Watch Trailer

Fargo [S04 : E11] sinhala subtitles | ඇමරිකාවේ කතාවක්! [සිංහල උපසිරසි]

එහෙනම් ෆාර්ගෝ හතරවෙනි කතාසමයේ අවසානයටත් අපි ඇවිත්. මේ අවසන් කතාංගය. ෆාර්ගෝ සමඟ එකතුවුන, අදහස් දක්වපු, නොදක්වපු හැමෝටම ස්තූතියි. මේ වැඩේට එකතුවෙලා මේක ඉක්මනින් ලබාදෙන්න කණ්ඩායම්ගත වුන අපේ කට්ටිය වන : මයුර, නිලුපුල්, කලිදු, රෂීන්, සුභාෂිණී, ලහිරු, මලිත්, රොෂාන්, සොනාලි හැමෝවමත් මතක් කරනවා වගේම ඒ හැමෝ…

එහෙනම් ෆාර්ගෝ හතරවෙනි කතාසමයේ අවසානයටත් අපි ඇවිත්. මේ අවසන් කතාංගය. ෆාර්ගෝ සමඟ එකතුවුන, අදහස් දක්වපු, නොදක්වපු හැමෝටම ස්තූතියි. මේ වැඩේට එකතුවෙලා මේක ඉක්මනින් ලබාදෙන්න කණ්ඩායම්ගත වුන අපේ කට්ටිය වන : මයුර, නිලුපුල්, කලිදු, රෂීන්, සුභාෂිණී, ලහිරු, මලිත්, රොෂාන්, සොනාලි හැමෝවමත් මතක් කරනවා වගේම ඒ හැමෝටම ස්‍තූතියි. සොහාන් ඇතුළු හැමෝටමත් වැඩේට උදව්කලාට ස්තූතියි. එහෙනම් අපි අවසානය නරඹමු!

බොහෝ සිදුවීම් පෙලක් ගියවර කොටසෙදීත් සිදුවී අවසන් වුනා. දැන් කතාව අවසානය කරා ලංවන බව නිරායාසයෙන්ම තේරෙනවා කතාවේ ප්‍රධාන චරිත එකින් එක නැතිවී යනවත් එක්ක.

කතාවේ මුලම ඉදල හිටිය අයගෙන් සුළු පිරිසක් විතරයි දැන් ඉතුරුවෙලා ඉන්නෙ. කොහොමවුනත් ජොස්ටෝ ෆාඩා සහ ලෝයි කැනන් අතර බල අරගලය තවම ක්‍රියාත්මකයි. නමුත් දෙපැත්තම වගේ මේ යුද්ධය නිසා හොඳට බැටකාලයි තියෙන්නෙ. අනිත් පැත්තෙන් අපේ පිස්සු නර්ස්ගේ වැඩත් මාට්ටුවෙලා හිරේ යන්න සිද්ධවෙනවා. ඒවගේම නොසිතූ විදියට ගයිටානෝ කතාවෙන් සමුගන්නේ පොලිස් නිලධාරී ඕඩිස්වත් කතාවෙන් අහක් කරගෙනයි. අවසානයේදී ඩොනටෙලෝ ෆාඩාගේ අත පැලදි මුදුව එතල්රීඩාගෙන් කැනන්ට ලැබෙනවා. කතාව උඩු යටිකුරුවීමක් මෙයින් සිදුවෙනවා. ඉතින් මේ ඉතාලියන් මාෆියාවේ සහ අප්‍රිකානු ඇමරිකානු කණ්ඩායමේ යුද්ධය මොන විදියකින් අවසන් වෙයිද කියලා මේ කොටස නරඹලාම ඔයාලට බලාගන්න ආරාධනා කරනවා! අවසන් වශයෙන් අදහසකුත් දක්වලා යන්න කියමින් ෆාර්ගෝ මේ කතාමාලාවේ අවසානය මෙලෙස සටහන් කරනවා! හැමෝටම ජයවේවා!!

 


 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.

1,419 downloadsDownload Fargo-S04-E11.zip13 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

1,419 downloadsDownload Subtitles13 KB

9 comments

  1. බැලරිනා

    අවසානයේ...

    කැලුම් මියයයි
    දේදුනු තනිවෙයි

    ඉතින් ඊට පස්සේ....

    පෙරුම් පුරාගෙන ආ සංසාරේ
    පැතුමද සුනු විසුනුව වැටුනේ
    කාටද රිදුනේ කවුරුද හැඬුවේ
    දුම්රිය මොහොතක් නතර වුණේ

    මලක් වගේ රොන් සුවඳ වගේ
    ජීවිතයේ සුව අපමණ වේ
    මලක් වගේ රොන් සුවඳ වගේ
    ජීවිතයේ සුව අපමණ වේ
    දොළක් වගේ දිය දෝත වගේ
    ජීවිතයේ අම සිසිල දැනේ

    වරක් නෙතඟ කඳුලැලි පිරුණාදෝ
    සිතට දරාගනු බැරි දුක් වීදෝ
    වරක් නෙතඟ කඳුලැලි පිරුණාදෝ
    සිතට දරාගනු බැරි දුක් වීදෝ
    දිවිය මොනතරම් සුන්දරදෝ
    දුකම කොයිතරම් සතුටක්දෝ...

    පෙරුම් පුරාගෙන ආ සංසාරේ
    පැතුමද සුනු විසුනුව වැටුනේ
    කාටද රිදුනේ කවුරුද හැඬුවේ
    දුම්රිය මොහොතක් නතර වුණේ...

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ මේ කතාවට සබ් දුන්නට

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Blindspot S05 ත් සබ් දෙන්න සහෝ කොටස් 11 ක් වගේ තියෙන්නේ ....

  4. Anonymous

    සබ් එකට ස්තූතියි...

    The blacklist ඉතුරු ටිකටත් සබ් දෙන්න පුළුවන් ද??

  5. සාන්ත

    බොහෝම ස්තුතියි..
    දිගටම හොඳ දේවල් කරන්න ශක්තිය දහිරිය ලැබේවා
    ඉසු පුතාගේ සියලු අපල දුරු වේවා

  6. rihan

    Nacos mexico , el chapo ,chicago pd vage avatath puluvannam sub denna❤️

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Sameera

    Season 5 sub denne ndda eka karanawa nam loku deyak

  9. Supun Thiwanka

    මෙකෙත් සීසන් 5 ට සබ් එක දෙන්නකො. True Detective එකටත් දුන්නනෙ. මෙකටත් මෙ ගමන්ම සබ් එක දෙන්නකො.