ආයූබෝවේවා හැමෝටම… අළුත් අවුරුද්දත් කිට්ටු නිසා බයිස්කෝප් අපි හිතුවා ඔයාලට තෑග්ගක් විදියට අළුත්ම ටීවී සීරිස් එකක් අරන් එන්න. ඒ අනුව තමයි මාත් එක්ක තවත් සහෝදරයෝ කීප දෙනෙක් එකතු වෙලා Duty After School කතා මාලාව මේ විදියට ඔයාලට දෙන්නේ. මේ කතාමාලාව මෑත කාලයෙදි ගොඩක් ජනප්‍රියත්වයට ලක් උනා කිව්වොත් නිවැරද…

ආයූබෝවේවා හැමෝටම… අළුත් අවුරුද්දත් කිට්ටු නිසා බයිස්කෝප් අපි හිතුවා ඔයාලට තෑග්ගක් විදියට අළුත්ම ටීවී සීරිස් එකක් අරන් එන්න. ඒ අනුව තමයි මාත් එක්ක තවත් සහෝදරයෝ කීප දෙනෙක් එකතු වෙලා Duty After School කතා මාලාව මේ විදියට ඔයාලට දෙන්නේ. මේ කතාමාලාව මෑත කාලයෙදි ගොඩක් ජනප්‍රියත්වයට ලක් උනා කිව්වොත් නිවැරදියි. කොරියානු කතාමාලාවන්ට කැමති රසිකයන් විතරක් නෙමෙයි අනිත් අයටත් මේක බැළුවට පාඩුවක් වෙන්නේ නෑ කියලා මතක් කරන්න ඕන. පාර්ට් 1 සහ පාර්ට් 2 විදියට නිකුත් වෙන්න නියමිතව තිබුන මේ කතාමාලාවේ පාර්ට් 1 විදියට කොටස් 06ක් මේ වසරේ මාර්තු 31 නිකුත් උනා. පාර්ට් 2 විදියට තවත් කොටස් 04ක් අප්‍රේල් 28 වෙනිදා නිකුත් වෙන්න නියමිතයි. Ha II-kwon විසින් මෙනමින්ම රචිත වෙබ් නවකතාවක් තමයි Duty After School කතා මාලාවට පාදක වෙලා තියෙන්නේ. Action/ Sci-Fi/ Thriller යන ශානරයන්ට තමයි නිර්මාණය වර්ග කරලා තියෙන්නේ. එහෙනම් මේ අද්භූත තර්ජනය මොකක්ද කියලා අපි බලමු.
මීට හරියටම වසරකට කලින් ලෝකෙයේ සෑම රටකම සෑම ස්ථානයකම ඉහල අහසේ යම් කිසි අද්භූත ගෝලාකාර වස්තුවක් දර්ශනය වෙනවා. මේ ගෝල දර්ශනය නොවෙන්නේ රුසියාවේ අධික හිම පතිත වෙන ප්‍රදේශ වල විතරයි. ස්ෆියර්ස් කියලා හදුන්වන මේ ගෝල කිසිම චලනයක් නැතුව වසරක් පමණ එකම තැන තියෙනවා. බැලූ බැල්මට කිසි තර්ජනයක් නැති උනත් මෙහෙම දෙයක් තමන්ට ඉහළ අහසේ දර්ශනය වෙද්දි ඕන කෙනෙක් බය වෙනවනේ. ඒ නිසා ගොඩක් රටවලින් ප්‍රහාරක යානා යොදාගෙන මේවා කීපයකට පහර දෙනවා. නමුත් මේ ස්ෆියර්ස් වලට කිසිම හානියක් වෙන්නේ නෑ වගේම පහර දෙන හැම සැරේකම මේ ස්ෆියර්ස් දෙගුණ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා සෑම රටක්ම වෙන දෙයක් වෙච්චාවේ කියලා මේ ස්ෆියර්ස් වලට මුකුත් නොකර ඉන්නවා. සාමාන්‍ය ජනතාවත් මේවා ගැන අමතක කරලා ගුවන් ගමන් අවලංගු කරලා නැව් සහ අනෙකුත් වාහන වලින් තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතා කරගෙන පාඩුවේ ඉන්නවා.
ඔහොම ඉන්න අවස්ථාවක තමයි දකුණු කොරියාවේ එක් ස්ථානයකට මේ ස්ෆියර්ස් එකක් කඩන් වැටෙන්නේ. මේ වැටුන ස්ෆියර්ස් එක පරීක්ෂා කරන්න යන හමුදා නිළධාරීන් පිරිසකට සිද්ධ වෙන ඇබැද්දියක් නිසා කොරියානු රජය ඓතිහාසික තීරණයක් ගන්නවා. ඒ තමයි උසස් පාසල් ළමුන්ට හමුදා පුහුණුව ලබා දෙන එක. අහසින් බෝලයක් වැටුනු පලියට පාසල් ලමයිට හමුදා පුහුණුවක් දෙන්න තරම් මොකද වෙලා තියෙන්නේ කියලා දැනගන්නම් ඔයාලට මේ කොටස නරඹන්නම වෙනවා.
එහෙනම් තවත් විස්තර කියන්න අදහසක් නෑ. ඔයාලත් ඉක්මනට උපසිරසිය අරන් කොමෙන්ටුවක් දාගෙන යන්න. ඒ වගේම මේ කතා මාලාව ගැන දැනුවත් කරලා උපසිරසි ගන්වන්න මූලික උනේ ශාන් විමුක්ති සහෝ තමයි. ඒ එක්කම බිම්සර යෂාන් (ඔලිවර්) සහෝත් ගොඩක් මහන්සි උනා. ඒ දෙන්නත් එක්ක දුලක්ෂ සම්පත් සහ නයන බුද්ධික සහෝලා ඉතුරු කොටස් ටික ඔයාලට අරන් එයි. මගේ වැඩ කොටස මෙතනින් ඉවරයි පාර්ට් 2 වලින් නැවතත් හමුවෙමු. ජයවේවා !
කතාංගයේ නම – “Question the Spheres”
කතා රචනය – Yoon Soo
අධ්‍යක්ෂනය – Seong Yong-il
විකාශය වූ දිනය – 2023 මාර්තු 31
IMDb අගය – 8.6
මීළඟ කතාංගය – “Military Training Begins”
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,697 downloadsDownload Duty.After_.School.-S01E01.zip71 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
- Action
- Thriller
- Horror
- War
- Crime
- Sci-Fi
- Mystery
- Sinhala Subtitles
- Adventure
- Fantasy
- Coming-of-age
- Military Sci-Fi
- #2023
- #Duty After School E01 Sinhala Sub
- #Duty After School S01E01 Sinhala Sub
- #Duty After School Sinhala
- #Duty After School Sinhala Sub
- #Duty After School Sinhala Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
20 comments
Nuwan
Bimsara Yashan(ඔලිව)
මඟ නවත්තන්නෑ සහෝ. ඒක කරගෙන යන ගමන්. ඉස්සරහට ලැබේවි.
Ravindra
Thanks
Bimsara Yashan(ඔලිව)
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. ජයවේවා!
Pavith Wijesooriya
ගොඩක් ස්තූතියි යුරාන් අයියේ සබ් එකට. මේක නම් අනිවා බලනවා තමයි. බලමු එහෙනම් මේක මොනවගේ ගැම්මක් අල්ලයිද කියල...
Naveen Mbr
බොහෝම ස්තූතියි සහෝ!
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
යුරාන් මල්ලිගේ දායකත්වය තියෙනවා කියන්නේ මේක අනිවාර්යයෙන්ම සුපිරියක්ම තමයි ඉතින්
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Nuwan
Dana comments approve karanne ????
Anonymous
thanks
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි ධනුක සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Nayana Buddhika
Thanks Saho
Charitha Athawuda
thanks
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Chami
පට්ටම ස්තුතියි
Sung Jin-Woo
මේක පට්ට සීරිස් එකක්. ආයෙ කොරියන් සීරිස් වලට සබ් දෙන්න පටන් ගත්තු එක නම් නියමයි. දිගටම කරන් යන්.
ramuthu
suoiri sub ekata thanks
ithuru episodes tikath ikkmanata daamu superbsamo
suoiri sub ekata thanks
ithuru episodes tikath ikkmanata daamu superbරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


sub ekata thaks. Please carnival raw eka dennko eka denawa kiwwta dunnane.walking dead eka wagema ekath maga nawatthai