස් පාසැල් වල ඉගෙනුම ලබන සිසුන්ට යුධ පුහුණුව ලබා දී මෙම අත්භූත පිටසක්වල ජීවින්ට එරෙහිව කෙරෙන්නා වූ මාරක යුද්ධය කරා යොමු කිරීමට කොරියානු හමුදා ඒකක ක්‍රියා කරනවා.

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ අද ගොඩක් කතාබහට ලක් වෙන සුපිරි ගනයේ තවත් එක් කොරියානු ටෙලි කතා මාලාවක තුන් වන එපිය සඳහා උපසිරැසියත් අරගෙන. කලින් පිටවූ එපිසෝඩ් දෙකෙන් ම නොලැබුනු ත්‍රාසජනක ආස්වාදයක් ඔයාලට මේ එපිය හරහා ලැබේවි කියල හිතනවා.මෙතෙක් කල් පුරාවට යුධ පුහුණුව මගින් පුහුණු වීම් කරනු ලැබූ කොරියානු උසස් පාසැල් සිසුන් ඔවුන්ගේ පළමු මෙහෙයුමට මේ එපිය තුලදී ඇතුළත් වෙනවා. එහිදී ඔවුන් ගේ කණ්ඩායම් වල සිටින ඇතැම් සාමාජිකයන් ගේ ජීවිත අහිමි වී යන්නෙ බොහොමත් අවාසනාවන්ත විදියට… තමන් ට කරකියාගත යමක් නොමැති බව වටහාගත් මෙම සිසුන් හමුදා ඒකක වලින් ඉතා තරයේ ඉල්ලා සිටින්නෙ තමන් හට නිවෙස් කරා යාමට ඉඩ ලබාදෙන බවයි.නමුත් ළමුන් ගේ ආරක්ෂාවට වග කියන යුධ හමුදා ඒකක ඊට අවස්ථවක් ලබාදෙන්න කැමති වන්නෙ නෑ.

Duty After School හි තුන් වන එපිය වන මේ එපිය පසුගිය මාර්තු 31 වන දා ජනතාව අතරට පැමිණීමත් සමඟම ඉතා ඉහල රේටින් අගයක් ලබා ගැනීමට සමත් වෙමින් කතා මාළාව කෙරෙහි ප්‍රෙක්ෂකයාට ඇති ඇල්ම තව තවත් වැඩිකීරීමට සමත් වෙනවා.ඒ,මෙම එපියේ අවසානයෙ සිදුවන කුතුහලයෙන් පිරි ජවනිකා කිහිපයත් සමඟයි.මොනව ද ඒ ජවනිකා? එපිය නරඹාම තීරණය කරන්න! හතරවන එපියෙන් ඉක්මනින් ම හමුවෙමු!

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,843 downloadsDownload Duty-After-School-E03.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Next BT1

All BT1

Next BT1

Subtitles by

දුලක්ෂ සම්පත්

Subtitles

2,843 downloadsDownload Subtitles30 KB

4 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..