Fist of the North Star Season 01 Sinhala Subtitles මුහුණට මුහුණලා කරන සටන්, ඒ කියන්නෙ අත් පා භාවිතයෙන් කරන සටන් කලාවක් මූලිකව දිග හැරෙන කතාවක් ඇතුළත් Hokuto no Ken මන්ගාව ඇසුරෙන් නිමවී, Remake Series එකක් ලෙසින් කතාව කිසිම වෙනසක් සිදු නොකර ප්‍රතිනිර්මාණය වී 2026 වසරේදී නිකුත් වුනු Fist of the North…

මුහුණට මුහුණලා කරන සටන්, ඒ කියන්නෙ අත් පා භාවිතයෙන් කරන සටන් කලාවක් මූලිකව දිග හැරෙන කතාවක් ඇතුළත් Hokuto no Ken මන්ගාව ඇසුරෙන් නිමවී, Remake Series එකක් ලෙසින් කතාව කිසිම වෙනසක් සිදු නොකර ප්‍රතිනිර්මාණය වී 2026 වසරේදී නිකුත් වුනු Fist of the North Star ඇනිමෙ කතා මාලාවේ 12 කොටසේ උපසිරැසිය එක්කයි මේ එකතු වෙන්නේ. ඉතින් මේ කතාව ඇනිමෙ රසිකයන්ට කරන නවීන පන්නයේ මතක් කිරීමක් වේවි.
කෙන්ෂිරෝගේම හැඩරුව තියෙන ආගන්තුකයා වුනු රෙයි ගේ අරමුණ වුනේ පපුවේ කැලැල් හතක් තියෙන මිනිහව විනාශ කරන එක. ස්වයංපෝෂිත ගමක නවාතැන් ගත්තු කෙන් එක්කම එකතු වුනු මේ රෙයි, කෙන්ගේ කැලැල් හත ගැන දන්නෙ නෑ. ආරක්ෂකයො දෙන්නෙක් විදිහට නම් වුනු මේ ගමත් නිතරම එක්තරා කල්ලියක තර්ජන එල්ල වෙන ගමක් උනා. ඒ කල්ලිය මීට කලින් මුහුණ දැකපු ඒවට වඩා වෙනස්. ඒ කල්ලියේ තර්ජන මේ කෙන් සහ රෙයි මැඩපවත්වන්නෙ කොහොමද? රෙයි හොයන කැලැල් හතේ කෙනා කෙන්ද? අපි නොදන්න තව කතාවක් මෙතන තියෙනවා. මේ කොටසෙදි මොකද වෙන්නෙ? බලන්නකො මේ කොටස.
මුලින් කිව්වත් වගේම සටන් පිරුනු කතාවක් නිසා කතාව කොහෙත්ම කම්මැලි නැති කතාවක් වෙනවාමයි. ඒ වගේම ප්‍රචණ්ඩත්වය එක්ක මනුෂ්‍යත්වය මුසු මානුෂීය කාරණා සමබරව දිවෙන කතාවක් විදිහට මේ Fist of the North Star හඳුන්වන්න පුලුවන්. මේ උපසිරැසිය නිර්මාණය කළේ Fist of the North Star HOKUTO NO KEN S01 1080p AMZN WEB-DL DUAL DDP2.0 H.265 (Dual-Audio, Multi-Subs) කියන torrent පිටපතට අනුවයි. ඒ වගේම ඕනිම web වීඩියෝ පිටපතකට මේ උපසිරැසි ගැලපේවි. උපසිරැසි එක්ක කතාව japanese audio එකෙන් නරඹන්න අමතක කරන්න එපා. කතාව ගැන වගේම උපසිරැසි ගැන ඔයාගෙ අදහස පහළින් comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉදිරි කොටස් වලින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
• Episode Name – Men Who Saw Her Tears
• Released Date – 2026.06.12
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
92 downloadsDownload Fist-of-the-north-star-S01-E12-Sinhala-Subtitles.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


