Watch Trailer

Generation War AKA Unsere Mütter, unsere Väter (2013) [EP01] with Sinhala Subtitles | සියල්ල අත්හැර යුද්ධය වෙත යන සහෝදරවරු දෙදෙනා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප්වාසි සියලු දෙනාටම , කාලෙකට පස්සේ ඔන්න මම උපසිරසියක් ගේන්නේ , මම චිත්‍රපටි වලට උපසිරසි කර කර ඉදියට ටීවී සිරිස් වලට කරන්න ගියේ නැහැ , ඔන්න මම ටීවී සිරිස් එකකට උපසිරසියක් කරන්න යන්නේ . වැඩ රාජකාරි එක්ක පුළුවන් විදියට කාලය හොයාගෙන උපසිරසියක් කරන්න පටන් ගත්තා . මම පොඩි හදුන්වාදීමක් කරන්න…

කොහොමද බයිස්කෝප්වාසි සියලු දෙනාටම , කාලෙකට පස්සේ ඔන්න මම උපසිරසියක් ගේන්නේ , මම චිත්‍රපටි වලට උපසිරසි කර කර ඉදියට ටීවී සිරිස් වලට කරන්න ගියේ නැහැ  , ඔන්න මම ටීවී සිරිස් එකකට උපසිරසියක් කරන්න යන්නේ . වැඩ රාජකාරි එක්ක පුළුවන් විදියට කාලය හොයාගෙන උපසිරසියක් කරන්න පටන් ගත්තා . මම පොඩි හදුන්වාදීමක් කරන්න යන්නේ එහෙනම් .

මේ ටීවී සිරිස් එක මිනි සිරිස් එකක් . කොටස් තුනකින් පමණක් සමන්විත මේ ඩ්‍රාමා එක ජර්මන් සිරිස් එකක් . එක් කොටසක කතා කාලය පැය 1 යි විනාඩි 30කින් යුක්තයි . කොටස් 3කින් කතාව සම්පුර්නයෙන්ම අවසන් වෙනවා . කතාව ගැන කියනවා නම් මේක සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන ඒ ආකාරයෙන්ම නිර්මාණය කෙරුණු කතාවක් . ජර්මන් කිව්වම ටීවී සිරිස් එකේ භාෂාව වෙන්නේ ජර්මන් භාෂාව . මේ ටීවී සිරිස් එකේ නියම නම වෙන්නේ “Unsere Mütter, unsere Väter” ඉංග්‍රීසි නම වෙන්නේ “Generation War”. මේ ටීවී සිරිස් එකට “ජර්මන්  band of brothers” කියලත් කියනවා ! ඒ වගේම IMDB දර්ශකයේ 8.5 ද දැවැන්ත අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා . ඒ වගේම සම්මාන විශාල ගණනක් හිමිකරගන්නත් හැකියාව ලැබිල තියෙනවා . කතාවේ ක්‍රියාදාම , ත්‍රාසජනකබව , සහෝදරකම වගේ බොහොමයක් දේවල් අඩු නැතුව බලාගන්න පුළුවන් . පැය 1 විනාඩි 30ක් ගියා කියලා දැනෙන එකක්වත් නැහැ බලන්න පටන් ගත්තම .  මම නම් ලිපි ලියන වැඩේට දක්ෂ නැහැ . පුලවන් විදියට විස්තර කරන්නම් .

ඔන්න කතාව ගැන හැදින්විමක් කරන්න යන්නේ ඊළගට , “දෙවන ලෝක යුද්ධය” හැමෝම දන්නවා හිට්ලර් කියන ජර්මන් පාලකයා තමා මේ යුද්ධය ආරම්භ කලේ කියලා , ඒ දෙවන ලෝක යුද්දය වටා සහ ජර්මනියේ බොහොම සතුටින් වගේම එකා වගේ එකට ඉදපු යාළුවො පස් දෙනෙක් වටා තමා මේ කතාව ගෙතී යන්නේ . ෆ්‍රෙන්ඩ්හෙල්ම් , ඔහුගේ සහෝදරයා විල්හෙල්ම් , ග්‍රේටා , වික්ටර් , චාර්ලට් . මෙන්න මේ යාලුවෝ  පස් දෙනා . මෙතනින් වික්ටර් කියන්නේ ජර්මනියේ ජිවත් වන යුදෙව්වෙක් . හැමෝම දන්නවනේ යුදෙව්වන්ට හිට්ලර් කරපු දේවල් ගැන . පලවෙනි කොටසින් බලාගන්න පුළුවන් යුද්දය ජර්මන් ජන ජිවිතයට කෙතරම් බලපෑමක් කරාද කියන එක ගැන වගේම මේ යාලුවෝ පස් දෙනා තමන්ගේ රට වෙනුවෙන් කරන දේවල් . මම විස්තර කියන්න යන්නේ නැහැ . එතකොට බලන්න දෙයක් නැති වෙනවා !! මෙන්න මේ දේ කියන්න ඕනා , “මේක බොහොම ලස්සන කතාවක් . බලන්න වටිනවා . අනිවාර්යයෙන්ම බලන්න !!”

මේ ටීවී සිරිස් එකට උපසිරසි ගැන්වීමේදී මට උපසිරසි ගැන්වීම කරන්න සිදු උයේ අන්තර්ජාලයේ තිබී හමුවූ “Generation War (2013) 720p BluRay x265 HEVC SUJAIDR “මෙන්න මේ නමින් ඇති 2.3GB බරින් යුතු පිටපතටය .  මෙම පිටපත තුල කොටස් 3න සහ මේ සිරිස් එක හැදුව හැටි ගැන තියෙන පොඩි වීඩියෝ පිටපතකුත් ඇතුලත් වෙනවා !

එහෙනම් දෙවන කොටසින් හමුවෙමු .

Generation War on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

Generation War (2013) 720p BluRay x265 HEVC SUJAIDR

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

211 downloadsDownload Generation-War-s01e01.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/NaveenNisal2-e1478994544524.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

211 downloadsDownload Subtitles33 KB

15 comments

  1. kandynif

    thanks

  2. Nadeeka

    Flash season 3 eke ithuru episode ei mechchara parakku

    1. Krishan NiShalya

      19. The Once and Future Flash
      Season 3 · Apr 25, 2017

      next week enne 19 epi eka

  3. suwantha darshana

    meka ithiri kotas wala sub nadda

  4. දිල්ශාන් සචින්ත

    නියමයි සහෝ පහරක් වගේ අනිවා බානවා. බොහොම ස්තූතියි සබට...

  5. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  6. charith

    නියම එකක්, දැම්ම download වෙන්ඩ දැම්මා.

  7. සුපුන් බුද්ධික

    හොද එකක් වගේ..
    ඉතුරු එපි දෙකත් දුන්නම බලමු එහෙනම් :-P
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.

    ජය වේවා !!!

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. සචින් කෙවින්

    බලන්න ඕනි. බොහොම ස්තුතියි සහෝ උපසිරසට :) :) :) :)

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. SuDiYA

    enakan saho balan hitiye..sub ekata godak sthutiyi..
    tawa mewage series karamu
    gd lk

  13. Viraj

    sub ekata thanks saho..

  14. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.