පසුගිය කොටසින් වයිට්රෝස් කලේ ඇන්ජෙලාව රවට්ටලා කරන්න ඕන හැම නපුරු වැඩක්ම කරගත්ත එක කියලා තේරුම් ගියාම එයාට ඕන වුනා වයිට්රෝස්ගේ හොර වැඩ අල්ලලා දෙන්න. හැබැයි එයා දැනන් හිටියේ නැහැ එයාගේ එහා පැත්තේ ඉදන් කතා කරපු එයාගේ තාත්තා ඒ වෙලාවේ මයික් එකක් ඇගෙ හයි කරන් හිටියේ කියලා. තමන්ට පිටුපාන්න හදන අයව මරලා දා…

පසුගිය කොටසින්
වයිට්රෝස් කලේ ඇන්ජෙලාව රවට්ටලා කරන්න ඕන හැම නපුරු වැඩක්ම කරගත්ත එක කියලා තේරුම් ගියාම එයාට ඕන වුනා වයිට්රෝස්ගේ හොර වැඩ අල්ලලා දෙන්න. හැබැයි එයා දැනන් හිටියේ නැහැ එයාගේ එහා පැත්තේ ඉදන් කතා කරපු එයාගේ තාත්තා ඒ වෙලාවේ මයික් එකක් ඇගෙ හයි කරන් හිටියේ කියලා. තමන්ට පිටුපාන්න හදන අයව මරලා දාපු වයිට්රෝස් සුපුරුදු පරිදි ඇන්ජෙලාව මරලා දැම්මා කතාව පටන් ගද්දිම. ඇන්ජෙලාගේ මරණයත් එක්ක පිලිප් ප්‍රයිස් සෑහෙන හිත් අවුලෙන් හිටියේ. මේ වෙච්ච දේවල් දැන දැනම තමයි එලියට් මිස්ටර් රොබට් එක්කලා වයිට්රෝස්ව වට්ටන්න ක්‍රමයක් හොය හොයා වැඩ කලේ. මේ අතරේ වයිට්රෝස්ගේ නීතිඥයා හරහා එයාලට බැංකුවක් ගැන වගේම බොරු ඔත්තුවක් ගැනත් දැනගන්න ලැබෙනවා. මේකට කෙලින්ම අහුවෙලා එලියට් මැරෙන්න පවා ගියා. හැබැයි මොක්දෝ මන්දා වාසනාවකට එලියට් ඒ වෙලාවේ බේරුනා.
ඩාර්ලීන් හැසිරෙන්නේ පිස්සුවෙන් වගේ. නිතරම වගේ කලේ කුඩු ගහපු එකයි, බීපු එකයි. මතක ඇතිනේ එයා වතාවක් එලියට්ව මුණගැහෙන්න ඇවිත් කිව්වා එයා ඇන්ජෙලාව දැක්කා කියලා. මේ අතරේ ඩිපේරෝ සෑහෙන ලොකු කරදරේක වැටුනා. එයා FBI එකේ වැඩ වලින් ඈත් වෙලා එයාගේ අම්මා ලග නැවතිලා ඉන්න කාලේ එයාගේ අම්මට කවුදෝ මන්දා ගෑණු කෙනෙක්ව මුණගැහිලා හිතවත් වෙලා තියෙනවා. පැහැදිලිව එයාගේ අම්මාවත්, ඩිපේරෝවත් දැනන් හිටියේ නැහැ ඒ ගෑණු කෙනා ඩාක් ආමි එකේ කෙනෙක් කියලා. එයා ඒ විදිහට හිතවත් වෙලා තියෙන්නෙ ඩිපේරෝ FBI එකේ වැඩට නොයා ගෙදරට වෙලා ඉන්න නිසාත්, ඩිපේරෝ ඩාක් ආමි එකට පිටුපාලා වැඩ කලොත් එයාගේ අම්මව මරලා දාන්නයි. මේ විදිහේ තර්ජන එක්කම ඩිපේරෝට ආයේ වැඩට යන්න සිද්දවුණා.
අද කොටසින්
වයිට්රෝස්ව බංකොලොත් කරලා වට්ටන්න තියෙන කෙනෙක් විදිහට සූසැන් ජෙකොබ්ස් ගැන එලියට්ට දැනගන්න ලැබෙනවා. හැබැයි එයා දන්නේ නැහැ දෙවෙනි කතාසමයේදී එලියට් හිරේ ඉද්දි ඩාර්ලීන් වගේම රොමේරෝ දෙන්නා එකතු වෙලා සූසැන් ජෙකොබ්ස්ට කරපු දේ මොකක්ද කියලාවත්. අද කොටසේ අවසානය නම් සුපිරිම සුපිරියි. මොකද කවුරුවත් හිතපු නැති විදිහේ තවත් කෙනෙක් කතාවට එකතු වෙන්නයි යන්නේ. වෙන්නේ මොකද කියලා බලලම ඉන්නකෝ එහෙනම්.
මං ගිහින් එන්නම්. ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4,187 downloadsDownload Mr.-Robot-S04-E02.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
10 comments
Rasindu Perera
Dimuthu Nisansala
Thank you bro.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
LimeGreenSoda
Thanks.
Ishan Madusha
බොහොම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
namaljayathunga
Thanks Bro..
Anonymous
Thnx sub ekta...
Sahan Prabhasara
THANKS BRO
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



නියමයි...සබ් එකට තැන්ක්ස්....
දිගටම සබ් දෙමු...