උපසිරැසියක් අරන් ආවම, ගේන කවුරු වුණත් කියන්නේ මෙන්න මේක බලපන් බලපන් කියලනේ. මං අද කියන්නේ ඒකෙ අනිත් පැත්ත. ඔව්, මේක බලන්න එපා. මොකද මේක බලනවා කියන්නේ උඹට හැදෙන පිස්සුවකට මට වගකියන්න වෙනවා. ඔව්, උඹට පිස්සු හැදෙනවා, උඹේ කොළ බොක්ක වෙනකම් ඇඹරිලා යන්නත් පුලුවන්. එහෙමත් කතාවක් මේක. හැබැයි ඉතින් හිතන්න එප…

උපසිරැසියක් අරන් ආවම,
ගේන කවුරු වුණත් කියන්නේ මෙන්න මේක බලපන් බලපන් කියලනේ.
මං අද කියන්නේ ඒකෙ අනිත් පැත්ත.
ඔව්, මේක බලන්න එපා.
මොකද මේක බලනවා කියන්නේ උඹට හැදෙන පිස්සුවකට මට වගකියන්න වෙනවා.
ඔව්, උඹට පිස්සු හැදෙනවා, උඹේ කොළ බොක්ක වෙනකම් ඇඹරිලා යන්නත් පුලුවන්.
එහෙමත් කතාවක් මේක.
හැබැයි ඉතින් හිතන්න එපා මේකේ පිටසක්වල ජීවීන්ගෙ ආක්‍රමණයක් හරි ත්‍රස්තවාදී ප්‍රහාරයක් වළක්වන මිශන් එකක් හරි භූත ප්‍රේත කුම්භාන්ඩ කතාවක් හරි මොකක් හරි ඇතිය කියල නං.
මේක ඇවිල්ලා එකෙන්ම නෝමල් කතාවක්. ෆුල්ම නෝමල් කතාවක්.
කොච්චර නෝමල්ද කියනවා නම් කතාව බලන අතරේ ඇටමිදුලු හීතල වෙනවා, නොදැනීම හිනාවක් යනවා, එහෙමම ඇස් දෙකත් තෙත් වෙනවා.
ඒ මොකද, මේක අපේම කතාව හින්දා. නෑ, කියන්නේ කොහොමද මේක අපේම කතාව.
උඹත් මමත් අපි කවුරුත් එක්තරා කාලෙක විඳපු අපේම ජීවිතේ කතාව.
එහෙනම් අනතුර අඟවන්නේ පටන් ගන්නත් කලින්. අවදානම සලකලා බලන්න ගන්නවා හොඳයි.
එකක් කියන්නම්, ඔට්ටුවක් දාමු සැක නම්.
ඊළඟ කොටසෙ උපසිරැසිය ගේනකම් උඹ බලන් ඉන්නෑ.
ග්‍රීක, ස්පාඥ උපසිරැසියකින් හරි මේ කතාවම ඉවරයක් කරලා දායි.
ඇත්තම කිව්වොත් තමන්ගෙම ජීවිතේ රසවත්ම අවධියක් විඳින්න උපසිරැසියක් මොකටද?
එහෙමනං ලෑස්ති වෙන්න…මේ අපේ ටියුශන් පන්තියේ කතාව..
Flames

ඔන්න පටලවගන්නෙපා මුලින්ම කියන්නම් Netflix, Amazon Primes නං නෙවේ. මේක ඇවිල්ල තනිකරම TVF Timeliners’ලගෙ වැඩක්. නම කීවට කවුරුවත් වැඩිය අහලත් නැතුවැති. පුංචි හැඳින්වීමක් කරන්නම්. TVF (The Viral Fever). TVF කියන්නෙ වෙබ් සීරීස් සඳහාම වූ ඔන්ලයින් ස්ට්‍රීමිං ප්ලැට්ෆෝම් එකක්. එක විදිහකින් කියනව නං ඉන්දියාවෙ ඇතුළෙ හැදීගෙන එන පුංචි නෙට්ෆ්ලික්ස් එකක් වගේ හරියට. හැබැයි මේක ඇවිල්ල නිකංම නිකංම ස්ට්‍රීමිං ප්ලැට්ෆෝම් එකක් විතරක්ම නෙවේ. මේක ඊට වඩා එහා ගිය සංකල්පයක්. මෙයාලට වුවමනා වෙලා තියෙන්නෙ තරුණ පරම්පරාවට ජීවිතය ගොඩ නගා ගන්න හැටි කියාදෙන්න ප්‍රශ්න වලට විසඳුම් නිර්මාණය කරන හැටි කියා දෙන්නයි. ඉතිං එයාල මේකට යොදාගෙන තියෙන්නෙ Entertainment Industry. පුංචි සරල කතාමාලා රැසක් හරහා තරුණ පරම්පරාවට අදහස් එන්නත් කරන්න. මේක ඇවිල්ල තනිකරම පිස්සු වගේම නිර්මාණශීලී අදහසක්. තරුණයෝ කීප දෙනෙක්ට ආව අයිඩියා එකක්. TVF නිර්මාපකයෝ මේ අයිඩියා එක අරගෙන මුලින්ම යන්නෙ MTV නාලිකාවට. එතෙන්දි මෙයාලගෙ යෝජනාව ප්‍රතික්ෂේප වෙනව. ඊට පස්සෙ තමයි මෙයාල සීමිත නළු නිළියන් පිරිසක් යොදාගෙන යූටියුබ් හරහා තරුණ පරම්පරාව සමඟ සම්බන්ධ වෙන්න උත්සහයක කරන්නෙ. උදාර උත්තරීතර බලාපොරොත්තු කෙසේ වෙතත් මේ වෙනකොට මෙයාල ගත්ත උත්සහයට පාඩුවක් නං වෙලා නෑ දැන් මේ මොහොත වෙනකොටත් චැනල් එකේ සබ්ස්ක්‍රයිබර්ස්ල සංඛ්‍යාව මිලියන 6 ඉක්මවල තියනව. TVF තමයි මේ වෙනකොට ඉන්දියාවෙ වැඩිම පිරිසක් නරඹන ජනප්‍රියම ස්ට්‍රීමිං ප්ලැට්ෆෝම් එක.ඔන්න ඉතිං මෙයාලගෙ භාණ්ඩයක් තමයි අද මං ඔයාලට ගෙනල්ල තියෙන්නෙ. භාණ්ඩයක් කියන්නෙ ආය එසේමෙසේ භාණ්ඩයක් නෙවේ IMDB දර්ශකය 9.3 ට කරකවපු පිස්සු පීකුදු භාණ්ඩයක්. බෝම්බ තර්ජන ගහ මරාගැනිලි නැති ඔළුව විකාර කරවන මනස්ගාත නැති නිවීහැනහිල්ලෙ නියපොතු පාරක් හපාගෙන බලන්න පුළුවන් Comedy/ Romance/ Drama කැටගරියෙ භාණ්ඩයක්. ආය ඉතිං අහවල් දෙයක් කතා කරනවද.

යාළුවෝ කීවම. අපිට අපේ ජීවිතේ කාලෙන් කාලෙට එකේක යාළුවො මුණ ගැහිල තියනව. සමහර යාළුවො ඉන්නව එයාල අපේ ජීවිතේට එන්නෙ හේතුවකට සමහර යාළුවො ඉන්නව එයාල අපේ ජීවිතේට එන්නෙ කාලෙකට. සමහර යාළුවෝ ඉන්නව එයාල ජීවිත කාලෙම අපිත් එක්කම ඉන්නව ලොකේ කොහේ හිටයත් ඒක එහෙමයි. ඉතිං ජීවිතේ අපිට ඔය කාණ්ඩ තුනෙන්ම යාළුවො මුණ ගැහෙනව. ඒ යාළුකම් කොහොම කවදා කෙළවර වුණත් ජීවිතේ ඒ ඒ අවධීන් ලස්සන කරන්න මේ කියන යාළුවො ඉවහල් වෙනව කියන්න පුළුවන්. අපේ මේ කතාව ඒ වගෙ එක ලස්සන අවධියක අපූරු යාළුවො සෙට් එකක් වටායි ගෙතෙන්නෙ. මතක තියාගනිං අපේම සෙට් එකක් මේකෙ ඉන්නෙ. උඹ මේකෙ ඉන්නෙ.

රජත්, අනූශ, පාන්ඩේ මෙයාල තමයි උඹලගෙ කතාව නියෝජනය කරන චරිත තුන. රජත් කියන්නෙ හරිම නිවිච්ච චරිතයක් සෙට් එකේ ඉන්න කඩවසම්ම බුවා මොළකාරයා මෙයා තමයි. එතකොට අනූශ මෙයා තමයි සෙට් එකේ ඉන්න කටකාරි මලහෝන්තුව හැබැයි ඉතිං හැමදේකදිම සෙට් එකත් එක්කමයි. ඒ වගේම හැම සෙට් එකකම ඉන්නවනෙ ඇඟ විතරයි මොළේ කලදක් නැති පඩි ටෝක්ස්ම විතරක් දෙන මෙලෝ දෙයක් හරියට කරගන්න බැරි හැබැයි ඉතිං හරිම හිත හොඳ චරිතයක් මේකෙ ඒ පාන්ඩේ තමයි. රජත් පාන්ඩෙ අනුශා. කෞශාල් සර්. හෝව් හෝව් ඉන්න කෞශාල් සර් කවුද කියලත් කියන්නම ඕන. මෙයා තමයි අපේ කෙමෙස්ට්‍රි පන්තියේ කෙමෙස්ට්‍රි උගන්වන සර්. පට්ට සැරයි තිතට වැඩ ඕන. පළාතෙ ඉන්න සේරම වැඩිම ලකුණු ගන්න ළමයි සර්ගෙ පන්තියටලු එන්නෙ. එහෙම තමයි කියන්නෙ නං. බලන්නකො උඹේ ටියුශන් සර්ව මතක් වෙයිද කියල..ඊ ළඟට මං කියන්න යන කෙනා නං හැමෝටම එක වගේ අදාළ වෙන්නෙ නැති වෙන්න පුළුවන්. සමහරවිට උඹේ ජීවිතේ කතාවෙ මෙහෙම කෙනෙක් ඉන්න පුළුවන්. සමහරවිට කෑල්ලක් දානවය හරිය. ඉශිතා. පන්තියට අලුතින් ආව ළමයා. අනේ හරිම කියුට්. හැමෝගෙම ලයින් එක මෙයාට දැන් නං. හිහී හරිම බුද්ධිමත් තැන්පත් ගෑණු ළමයෙක් මොකුත් හිතන්න ඕන නෑ.

හරි එහෙනං මේ තමයි අපේ ජීවිත කතාව නිරූපණය කරන චරිත. සේරම ගෙතෙන්නෙ කෙමෙස්ට්‍රි ක්ලාස් එකයි යාළුවො සෙට් එකේ බැඳීමයි වටා තමයි. ඔව් ඔව් අනිවාර්යෙන් ලව් ස්ටෝරියකුත් ඔතෙන්ට ඇඩ් වෙනව. හැබැයි ඉතිං තවත් එක මල් කතාවක් කියල නං හිතන්න එපා. කලිනුත් කීවනෙ මේ අපේ ජීවිතේ.

හරි එහෙනං ඔයිට වඩා නං මං මොකුත් කියන්න යන්නෙ නෑ. බලන්න පැය 2කට අතීතයේ ජීවත් වෙන්න ඉඩ ඇරල මං කැපෙන්නම්. යන්න කලින් ආයෙමත් කියනව ලොකු බර සාර කතාවක් නං බලාපොරොත්තු වෙන්න එපා මේක ඇවිල්ල එකෙන්ම ෆුල් නෝමල් කතාවක්. චාටර් නැති ෆුල් නෝමල් කතාවක්. ලස්සන කතාවක්. මොකෝ අපි කියල සිනමා වීරයෝ යැ එකෙන්ම ෆුල් නෝමල් ජීවිත ගත කරපු මිනිස්සුනෙ බොලව්.

හෝව් හෝව් යන්න කලින් විශේෂයෙන්ම මතක් කරන්නෝන මගේ අතිජාත අන්තර්ජංජාල මිත්‍රයා මයුර සුරාජ් සහෝදරයාව. උඩ ලිපිය ලස්සනට ලියල කරල දුන්නෙ එයා තමයි. අනේ උඹට පින් බන්.

මේක බෑ කරන්න ඔන්න මේ පාර නං මං යනව. පටි තද කරගන්න පැය 2යි පැය 2යි.. ජයින් ජයම වේවා!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,045 downloadsDownload Flames-S01-Complete-Season.zip117 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

අචින්ත උදයංග

Subtitles

5,045 downloadsDownload Subtitles117 KB

39 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) :)
    ද ප්ලැනට්ස් 2019, අවර් ප්ලැනට් 2019 කියන Mini series දෙකටත් සබ් දෙන්නකො බ්‍රෝ ;)
    නම් දෙක සිංහලෙන් ටයිප් කරේ ඔය mini series දෙකට සබ් ඉල්ලලා නම ඉංග්‍රීසීයෙන් නම ටයිප් කරලා මේ සයිට් එකේම ගොඩක් තැන්වල කමෙන්ට් කරලා දැන් spam වෙලා :D

  2. geeganagamage

    බොහොම ස්තුතියි ලස්සන කතාවක් වගේ අනිවාර්යයෙන්ම අරගෙන බලනවා .

  3. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    දිගටම TV Series වලට සබ් දෙමු....

  4. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi obata

    1. rajitha mahesh

      Sub එකට tnx
      baiscopedownload එකට දෙනවද download කරන්න link ekak hoya ganna amarui

  5. Ayesh Prashan

    Thank You Supiriyak Wage Aniwa Balano

  6. chiranwettewa

  7. Kavinda Athukorala

    thama download site eke dala naa

  8. thanujamilandi

    Thank you sub ekata... Oyala dila thiyenna wachana tikatama kathawa balanna asawak awaa.. Aniwaryen balanawa.. thank you.. Jaya wewa!! BS!!

  9. MAALnath

    Thanks .............good luck ............

  10. darshana100

    thanks macho

  11. දිල්ශාන් සචින්ත

    මොන මගුලක්ද යකෝ දෙනවා කියල ඔහොම ගෙඩි පිටින්ම දෙන්නේ

  12. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  14. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. කවිනු වීරක්කොඩි

    හම්මේ! කවුද හිතුවේ දෙයියනේ මෙහෙම දේවි කියලා..
    බොහොම ස්තූතියි අචින්ත අයියේ..
    මන් බලලා තියෙන සුපිරිම වෙබ් සීරීස් එකක් තමයි ඉතින්..
    ජය වේවා!! දැන් ඉතින් ආයෙමත් බලන්න හිතුණා නොවැ :)

  17. Nilush Angana

    Sub ekata thanx

  18. Chamindu Madhushan

    අම්බෝ සුපිරි අචින්ත සහෝ , තැනක්ස් බන් සබ් එකට. අතේ ටික විතරක් නෙවේ තා පොඩ්ඩෙන් මම කකුලේ නියපොතු ටිකත් කනවා ඒ තරමට සුපිරි මචන්. Season 02 එකත් ආව ගමන් දෙමු හොදේ. ජයවේවා.. !!

    1. vimukthijayasuriyasulo

      Tnx bro
      Jayama

  19. Hashan M. Priyadarshana

    අඩෝ මේක නම් පට්ට බ්‍රෝ සුපිරිමයි ඈ.. ඒකටම හරියන්න ආයෙ සබ් එකත් සුපිරියටම කරලා තිබ්බා.. මේකෙ season 02ත් එනවා නේ බ්‍රෝ හෙට ඒ කියන්නෙ october 18.. ඒකටත් සබ් ඕනෙ ඕං ඈ, පලවෙනිම comment එකත් දාලා ආයෙත් comment එකක් දාන්න ආවෙ මේකෙ season 02ත් එනවා කියල දැක්කම ඒකටත් සබ් ඕනෙ කියන්න ;)

  20. nishannw

    එළ සුපිරි...ඊලග සීසන් එකත් කරමු..හිතුවට වඩා සුපිරි කතාව.ගැලපෙන්නම වචන ගලපලා සබ් කරලා තියෙනවා...ජය වේවා.........

  21. Kanchaka

    Thanks bro

  22. Maduweralu

    Thanks machan supiri kathawa

  23. Hashan M. Priyadarshana

    ආං season 02 ඇවිල්ලෝ ;)

  24. Nipunsandu

    Season 2 ekth hdnwd?

  25. Nimeshh

    2 ඇව්ල්ලා ඒකත් දෙන්න පැටියෝ

  26. achirasuriyawatta97

    Super bn season 2 dipn aniwa

  27. Nirosh C

    ස්තුතියි අචින්ත සහෝ.ජයවේවා!

  28. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි

  29. Pasindu ukwatta

    thks

  30. Tharushaperera

    Season 2 ekatath sub dennako

    1. bcsaminda

      macho link eka dipanko

  31. mindika

    Thanks !!!!!!!!!!!!!!

  32. bcsaminda

    download link ekak dennako

  33. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  34. tharidu16

    අන්න... මෙහෙමයි පරණ එව්වාගේ සබ් ගන්න තියෙන්න ඔනේ. නැත්තං වෙන එව්වාගේ කොටස් 10ට දහ වතාවක් යන්න එපැයි. මේක මරු ඇ. මම දැක්ක පලවෙනි අවස්ථාව මෙහෙම. පිං. තෑන්ක්ස්

  35. Mano

    Godak sthuthi..jaya wewa!

  36. Ravindra

    Thanks