Flex X Cop Season 1 Sinhala Subtitles 2024 වර්ෂයේ මුලභාගයේදී විකාශය වෙලා ලෝකෙ පුරාම ලොකු රැල්ලක් හදපු සුපිරිම කොරියන් කතාමාලාවක් තමයි Flex X Cop (재벌X형사) කියන්නේ. කොරියානි රසිකයන් හැමෝම වගේ ආදරය කරන Ahn Bo-hyun එක්ක Park Ji-hyun ප්‍රධාන චරිතවලින් එකතු වෙන මේ කතාවට Kang Sang-jun, Kim Shin-bi වගේම Kwa…

Flex X Cop Season 1 Sinhala Subtitles
2024 වර්ෂයේ මුලභාගයේදී විකාශය වෙලා ලෝකෙ පුරාම ලොකු රැල්ලක් හදපු සුපිරිම කොරියන් කතාමාලාවක් තමයි Flex X Cop (재벌X형사) කියන්නේ.
කොරියානි රසිකයන් හැමෝම වගේ ආදරය කරන Ahn Bo-hyun එක්ක Park Ji-hyun ප්‍රධාන චරිතවලින් එකතු වෙන මේ කතාවට Kang Sang-jun, Kim Shin-bi වගේම Kwak Si-yang වැනි දක්ෂ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.
හැබැයි මේ කතාව ගැන ගොඩක් අය නොදන්න දෙයක් තියෙනවා! මේක 2015 වසරේ විකාශය වුණු “Silver Spoon” කියන සුප්‍රසිද්ධ රුසියානු (Russian) ටීවි සීරීස් එක ඇසුරෙන්, Sreda ආයතනයේ නිල ආකෘතියකට අනුව නිර්මාණය කරපු අපූරු රීමේක් (Remake) එකක්.
මේකේ පළමු වෙනි සීසන් එක (Season 1) 2024 ජනවාරි 26 වෙනිදා ඉඳන් මාර්තු 23 වෙනිදා වෙනකම් දකුණු කොරියාවේ SBS TV නාලිකාව හරහා හැම සිකුරාදා සහ සෙනසුරාදාම රාත්‍රී 10.00 ට විකාශය වුණා. කොරියාවේ Wavve හරහා වගේම ලෝකේ පුරාම ඉන්න අපිට Disney+ ස්ට්‍රීමිං සේවාව හරහාත් මේක නරඹන්න අවස්ථාව ලැබුණා.

අපි කතාව පැත්තට පොඩ්ඩක් යමු…
කතාව ගෙතෙන්නේ ජින් යි-සූ වටායි. මෙයා කොරියාවේ තියෙන අති විශාල සල්ලිකාර පවුලක (Chaebol) තුන්වැනි පරම්පරාවේ සෙල්ලක්කාර, කිසිම වගකීමක් නැති තරුණයෙක්. හැබැයි බලාපොරොත්තු නොවුණු සිදුවීම් දාමයක් නිසා මෙයාට එකපාරටම පොලිසියේ රහස් පරීක්ෂකයෙක් වෙන්න සිද්ධ වෙනවා.
ඔය අතරේ තමයි මෙයාට ලී කං-හ්යුන්ව හමුවෙන්නේ. ඇය පොලිසියේ භයානක අපරාධ විමර්ශන අංශයේ වැඩ කරන, අත්දැකීම් බහුල, ඉතාමත් දක්ෂ නිලධාරිනියක්. මුලදී නම් කං-හ්යුන් මේ සල්ලිකාර, උඩඟු යි-සූව දකින්නේ තමන්ගේ රාජකාරී ජීවිතයට ආපු ලොකුම කරදරයක් සහ බාධාවක් විදිහටයි. ඒ නිසාම ඇය මෙයා ගැන කිසිම පැහැදීමකින් නෙවෙයි ඉන්නේ.
හැබැයි ඉතින් හැම කතාවකම වගේ මේ දෙන්නගේ ජීවිත උඩුයටිකුරු කරන, හැරවුම් ලක්ෂ්‍යයක් වෙන සුවිශේෂී සිදුවීමක් සිද්ධ වෙනවා. අන්න ඒ සිදුවීමත් එක්ක මේ දෙන්නට එකතු වෙලා එකම කණ්ඩායමක සහකරුවන් විදිහට වැඩ කරන්න සිද්ධ වෙනවා.
නයි වගේ වලි දාගන්න මේ දෙන්නා එකතු වෙලා කොහොමද අපරාධකාරයෝ අල්ලන්නේ කියලා දැනගන්න නම් කතාව බලන්නම වෙනවා!

කතාවේ ප්‍රධාන චරිත ටික හඳුනාගනිමු (Cast & Characters)
ජින් යි-සූ – Jin I-soo (රංගනය: Ahn Bo-hyun )

කතාවේ ප්‍රධානම චරිතේ තමයි මෙයා. කිසිම වගකීමක් නැති, විනෝදෙටම බර, මහා පරිමාණ සල්ලිකාර පවුලක (Chaebol) තුන්වැනි පරම්පරාවේ කොල්ලෙක්. හැබැයි පොලිසියට ආවට පස්සේ මෙයා අපරාධකාරයෝ අල්ලන්නේ මාරම විදිහකට. තමන්ගේ තියෙන අසීමිත සල්ලි, බලය, යානවාහන වගේම සෙල්ලම් කර කර ඉන්නකොට ඉගෙනගත්තු එක එක දක්ෂතායි, සුපිරි මොළයයි පාවිච්චි කරලා තමයි මෙයා ගේම් ගහන්නේ.
ලී කං-හ්යුන් – Lee kang-hyun (රංගනය: Park Ji-hyun )

භයානක අපරාධ විමර්ශන අංශයේ ප්‍රථම කාන්තා කණ්ඩායම් නායිකාව (Team Leader) තමයි මෙයා අපරාධකාරයෝ අල්ලන්න තමන්ගේ ජීවිතය වුණත් පරදුවට තියන්න ලෑස්ති, රාජකාරිය අකුරටම කරන දක්ෂ, අත්දැකීම් බහුල රහස් පරීක්ෂකවරියක්.
පාක් ජුන්-යොන්ග් – Park Jun-young (රංගනය: Kang Sang-jun)

කං-හ්යුන්ගේ ළඟම යාළුවා වගේම ගංහා පොලිසියේ අපරාධ අංශයේ ඉන්න විශ්වාසවන්තම නිලධාරියෙක්. ඇත්තටම මෙයාට ඕන වුණේ සුපිරි පාපන්දු (Soccer) ක්‍රීඩකයෙක් වෙන්න. හැබැයි තමන්ගේ අම්මාට බරක් වෙන්න අකමැති නිසා ක්‍රීඩාව අතඇරලා පොලිසියට බැඳුණු ගුණවත් පුතෙක්.
චෝයි කියුන්g-ජින් – Choi Kyung-jin (රංගනය: Kim Shin-bi)

ගංහා පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ඉන්න බාලම සාමාජිකයා. යි-සූ පොලිසියට ආවට පස්සේ මෙයා තමයි යි-සූගේ “Flex” වැඩවලට සහ සල්ලිකාර ජීවිතයට වඩාත්ම වශී වෙලා ඉන්න රසිකයා.
ජින් ස්‍යුන්ග්-ජූ – Jin Seung-ju (රංගනය: Kwak Si-yang)

යි-සූගේ ආදරණීය ලොකු අයියා. මෙයා තමයි හන්සු සමූහ ව්‍යාපාරයේ (Hansu Group) උප සභාපති විදිහට වැඩ කරන්නේ. නිතරම ප්‍රශ්න ඇති කරගන්න තමන්ගේ මල්ලිව හැමවෙලේම බේරගන්න, මල්ලිට පණ ඇරලා ආදරේ කරන කෙනෙක්.
“Flex X Cop” පළමු වැනි සීසන් එක මාරම සාර්ථක විදිහට ඉවර වුණු නිසා, ප්‍රේක්ෂකයෝ හැමෝම මග බලාගෙන හිටියේ මේකේ දෙවෙනි සීසන් එකක් එනකන්. ඔන්න ඉතින් ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරමින්, මේ සුපිරි කතාවේ සීසන් 2 (Season 2) 2026 අගෝස්තු මාසයේ 7වෙනිදා නිකුත් වන බව තහවුරු කරලා තියනවා.දෙවෙනි සීසන් එකේදී ජින් යි-සූ තමන්ගේ සල්ලි සහ බලයෙන් තවත් මොන වගේ පිස්සු වැඩ කරලා අපරාධ විසඳයිද, එයාට හම්බෙන අලුත් සගයන් කව්ද? තව මේ වගේ ගොඩක් අලුත් දේවල් සීසන් 2න් අපිට බලාගන්න පුළුවන් වෙයි.
ඒ සුපිරි අත්දැකීම ළඟදීම විඳගන්න කලින්, ඔයාලා තවමත් “Flex X Cop” පළමු සීසන් එක බැලුවේ නැත්නම්, කිසිම කම්මැලිකමක් නැතුව එක දිගටම බලන්න පුළුවන් සුපිරිම කතාවක් නිසා අදම සිංහල උපසිරසි එක්ක බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා!
සීසන් 2න් ඉක්මනින්ම හමුවෙමු…….
Flex X Cop S01 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
234 downloadsDownload Flex-X-Cop-S01E08-Sinhala-Subtitles.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-03-14
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Flex X Cop Season 1 Sinhala Subtitles
Subtitles by
තරිදු දිසානායක
Subtitles
- #Flex X Cop S01 Sinhala Sub
- #Flex X Cop S01 Sinhala Subtitles
- #Flex X Cop Season 1 Sinhala Sub
- #Flex X Cop Season 1 Sinhala Subtitles
- #Flex X Cop Sinhala Sub
- #Flex X Cop Sinhala Subtitles
- #Jaz Sinclair
- #Kiernan Shipka
- #Lucy Davis
- #MaxxA
- #Michelle Gomez
- #Netflix
- #Offbeat
- #Ross Lynch
- #sinhala
- #Sinhala Subtitle
- #Yul Vazquez
- #තරිදු දිසානායක
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
1 comment
Buddhika laKMal
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



තෑන්ක්ස් මචං මේ සීරිස්එකටත් කම්ප්ලීට් සබ් දුන්නට