Watch Trailer

Ghost Wars [S01 : E13] Sinhala Subtitles | ආරම්බයක අවසානය ( මරනයේ දොරටුව )…. [සිංහල උපසිරැසි සමග]

කොහොමෙන් කොහොම හරි වැඩක් පටන් අරන් හෙන ගේමක් දීලා ඉවර කරන්න ඔන්න මටත් පුලුවන් උනා.. ඒ බයිස්කෝප් අඩවියෙන් අවසර අරන් සිසිල සහෝගෙ මාර්ගෝපදේශයෙන් යුතුව මෙච්චර කල් කරගෙන ආපු මගේ පලමු උපසිරැසියකරනයට අත ගැසීම තමයි… ඒක තමයි මේක… ඔවු Ghost Wars…, සති කීපයක් කට්ට කාලා ගේමක් දීලා ඔන්න මන් කොහොමහරි උපසිරැසි ටි…

කොහොමෙන් කොහොම හරි වැඩක් පටන් අරන් හෙන ගේමක් දීලා ඉවර කරන්න ඔන්න මටත් පුලුවන් උනා.. ඒ බයිස්කෝප් අඩවියෙන් අවසර අරන් සිසිල සහෝගෙ මාර්ගෝපදේශයෙන් යුතුව මෙච්චර කල් කරගෙන ආපු මගේ පලමු උපසිරැසියකරනයට අත ගැසීම තමයි… ඒක තමයි මේක… ඔවු Ghost Wars…, සති කීපයක් කට්ට කාලා ගේමක් දීලා ඔන්න මන් කොහොමහරි උපසිරැසි ටික නම් ලබා දුන්නා..මොකෝ කඩ්ඩ පුලුවන්ය කියලා කරපු දෙයක්යැ මේක…මේක ඇවිල්ල වෙනම ආතල් එකක්..ඒ රස හැමෝටම ගන්න බෑද , ගන්න උවමනාවක් නැද්ද , වෙලාවක් නැද්ද කියලා මටම තේරෙන් නෑ..මේක හරි විනෝදයි වැඩේ..ඊටත් වඩා තමන් කරපු දෙයක් රට වටේම යනවා කියන එක හිතට දැනෙන කොට දැනෙන ගැම්ම වචනෙන් කියන්න බෑ..තව කාටහරි ඒකෙන් උදවුවක් වෙනවා කියලා දැනෙන හැගීම කොහොම විස්තර කරන්නද අෆ්ෆා…මන් මොන එහෙකට මෙච්චර කල් උපසිරැසි නොහැදුවද කියලා මන් මගෙන්ම සිය දහස් පාරකට වඩා අහන්න ඇති…ඉතින් මගේ ඉල්ලීම අහක දාන්නෙ නැතුව මට අවස්තාවක් දීපු එකට මන් ඇත්තටම බයිස්කෝප් අඩවියේ සහෝලට මෙන්ම විශේෂෙන්ම මට රිපල්යි කරපු සිසිල සහෝට ස්තූතිවන්ත වෙනවා….

හොදයි ස්තූති කතාව කල්ලා ඉවර එකේ කලින් එපිය මතක් කරගමු…. ඔන්න ඉතින් සසර කලකිරැන නෝම් කට්ටියත් එක්කාසු කරගෙන ලැම්බ්ඩා එකත් එක්ක සහා නගර වාසීන් එක්ක වලියක් දාගත්ත මතක ඇති..කා(ර්)ලගේ වියෝවෙ සෝකය ඔහුව මේ තැනට පත් කරා කියන එක පැහැදිලීනෙ හොදටම..ඇත්තටම ලැම්බ්ඩා එකේ මොනව කරන්න යනවද කියලවත් ඔහු දැනගෙන හිටියෙ නෑ..ඉතින් ඒ උනාට ප්‍රාන ඇපකාරයො පවා ඔහු ලග තබාගත්තා..ඒ කෝම උනත් තර්ජන ඝර්ජන මැද්දෙ රෝමන් උල්කාව ගැන අධීක්ෂනයට ලැම්බ්ඩා එකට ආවා..ඉතින් ඒ උපාංගයෙන් අපේ මිනිස් ශරීරයෙන් ආත්මය ඉවතට ඇදලා දාන බව දැන් හැහෝටම පැහැදිලි ඇති.. ඉතින් ඒ හැකියාව උපයෝගි කරගෙන නෝම් රවටා ඔහුගෙ කුමන්ත්‍රණය නවත්වා දාන්න අපේ රෝමන් කන්ඩායමට පුලුවන් කම ලැබුනා.. ඒත් නෝම් නම් කතාවෙන් අයින්ම උනා..ඒ ඔහු සිය කැමැත්තෙන්ම මරනයට පාත්‍ර උන නිසා….

දොලොස්වන එපිය එහෙම වෙද්දි කතා මාලාවෙ අවසාන එපිය මෙන්න මේ විදියටයි පෙල ගැසෙන්නෙ… ඉතින් උල්කාවේ හැකියාව හොදින්ම දන්න පිරිසගේ සූදානම මේ දූපතෙන් කෙසේ හෝ පිටව යන්නයි..ඒ බිලී වතාවක් මැරී සිටිද්දි දැකපු හොල්මන් ගේට්ටුව , අද කොටසේ එතන මරනයේ දොර කියලා තමයි හදුන්වන්නෙ අන්න එතන වහලා දාලා මේ හොල්මන් ප්රෂ්නෙන් බේරෙන්න..ඒකට ඔවුන්ට මැරෙන්න සිද්ද වෙනවා.. ඇත්තටම මැරෙනවද ?? කතාව බලන්නකෝ..තේරෙයි…ඒකට ආපහු මුලු නගරෙම බලය විසන්දි කරන්න ඕන වෙනවා වගේම මේ දේට සහය වෙන අයව ආරක්ෂා කරන්න වෙනම ඕන වෙනවා..ස්තාන තුනක් පුරා තමයි අද කතාව දිව යන්නෙ… කෝම හරි සැලසුම අසාර්තක වෙගෙන යද්දි වෙනද වගේම අදත් කතාව පුරාවටම හිටපු චරිතයකට බිලි වෙන්න වෙනවා…ඒ කෟද ??? ඉතින් ඒ බිල්ලත් සමග හොල්මන් කරදරයෙන් නගරය නිදහස් උනාද කියලා ඔයාලම බලාගන්න… අවසානයට තේරෙවි ඇත්තටම රෝමන් සහා මැගී වෙනම දෙයක් මේ දිගු කාලය පුරාවටම සැලසුම් කරලා ඇති බව..ඒක එයාලට නම් හොද උනාට අනිත් අයට සිද්ද වෙන බලපෑම නම් එච්චර හොද නෑ…ඉතින් මොකක්ද මේ යටිකූට්ටු වැඩේ කියලා කතාව අවසන් වෙනවත් එක්කම ඔයාලට දැනගන්න ලැබෙයි.. ඇත්තටම මාත් පුදුම උනා ඒ වෙලාවෙදිනම්….

හරි ඉතින් ඔන්න යාලුවනේ කොටස් දහ තුනකින් යුතු මේ කතාමාලාව අදින් අවසන් වෙනවා…ඇත්තටම හිතුවෙ වත් නැති අවසානයක් තමයි සිද්ද උනේ..ඔයාලට අන්තර්ජාලයේ මේ කතාමාලාව සොයද්දි හමුවෙන පුවතක් මම කියන්නම්… ඒ මේ කතාමාලාව කැන්සල් කරලා කියලා හැම තැනම දැක්වෙන පුවතයි.ඔවු මේක කතා සමයන් දෙකකට අරන් යන් නැතුව පලමු කතා සමයෙන්ම අවසන් කරලා…..ඒත් ඔවුන් කරපු හොද දෙයක් තමයි දික් ගස්සන එක සිද්ද වෙන් නැති දෙයක් නිසා පලමු කතා සමයෙන් කතාව හරියාකාර අවසානයක් සහිතව නිම කරන්න තීරනය කරපු එක..නැත්තන් අපිට අනිත් ඒව වගේම හිතෙන්න තිබුනා අපරාදෙ බැලුවෙ කියලා..ඉතින් ඒ උනාට කියන්න කැමතී මේකනම් බැලුවා කියලා එහෙම වෙන්නෙ නෑ කියලා..ඔයාලටත් ඒක පෙනෙවී මේ කොටසත් බැලුවම..නැත්තන් මන් මේකට උපසිරැසි කරන්න තෝරගන්නෙත් නෑ…

ඉතින් ඔයාලගෙන් මම බලාපොරොත්තු වෙන දෙයක් තමයි කමෙන්ට් තීරැවේ පොඩි අදහසක් දක්වගෙන යන්න කියලා මගේ උපසිරැසිකරනයේ ගුනාත්මක භාවය ගැන..එතකොට අඩු පාඩු තීනම් ඒවත් හදාගෙන මීලග වතාව හොදින්ම ඉදිරිපත් කරන්න මට පුලුවන් වේවි….

එහෙනම් මිතුරැ මිතුරියනි පෝට් මූරෙන් සමු ගන්නම් ..ආයෙ නැවත චිත්‍රපටයකින් හෝ කතා මාලාවකින් හමු වෙමු…ඔබට ජය !!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රගීත් චමල්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-00-00
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

ප්‍රගීත් චමල්ක

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

26 comments

  1. Dulan Randika

    මෙච්ර කාලයක් මේ සීසන් එකට සබ් දුන්නට ස්තූතියි.තවත් මේ වගේ සීසන් එ කකට සබ් දෙමු .
    ඔයාට පුළුවන්ද the new legend o monkey king kiyala
    ටීවී සීරියස් එකක තියෙනව ඒකටත පුළුවන්නම් සබ් දෙන්න

  2. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    TV Series එකකින්ම සබ් දෙන එක පටන් ගත්ත එක පට්ට...
    ඉවර වෙනකන්ම එක දිගට දුන්න නේ.
    මේක ඉවර කරපු එකත් හොදයි දිගටම අදින්නේ නැතිව..එක දිගට බලලා ඉවර කරන්න පුළුවන්...
    තවත් මේ වගේ කතා මාලාවක් අරන් එමු...

  3. kalana

    තෑන්ක්ස් සහො සබ් එකට... සහ නියම කතාවක්ට අපිට බලන්ඩ සෙට් කරාට ඉස්සරහටත් මෙවගෙ හොන්ද කතාවක් අරගෙන එන්ඩ කියල සුබපතනව...

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
    ජය

    Luke cage season 2 සබ් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් සහෝ...

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. danumadu

    sub tikata thankz bro...okkotama eka para damma .

  7. Priyankaharshana

    Supiri kathawa sub tikath niyamai thawath mewage hoda kathawak denna saho oyata godak thanks sub dunnata b.s

  8. Dushan Tharuka

    Thank You !!!

  9. MAALnath

    Thanks ................good luck .................hit the floor tv series ekath sub denna ............

  10. Ayesh Prashan

    Supirie.. Thank You

  11. Sulakshana

    Thank bro.

  12. ranga11112

    ස්තුතියි “ ප්‍රගීත් සහෝ‍……….
    සබ් එකට මහන්සි වුනාට බොහොම පිං……
    තෙරැවන්සරණයි

  13. Nadeesha rox alahakoon

    Tnx bro mekata sub karata. Mn num on kathawama balala iwarai

  14. pawan

    12 monkeys season 4 sinhala sub denna puluwanda

  15. Dula95

    thanks bro... tawa niyama tv series ekak genna shakthiya labewa

  16. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා..!!

  17. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  18. klamilaniranjan

    meka mara ikmanata denawata thanks

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Tharindu

    පට්ට. ඔක්කොම බැලුව. දිගටම කරගෙන යන්න. ගුඩ් ලක්.

  21. Gayan_madushanka_

    Thanks bro

  22. sasala

    thanks

  23. Nukbandara

    Thanks bro supiriyatama thiyenava digatama karamu

  24. rasara

    Kollo sub ekata thanks

  25. triveharshi98

    thnkz mge eka sub wlata lokuma hlp ekak ptta wde jaya!!!!!!!!!!!!!!!!!!