Gatta Kusthi 2 (2026) Sinhala Subtitles ආයුබෝවන් සියලුදෙනාටම, ඔන්න අදත් මම ඔයාලට අරගෙන ආවේ සුපිරිම දමිළ චිත්‍රපටයකට සිංහල උපසිරැසියක්. මේකෙ නම තමයි ‘Galatta Kusthi 2‘. 2026 අවුරුද්දේ ජූලි මාසේ 3 වෙනිදා ලෝක පුරා සිනමාහල් වල අතිසාර්ථක විදියට තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටය Sports, Comedy, Drama ගණය…

මේ සුපිරි සලරුව අධ්‍යක්ෂණය වගේම තිර රචනය සිදු කරලා තියෙන්නෙ Chella Ayyavu විසින්. 2022 අවුරුද්දේ ආපු මේකේ පළවෙනි චිත්‍රපටය වුණු ‘Gatta Kusthi’ නිර්මාණය කළෙත් මෙයාම තමයි. රංගනයෙන් දායක වෙන නළු නිළියන් ගැන කතා කළොත්, ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ අපි කවුරුත් දන්න දක්ෂ නළු Vishnu Vishal සහ ලස්සන නිළි Aishwarya Lekshmi. ‘Ratsasan’ , ‘FIR’ වගේ සුපිරි චිත්‍රපට වල රඟපෑ yVishnu Vishal ව ඔයාලට හොඳටම මතක ඇති. ඒ වගේම Aishwarya Lekshmi කියන්නේ ‘Ponniyin Selvan’, ‘Jagame Thandhiram’, ‘Gargi’ වගේ දැවැන්ත චිත්‍රපට හරහා ප්‍රේක්ෂකාදරය දිනාගත්ත නිළියක්. මේ දෙන්නට අමතරව Zara Zyanna කියන ළමා නිළිය, ප්‍රවීණ රංගන ශිල්පී යෝගි බාබු (Yogi Babu), රම්‍යා ක්‍රිෂ්ණන්, කරුණාස්, මුනිෂ්කාන්ත් වගේ දක්ෂ රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා.
කතාව ගැන පොඩියට කිව්වොත්, මේක පළවෙනි ෆිල්ම් එකේ කතාවේ දිගුවක් විදියට තමයි යන්නේ. කීර්ති ගැබ්ගෙන ඉන්න කාලේදී ඇගේ මල්ලවපොර සිහිනයට උදව් කරනවා කියලා වීරා දුන්නු පොරොන්දුවෙන් පස්සේ තමයි මේ කතාව ආරම්භ වෙන්නේ. දැන් මේ දෙන්නාට දුවෙක් ඉන්නවා, වීරා දැන් ගෙදර වැඩ කටයුතු බලාගෙන ඉන්න ගෘහණියක් වගේ චරිතයක් කරද්දී, කීර්ති එයාගේ රස්සාවයි මල්ලවපොර තරඟයි සමබරව කරගෙන යනවා. ඒ වුණාට මේ දෙන්නගේ දුව ක්‍රීඩාවට කිසිම උනන්දුවක් නැති, ඉගෙනීම පැත්තෙනුත් දුර්වල කෙනෙක් කියලා දැනගත්තාම මේ පවුල ඇතුළේ ලොකු ප්‍රශ්න ඇතිවෙන්න පටන් ගන්නවා. ළමයාව හදාගන්න විදිය ගැන වීරාටයි කීර්තිටයි තියෙන්නේ වෙනස්ම මතවාද දෙකක්. ඉතින් මේ මත ගැටුම් නිසා කීර්තිගේ ක්‍රීඩා ජීවිතයට වගේම මේ දෙන්නගේ විවාහ ජීවිතයටත් මොන වගේ බලපෑමක් එයිද, මේ ප්‍රශ්න එයාලා කොහොම විසඳගනීද කියන එක තමයි මේ චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන් වෙන්නේ.
“සැමියා උපයන විට බිරිඳ පවුල බලාගන්නවා සේම, බිරිඳ උපයන විට හෝ ඇයගේ සිහින හඹායන විට සැමියාට නිවස බලාගත හැකියි. එවැනි සැමියෙකු සිටින කිසිදු ගැහැනියක පරාජය කළ නොහැක.”
චිත්‍රපටයේ කතාව සරල වුණාට මේකෙන් සමාජයට දෙන පණිවඩය එක නම් හරිම ගැඹුරුයි. අපේ සමාජයේ ගොඩක් වෙලාවට විවාහය කියන දේ හැදිලා තියෙන්නේ “පිරිමියා හම්බකරන්න ඕනේ, ගෑනු කෙනා ගෙදර වැඩ කරගෙන ළමයි හදාගෙන ඉන්න ඕනේ” කියන පරණ පීතෘමූලික මතය උඩ. නමුත් මේ චිත්‍රපටයෙන් ඒ සම්ප්‍රදායික මතය සම්පූර්ණයෙන්ම කණපිට ගහලා, බිරිඳ සහ සැමියා අතරේ තියෙන්න ඕනේ සැබෑ සමානාත්මතාවය ගැන නිවැරදිම කතිකාවතක් ඇති කරනවා. පවුලක් වුණාම වගකීම් බෙදාගන්න එක නම්‍යශීලී වෙන්න ඕනේ කියන එක තමයි මේකේ ප්‍රධානම පණිවිඩය. බිරිඳක් එයාගේ හීන පස්සේ යද්දි, සැමියා පෙරමුණ අරගෙන ගෙදර වැඩයි ළමයි බලාගන්න එකයි ස්වේච්ඡාවෙන්ම භාරගන්න එක කොච්චර වටිනවද කියලා මේකෙන් අපිට තේරුම් කරලා දෙනවා. සාමාන්‍යයෙන් බිරිඳක් තම රැකියාවේ ඉහළටම යද්දි පිරිමියා ගෙදරට වෙලා ඉන්න එක අපේ සමාජය දකින්නේ “අසාමාන්‍ය” දෙයක් නැත්නම් පිරිමිකමට කරන නිග්‍රහයක් විදියට වුණාට, ඒ කුණු ෙචින්තනය මේ චිත්‍රපටයේ කතාවෙන් මුලිනුපුටා දාන්න උත්සාහ කරනවා.
ඒ වගේම අලුත් විදියට හිතන මේ වගේ යුවලකට ලොකුම ප්‍රශ්නෙ එන්නේ වටපිටාවෙන් සහ නෑදෑයින්ගෙන්. බිරිඳක් ප්‍රසිද්ධියට පත් වෙද්දී පිරිමියාව “ගෑනිට යටත් වෙච්ච එකෙක්” ගානට දාන්න මේ සමාජය හරි ඉක්මන්. ඒත් සමාජයෙන් මොන උපහාසාත්මක කතා ආවත්, දෙන්නා අතරේ නියම අවබෝධයක් සහ විශ්වාසයක් තියෙනවා නම් පවුලක් කඩාගෙන වැටෙන්නේ නැහැ කියන එක මේකෙන් සූක්ෂමව පෙන්නලා දෙනවා. දරුවෙක් ලැබුණාම අම්මා කෙනෙක්ගේ මුළු ජීවිතේම ඒකටම කැප වෙලා ඇගේ අනන්‍යතාවය නැති වෙන්න ඕනේ නැහැ වගේම, පීතෘත්වය (Fatherhood) කියන්නේ සල්ලි හොයන එක විතරක් නෙවෙයි කියන එකත් මේ නිර්මාණයෙන් අවධාරණය කරනවා. ගොඩක් පිරිමින්ගේ තියෙන පිරිමි මාන්න්‍ය (Male Ego) හින්දා තමන්ගේ බිරිඳ සමාජයේ කැපී පෙනෙනවට අකමැති වුණත්, නියම ආදරේ කියෙන්නේ බිරිඳව පහත් කරලා නෙවෙයි, ඇයව ඉහළම තැනකට ඔසවලා තියන එකේ කියන එක මෙතනදි ඉස්මතු වෙනවා. බිරිඳගේ ජයග්‍රහණය තමන්ගේම ජයග්‍රහණයක් විදියට දැකලා සතුටු වෙන පිරිමි ඉන්න පවුල් කවදාවත් බිඳ වැටෙන්නේ නෑ කියන අනර්ඝ ආදර්ශය මේ කතාවෙන් සමාජයට ලබා දෙනවා.
එහෙනම්, මේ ලස්සන සහ අර්ථවත් කතාව තවත් රසවත් කරගන්න සිංහල උපසිරැසියත් එක්කම චිත්‍රපටය බලන්න කියලා මම ආරාධනා කරනවා. සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලගේ අදහසුත් පල්ලෙහායින් කමෙන්ට් කරගෙනම යන්න අමතක කරන්න එපා.
ඔබ සැමට කඳසුරිඳු පිහිටයි!
Gatta Kusthi 2 (2026) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent link.
ලබා දී ඇති උපසිරැසි Proper HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,179 downloadsDownload Gatta-Kusthi-2-2026.zip81 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Gatta Kusthi 2 Sinhala SubtitlesSubtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
- #Fist of the North Star
- #Gatta Kusthi 2 (2026) Sinhala Sub
- #Gatta Kusthi 2 (2026) Sinhala Subtitles
- #Gatta Kusthi 2 Sinhala Sub
- #Gatta Kusthi 2 Sinhala Subtitles
- #M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Vijay
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series