මෙච්චර කල් චිත්‍රපට වලටයි කෙටි චිත්‍රපට වලටයි සබ් දුන්නු නිසා හිතුනා කථා මාලාවටත් සබ් දෙන්න. ඉතින් මේ කථා මාලාව මට විකියා සහෝ තමයි ලබා දුන්නේ. මුලින්ම එකට ඔහුට ස්තූති කරන්න ඕනි. ඒ වගේම සබ් දෙන්න පරක්කු උනාට සමාව ඉල්ලනවා. IMDB දර්ශකයේ 9.2ක් තරම් ඉහල අගයක් මේ කථා මාලාවට ලැබී තියෙනවා. ලෝකයේ හොඳම කථා ම…
මෙච්චර කල් චිත්‍රපට වලටයි කෙටි චිත්‍රපට වලටයි සබ් දුන්නු නිසා හිතුනා කථා මාලාවටත් සබ් දෙන්න. ඉතින් මේ කථා මාලාව මට විකියා සහෝ තමයි ලබා දුන්නේ. මුලින්ම එකට ඔහුට ස්තූති කරන්න ඕනි. ඒ වගේම සබ් දෙන්න පරක්කු උනාට සමාව ඉල්ලනවා. IMDB දර්ශකයේ 9.2ක් තරම් ඉහල අගයක් මේ කථා මාලාවට ලැබී තියෙනවා. ලෝකයේ හොඳම කථා මාලා අතර 11වෙනි තැන තියෙන මේක කොටස් 14ක් විතරක් තියෙන අපූර්ව කතා මාලාවක්. මක හදල තියෙන්නේ Joss Whedon. අපි කව්රුත් දන්න Avenger මෙන්ම Agents of S.H.I.E.L.D කතා මාලාවේත් නිර්මාපකයා ඔහුයි. ඉතින් ඔහුගේ ඒ නිර්මාන බලපු ඔයාල මේ නිර්මාණයත් රස විඳිනවට කිසිම සැකයක් නෑ. මොකද ඔහුගේ නිර්මාණ ඒ තරමටම රසවත් නිසා.
අභ්‍යවකාශය සහ විවිධ ලෝක පදනම් කරගත් මේ කතා මාලාව විකාශය වෙලා තියෙන්නේ Science Channel නාලිකාවේ 2002-2003 කාලයේ. මේ කතාව වෙනත් කතා වලින් වෙනස් වෙන්න හොඳම හේතුව තමයි මේකේ හැම කොටසකම සිදුවීම් ඉතාම තාත්විකයි. සැබෑ ලෝකයේ සිදුවීම් ආකාරයට මේක නිපදවලා තියෙන නිසා කතාවට අමුතුම ආකර්ෂණයක් ලැබිලා තියෙනවා.
- කැප්ටන් මැල්කම් රෙනෝල්ඩ්ස් (මැල්) තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය. ඔහු පැවති තාරකා මණ්ඩල යුද්ධයක පළපුරුදු කණ්ඩායම් නායකයෙක්. දැන් ඔහු Serenity නම් “කලාමැදිරි” (Firefly) වර්ගයට අයත් ප්‍රවාහන යානාවේ කපිතාන්. ඔහු හා ඔහුගේ කණ්ඩායම වටා තමයි මේ කතාව ගෙතී තියෙන්නේ. මැල් ගේ කණ්ඩායම ගැන කියනවානම්
- සෝයි (Zoe Alleyne Washburne) තාරකා මණ්ඩල යුද්ධයේ සහ සෙරෙනිටි යානයේ මැල්ගේ දෙවෙනියා.
- ඇයගේ සැමියා තමයි සෙරෙනිටි යානයේ නියමුවා. ඔහු වාශ් (Hoban Washburne).
- ජෙයින් (Jayne Cobb) ශක්තිමත් කුලී සොල්දාදුවෙක්.
- කෙයිලී (Kaylee Frye) තරුණ යාන්ත්‍රික ශිල්පිනියක්.
- හිටපු සන්ධාන වෛද්‍ය නිලධාරියෙකු වූ සයිමන් (Simon Tam) ඔහුගේ සොයුරිය වන රිවර් (River) සමඟ සන්ධානයෙන්* පළා යන දෙදෙනෙක්.
- ඉනාරා (Inara Serra) සුරූපී සහායිකාවක් (වෛශ්‍යාවක්).
- බුක් (Book) ධර්මදූතක දේවගැති වරයෙක්.
ඉතින් මෙයාලා තමයි සෙරනිටි යානයේ කණ්ඩායම. මැල් සහ ඔහුගේ කණ්ඩායම කරන්නේ විශ්වය පුරා යමින් නීත්‍යානුකූල හෝ නීත්‍යානුකූල නොවන ආකාරයේ දේවල් කරන එක. ඔවුන්ගේ ප්‍රධානම අරමුණ මුදල් සෙවීම. මේ වන විට පෘතුවියේ ඉඩ නොමැති වීම නිසා විශ්වයේ ග්‍රහලෝක ගණනාවක ජනාවාස බිහි කරලයි තියෙන්නේ. (මේ ජනාවාස සඳහා ග්‍රහලෝකයක් සහස්කරන ආකාරය ගැන ඊළඟ කොටසේ සඳහන් වෙනවා) (තැන් දෙකකම සන්ධානය කියලා වචනයක් ගැන සඳහන් කරා. මේකෙදි සන්ධානය කියන්නේ “අන්තර් ග්‍රහලෝක රජයක්”. ඔවුන් විශ්වය පුරා නීතිය ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබනවා.මොවුන් තමයි තාරකා මණ්ඩල යුද්ධයේ ජයග්‍රාහකයින්)
අද මම මේ දෙන්නේ මේ කතා මාලාවේ නියමු කතාංගයයි. මේක කොටස් දෙකක එකතුවක් ලෙස තමයි විකාශය වෙලා තියෙන්නේ. පලවෙනි අදියරේදී ස්වල්ප මගීන් පිරිසක් සහ විනාශ උන යානාවකින් ගොඩගත් බඩු තොගයක් පසෆනි නම් ග්‍රහලොව වෙත රැගෙන යන මැල් ඇතුළු පිරිස එහිදී තම බඩු තොගය කළුකඩ ව්‍යාපාරිකයෙකුට විකිණීමට උත්සාහ කරනවා. ඒත් මැල් ගේ කටකාරකම හා ජෙයින් ගේ හැසිරීම නිසා ඒක කරගන්න බැරි වෙනවා. ඉතින් මැල් තීරණය කරනවා බඩු තොගය සන්ධානයට අහුවෙන්න කලින් වයිට්ෆෝල් නම් ග්‍රහලොවේ ඉන්න ව්‍යාපාරික කාන්තාවකට විකුනන්න. එත් අවුල තමයි පේෂන් නම් මේ කාන්තාව වරක් මැල් ට වෙඩි තියලා තියෙන එක. ඒ අතරතුරදී යානයේ නව මගීන් ලෙස සයිමන්, බුක් සමඟ හොර රහසේම සන්ධානයේ පොලිස් කාරයෙකුත් සෙරෙනිටි යානයට ඇතුල් වෙනවා. අවසා මොහොතේ ඉනාරාද යානයට එකතු වෙනවා. ඒ තමාගේම කුඩා යානයක් සහිතවයි.
කතාවේ දෙවෙනි අර්ධයේදී පොලිස් කාරයා සයිමන්ව අත්තඩංගුවට ගන්න හදනවා. ඒ සයිමන් තම සොයුරියව සන්ධානයට හොරෙන් සිසිර තාරකා නින්දකට යවා සෙරෙනිටි යානයේ රහසින් ගෙනයන නිසා. ඒ ඇය සන්ධානයට වටිනා වස්තුවක් උන නිසා. කියන විදියට ඇයගේ බුද්ධිය එකට හේතුවයි. ඉතින් මේ අතරතුර නිලධාරියා අතින් කෙයිලීට වෙඩි වදිනවා. සයිමන් යන්තම් ඇයව බේරාගන්නවා. පස්සේ මැල් කපටි ලෙස වයිට්ෆෝල් වලදී පේෂන්ව මරා දානවා. අන්තිමට ඔවුන්ට අභ්‍යවකාශ කොල්ලකරුව පිරිසක් පැරදවීමටද සිදු වෙනවා. අවසානයේ සයිමන්, රිවර්, බුක් යානයේ ස්ථීර කණ්ඩායමට එකතු කරගන්නවා.
ඉතින් ඔය තමයි Firefly E01 වල කතාව. පොඩ්ඩක් වැඩිපුර ලිව්වේ කට්ටියට පොඩි අදහසක් කතාව ගැන දෙන්න. ඉතින් කතාවේ ඉතුරු කොටස් 13 රසවිඳින්න කියලා ආරාධනා කරනවා.එහෙනම් ඉතින් ඉක්මනින්ම දෙවෙනි කොටසත් එක්ක හමුවෙමු. (කතාව මග නතර වෙන්නේ නම් නෑ. කොටස් ඔක්කොටම උපසිරසි එවලයි තියෙන්නේ)
514 MB (3.8GB) කොපිය මෙතනින් බාගන්න
b9c43737f7d4eecf5cf1853fd965aa9902bdd711 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,043 downloadsDownload Firefly-E01-Serenity.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/thisaraneo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තිසර නියෝ
Subtitles
32 comments
Niva
වරුණ රංගජිත් (වරූ)
අම්මටසිරි තිසරයා තව එකක් ගෙනල්ලා
අභ්‍යාවකාශ මම මාරම ආසයි
ඔන්න දැන්මම බාන්න දැම්මා 1 කොටස
අනිත් ටික හෙට ඔෆිස් එකටම ගිහින් දානවා
ඔක්කොම සබ් දැම්මට පස්සේ තමා ඉතින් බලන්නේ
කොච්චර වැඩ තිබුණත් කොහොම අතහරින්නද මේවා
ඔක්කොම දැම්මට පස්සෙම සබ් ගන්නවා
ජය වේවා මචෝJack
නියමයි සහෝ.
බොහෝම ස්තුතියිSandun r wimalaweera
Thanx saho..jaya!
yasiru
thanks saho,elaaaa.......
නලින්
ස්තුතියි තිසරයා!!
ජය වේවා!
Ayesh
Thank You..
ෂෙහාන් [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
ලක්ෂාන් නිලංක
එල තිසර සහෝ...හොද සීරියස්එකක් වගේ..දිගටම දෙන්න...ජය වේවා....!
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
niyamai macho...
supiri baddak basssla thiyenne..
okkoma hodai kiiyamuko...
epiye size eka dakkama as dekatama adenawa..
anika me daws wala hatiya nm ithin heenaykma thmai..
baya nowanna..
aniwaa gannawa...
jaya...තිසර නියෝ (Thisara Buddhika)
බයවෙන්න එපා. ඔතන එපි දෙකක් තියෙනවා. ඒකයි. අනිත් එපි ඔච්චර ලොකු නැහැ.
Deshan
නියමයි
සජීවී
තෑන්ක්ස්.
මාත් මේ වගේ ඒවා අතාරින්න කැමති නැහැ.me
Thanks
chamath
thanx bro
කල්හාර ප්‍රසාද් කොල්ලුරේ
එළකිරි මචං, තැන්කූ වේවා! ඔන්න සීසන් එකම බානවා හොඳේ.
Ama
thanx saho!!!!!!!
Perl
elakiri..ade anit tikat ikmanta diyanko :D
Ishara
thanks sahoooo
thilan
එල අභ්‍යවකාශ කතාවක් නෙ නියමයි තැන්කු වේවා.......!
“චූටී මල්ලි”
අහ් මේක නෙ දෙනවා කියකිය හිටියෙ
අර බුකියෙ එහෙම දාලා තිබ්බෙ
එල මචෝ ඔක්කොම ඉවර කරලාම දෙන්න
පටන් ගන්න
එක හොදා
සබට තුති
ඔබට ජය...........saber
Thanks machn
dev
bohoma stuti saho...............
tawat lassana katawak wage....... .හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. 9.2 තරම් ගත්තා කියන්නෙ අනිවා බලන්න ඕනා එකක් නේන්නම්. මෙන්න බානවා. ජය෴෴ :P :P
Yenu
Thank you brother...................ikmantama sub denna balanna patan gaththama ithin iwasillak nane.....
Sandun r wimalaweera
Thanx bro...
Isuru
meke hodata seed thiyena size eka adu link ekak denna berida...
harindu
meka nam sira series eka. aparade cancel unata passe thamai kattiyata agee therune.
digatama daanna.
thanks.nishshanka ruwan
ස්තුතියි :)
kavinda
බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට.
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Firefly [E01 Serenity] | කලාමැදිරියා [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Firefly-1.jpg)


pattane thanaks! marama asi me wage katha walata. baiscop tiyanakan, sub dena supiri kello kollo innakan lankawe apita hoda katha me wage nitharama labei. thanks sub 1ta!