Watch Trailer

Fargo [S05 : E06] sinhala subtitles | සියුමැලි උගුල [සිංහල උපසිරසි]

අද අපි Fargo පස්වැනි සීසන් එකේ හයවෙනි කතාංගයට සිංහල උපසිරැසි අරගෙන ආවා. එහෙනම් අද කතාවේ වෙන දේවල් ඉක්මණින්ම බලමු. අද පළ වන කතාංගය ගැන: හයවැනි කොටස – S05 E06 – “The Tender Trap” – “සියුමැලි උගුල” අධ්‍යක්ෂණය – Dana Gonzales තිරරචනය – Noah Hawley & Bob DeLaurentis මුල්වරට විකාශය කෙරුණු දිනය – 2023 දෙස…

අද අපි Fargo පස්වැනි සීසන් එකේ හයවෙනි කතාංගයට සිංහල උපසිරැසි අරගෙන ආවා. එහෙනම් අද කතාවේ වෙන දේවල් ඉක්මණින්ම බලමු.   අද පළ වන කතාංගය ගැන:
  • හයවැනි කොටස –   S05 E06 – “The Tender Trap” – “සියුමැලි උගුල”
  • අධ්‍යක්ෂණය –  Dana Gonzales
  • තිරරචනය –   Noah Hawley & Bob DeLaurentis
  • මුල්වරට විකාශය කෙරුණු දිනය –  2023 දෙසැම්බර් 19 
  • IMDb Ratings –  8.0/10
අද කතාවේ මොකද වෙන්නේ? රාත්‍රී සමාජ ශාලාවකින් එළියට එන ඩගර්ට රෝයි හමුවෙනවා. රෝයි ඩගර්ට බලපෑම් කරනවා තමන්ගේ බැංකුව ලොරේන්ට විකිණීමෙන් වළකින ලෙසට බල කරමින්. ටිල්මන් ගොවිපොළට ආපහු එද්දී දකිනවා, ගේටර් මේ වතාවෙත් වැඩේ අනාගෙන වැරදීමකින් පැහැරගත් පිළිකා රෝගියාට වධ හිංසා පමුණුවමින් ඉන්නා බව. තමන්ගේ පුතා පැහැරගෙන ආවේ වැරදි මිනිහා කියලා දැනගන්න රෝයි කරන්නේ ඒ පුද්ගලයට වෙඩි තියලා මරලා දාන එකයි. FBI නියෝජිතයන් රෝහලේදී වේන් එක්ක සම්මුඛ සාකච්ඡාවක් කළත් ඔහුගෙන් කිසිවක් දැනගන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම වේන් ඔවුන්ගෙන් දැනගන්නවා තමන්ගේ බිරිඳ ඩොරති නේඩින් නමින් ෂෙරිෆ් වරයෙක් සමඟ විවාහා වී සිටි බව. පසුව ඔවුන් ඉන්දිරා හමුවී රෝයිගේ නීති විරෝධී ක්‍රියාකාරකම් හෙළි කිරීමට ඩොට් භාවිතා කිරීමේ ඔවුන්ගේ සැලැස්ම ඇයට කියනවා. මේ අතරේ රෝයි තීරණය කරනවා ඕල් මන්ච්ට ගෙවන්න, ඩොරතිව අල්ලාගැනීම වෙනුවෙන්.  ඉන්දිරා දැනගන්නවා තමන්ගේ දුර්වල සැමියා වන ලාර්ස් ස්කොටිව තනියම නිවසේ හැරදමා ගොස් ඇති බව. ඇය ස්කොටීව නැවත ලොරේන්ගේ නිවසට ඇරලවනවා. ඉන්පසු ඉන්දිරා විසින් ලොරේන්ට ඩොරති ගැන හෙළි කරන්නේ කුමක්ද? හදිසියේම රාත්‍රී සමාජ ශාලාවකදී ඩගර් හමුවන ඩැනිෂ් ඔහුට ලබාදෙන ආරංචිය කුමක්ද? ඩොරති ලයොන් මේ වන විට සිටින්නේ කොහෙද? මේ සේරම අද කොටසින් දැනගනිමු. අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්! දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න! ඔබට තෙරුවන් සරණයි!


 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත සඳහා අදාළ වේ.

214 downloadsDownload Fargo-S05E06.zip28 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1Next BT1

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

214 downloadsDownload Subtitles28 KB

0 comments

No comments yet.