Watch Trailer

Fargo [S05 : E05] sinhala subtitles | කොටියා [සිංහල උපසිරසි]

සුබ දවසක්, මිත්‍රවරුනි. අද එහෙමනම් Fargo S05 පස්වෙනි කතාංගයට සිංහල උපසිරැසි අරගෙන ආවා. අපි බලමු මේ කොටසේ මොකද වෙන්නේ කියලා. අද පළ වන කතාංගය ගැන: පස්වැනි කොටස – S05 E05 – “The Tiger” – “කොටියා” අධ්‍යක්ෂණය – Dana Gonzales තිරරචනය – Noah Hawley මුල්වරට විකාශය කෙරුණු දිනය – 2023 දෙසැම්බර් 12 IMDb Ratin…

සුබ දවසක්, මිත්‍රවරුනි. අද එහෙමනම් Fargo S05 පස්වෙනි කතාංගයට සිංහල උපසිරැසි අරගෙන ආවා. අපි බලමු මේ කොටසේ මොකද වෙන්නේ කියලා. අද පළ වන කතාංගය ගැන:
  • පස්වැනි කොටස – S05 E05 – “The Tiger” – “කොටියා”
  • අධ්‍යක්ෂණය – Dana Gonzales
  • තිරරචනය – Noah Hawley
  • මුල්වරට විකාශය කෙරුණු දිනය – 2023 දෙසැම්බර් 12
  • IMDb Ratings – 8.1/10
අද කොටසේ මොකද වෙන්නේ? ඩොට් සහ ස්කොටි තාවකාලිකව ලොරේන්ගේ සුවිසල් නිවසේ රැඳි සිටිනවා. ලොරේන් සහ ඩැනිෂ් විසින් ඩොරතිව රෝහල්ගත කිරීමට උත්සාහ කළත්, රෝහලේදී ඇය ආරක්ෂකයින්ට පහර දී පලා යනවා. ලොරේන් බැංකුකරු විවියන් ඩගර් හමුවී ඔහුගේ අසාර්ථක බැංකුව මිලදී ගැනීමට ඉදිරිපත් වෙනවා. රෝයි ඩොට් සොයමින් ලොරේන් බැලීමට ගියත්, ලොරේන් ඔහුට විරුද්ධ වී ඔහුව ඩොරතිගෙන් ඈත් කර තබාගැනීම සඳහා ඔහුගේ නැවත මැතිවරණ ව්‍යාපාරයට අරමුදල් සැපයීමට ඉදිරිපත් වෙනවා. ඩොට් පැන ගොස් ඇති බව දැනුම් දීමට ඉන්දිරා ලොරේන්ගේ පරිශ්‍රයට එනවා. රෝයි එය අසා ඔහුගේ ගෝලයන්ට නියෝග කරන්නේ වේන්ව පැහැර ගැනීමටයි. ඩොරති හෝ ඇයගේ සැමියා මොවුන්ට හසුවේද? මේ අතර රෝහලට එන FBI නියෝජිතයන්ගෙන් ගැලවීමට ඩොරති සමත් වෙයිද? මේ අතර ලොරේන් පොලිස් පරීක්ෂක ඉන්දිරා සමඟ ඇතිකර ගැනීමට යන ගණුදෙනුව කුමක්ද? අද කොටසින් මේ ගැන දැනගනිමු. අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්! දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න! ඔබට තෙරුවන් සරණයි!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත සඳහා අදාළ වේ.

356 downloadsDownload Fargo-S05-E05-Sinhala-Subtitles.zip25 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1Next BT1

Subtitles

356 downloadsDownload Subtitles25 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.