Watch Trailer

Fist of the North Star [S01 : E11] Sinhala Subtitles | ප්‍රතිවාදියෙකුගේ පැමිනීම [සිංහල උපසිරසි]

Fist of the North Star Season 01 Sinhala Subtitles මුහුණට මුහුණලා කරන සටන්, ඒ කියන්නෙ අත් පා භාවිතයෙන් කරන සටන් කලාවක් මූලිකව දිග හැරෙන කතාවක් ඇතුළත් Hokuto no Ken මන්ගාව ඇසුරෙන් නිමවී, Remake Series එකක් ලෙසින් කතාව කිසිම වෙනසක් සිදු නොකර ප්‍රතිනිර්මාණය වී 2026 වසරේදී නිකුත් වුනු Fist of the North…

Fist of the North Star Season 01 Sinhala Subtitles

මුහුණට මුහුණලා කරන සටන්, ඒ කියන්නෙ අත් පා භාවිතයෙන් කරන සටන් කලාවක් මූලිකව දිග හැරෙන කතාවක් ඇතුළත් Hokuto no Ken මන්ගාව ඇසුරෙන් නිමවී, Remake Series එකක් ලෙසින් කතාව කිසිම වෙනසක් සිදු නොකර ප්‍රතිනිර්මාණය වී 2026 වසරේදී නිකුත් වුනු Fist of the North Star ඇනිමෙ කතා මාලාවේ 11 කොටසේ උපසිරැසිය එක්කයි මේ එකතු වෙන්නේ. ඉතින් මේ කතාව ඇනිමෙ රසිකයන්ට කරන නවීන පන්නයේ මතක් කිරීමක් වේවි.

ජැකල්ගේ කල්ලියේ හැමෝම විනාශ කළාට පස්සෙ, අන්තිමට ඉතුරු වුනු ජැකල්ගෙ පස්සෙන් ගිය කෙන් නතර උනේ හිරගෙදරක් ළඟ. ජැකල් ඒ හිරගෙදරට ගිහින් තිබුනෙ එහෙ හිරකරල තිබුනු යෝධයෙක්ව නිදහස් කරල තමන්ගෙ පැත්තට අරගෙන, ඒ යෝධයා ලවා පස්සෙන් පන්නගෙන එන කෙන්ව විනාශ කරවන්නයි. කොහොම හරි ඒ අරමුණ ළඟටම ගියත් කෙන්ගේ සටන් කලාව එක්ක ඒ යෝධයාටත් හිටගෙන ඉන්න පුලුවන් උනේ නෑ. ජැකලුත් ඒ යෝධයා එක්කම විනාශ වෙද්දි කෙන් ආයෙත් තමන්ගෙ ගමන යන්න පටන් ගන්නවා. ඒ අතරේ තවත් තැනකින් මේ කෙන් වගේම හැඩරුව තියෙන කෙනෙක් මතු වෙන විදිහ අපිට දකින්න ලැබුනා. එයා කවුද? එයාගෙ අරමුණ මොකක්ද? තවත් අපූරු සටන් කලාවක් තමයි මේ එළි බහින්න හදන්නෙ. මේ කොටසෙදි මොකද වෙන්නෙ? බලන්නකො මේ කොටස.

මුලින් කිව්වත් වගේම සටන් පිරුනු කතාවක් නිසා කතාව කොහෙත්ම කම්මැලි නැති කතාවක් වෙනවාමයි. ඒ වගේම ප්‍රචණ්ඩත්වය එක්ක මනුෂ්‍යත්වය මුසු මානුෂීය කාරණා සමබරව දිවෙන කතාවක් විදිහට මේ Fist of the North Star හඳුන්වන්න පුලුවන්. මේ උපසිරැසිය නිර්මාණය කළේ  Fist of the North Star HOKUTO NO KEN S01 1080p AMZN WEB-DL DUAL DDP2.0 H.265 (Dual-Audio, Multi-Subs) කියන torrent පිටපතට අනුවයි. ඒ වගේම ඕනිම web වීඩියෝ පිටපතකට මේ උපසිරැසි ගැලපේවි. උපසිරැසි එක්ක කතාව japanese audio එකෙන් නරඹන්න අමතක කරන්න එපා. කතාව ගැන වගේම උපසිරැසි ගැන ඔයාගෙ අදහස පහළින් comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉදිරි කොටස් වලින් හමුවෙමු.

 

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

 

• Episode Name – A Man of Nanto

• IMDB Rating – 7.7 (at 2026.06.07)

• Released Date – 2026.06.05 Fist of the North Star Season 01 Sinhala Subtitles

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

95 downloadsDownload Fist-of-the-north-star-S01-E11-Sinhala-Subtitles.zip14 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1Next BT1

 

Subtitles by

ලංකන් Weebs

Subtitles

95 downloadsDownload Subtitles14 KB

0 comments

No comments yet.