Gold Land Season 1 Sinhala Subtitles කොහොමද හැමෝටම ? අද මම අරන් ආවේ කොරියානු කතා රසිකයන් හැමෝම ඇඟිලි ගැන ගැන බලන් හිටපු, අලුත්ම අලුත් සුපිරි කතා මාලාවක ආරම්භය ගැන විස්තරයක්. අපි හැමෝම ආදරේ කරන, හුරතල් රංගනයට නමක් දිනාගත්ත Park Bo-young මේ පාර එන්නේ මීට කලින් කවදාවත් දැකපු නැති අමුතුම විදිහක චරිතයකි…

Gold Land Season 1 Sinhala Subtitles
කොහොමද හැමෝටම ? අද මම අරන් ආවේ කොරියානු කතා රසිකයන් හැමෝම ඇඟිලි ගැන ගැන බලන් හිටපු, අලුත්ම අලුත් සුපිරි කතා මාලාවක ආරම්භය ගැන විස්තරයක්. අපි හැමෝම ආදරේ කරන, හුරතල් රංගනයට නමක් දිනාගත්ත Park Bo-young මේ පාර එන්නේ මීට කලින් කවදාවත් දැකපු නැති අමුතුම විදිහක චරිතයකින්. ඒ තමයි Disney+ හරහා නිකුත් වුණු “Gold Land” (2026).
ඔයාලා දන්නවා ඇති Park Bo-young කියන්නේ ගොඩක් වෙලාවට ආදරණීය, හුරතල් චරිත කරන නිළියක් කියලා. මේ කතාව ඇතුළේ ඇය ඒ හැමදේම අමතක කරලා, හරිම අඳුරු සහ ගැඹුරු රංගනයක් ඉදිරිපත් කරනවා. කතාවේ පළමු කොටස බැලුවාම ඔයාලට ඒක හොඳටම තේරෙයි.
කතාව ආරම්භ වෙන්නේ ගුවන් තොටුපළක ආරක්ෂක නිලධාරිනියක් විදිහට වැඩ කරන කිම් හී-ජූ (Park Bo-young) ගෙන්. ඇය ගොඩක් දුක් මහන්සියෙන් තමන්ගේ ජීවිතේ ගැටගහගන්න උත්සාහ කරන කෙනෙක්. ඇයට ඉන්නේ සහය නියමුවෙක් (Co-pilot) විදිහට වැඩ කරන පෙම්වතෙක්. නම ලී දෝ-ක්‍යුන්ග්. හැබැයි මේ පෙම්වතා හිතාගන්න බැරි විදිහේ ලොකු හොරකමකට පැටලෙනවා.
පළමු කොටසේ දකින්න ලැබෙන විදිහට, මේ දෙන්නාට අහම්බෙන් වගේ අයිති වෙනවා රත්තරන් කිලෝ දහයේ කුට්ටි 100කට වඩා තියෙන ලොකු පෙට්ටියක්! මේ රත්තරන් තොගයේ වටිනාකම කොරියානු වොන් බිලියන 150ක් (ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 100කට වඩා වැඩියි). සාමාන්‍ය කෙල්ලෙක්ට මෙච්චර සල්ලියක් ලැබුණාම මොකක් වෙයිද?
හී-ජූ මුලින් බය වුණත්, ටික වෙලාවකින් ඇය ඇතුළේ ඉන්න “කෑදරකම” අවදි වෙන්න ගන්නවා. ඇය තීරණය කරනවා මේ රත්තරන් ටික කාටවත් දෙන්නේ නැහැ කියලා. හැබැයි මේ රත්තරන් පස්සේ පන්නන ලොකු අපරාධ කල්ලියකුත් ඉන්නවා. ඒ කල්ලියේ ප්‍රධානියෙක් විදිහට Lee Kwang-soo (අපි කවුරුත් දන්න ‘ලී ක්වන්ග්-සූ’) හරිම බියකරු විලන් කෙනෙක් විදිහට මේ කතාවේ පෙනී ඉන්නවා.
ඔයාලා සල්ලිවලට, රත්තරන්වලට මිනිස්සු කොයි තරම් දුරට තිරිසන් වෙනවාද කියලා බලන්න කැමති නම්, ඒ වගේම හොඳ Crime Thriller එකක් හොයනවා නම් “Gold Land” කියන්නේ මඟ නොහැරිය යුතුම කතාවක්.
ඉතින් තවත් විස්තර නැතුව උපසිරැසිය ලබාගෙන කතාව රසවිදින්න කියලා හැමෝටම ආරාධනා කරනවා සබ් එක ගැන අදහසක් යටින් දාන්නත් අමතක කරන්න එපා, දෙවෙනි එපිසෝඩ් එකෙන් හමුවෙනකන් හැමෝටම සුභ දවසක්…
Gold Land S01 Sinhala Subtitles
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
471 downloadsDownload Gold-Land-S01E01.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-03-14
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Gold Land Season 1 Sinhala Subtitles
Subtitles by
තරිදු දිසානායක
Subtitles
- #Chance Perdomo
- #Gold Land S01 Sinhala Sub
- #Gold Land S01 Sinhala Subtitles
- #Gold Land Season 1 Sinhala Sub
- #Gold Land Season 1 Sinhala Subtitles
- #Gold Land Sinhala Sub
- #Gold Land Sinhala Subtitles
- #Jaz Sinclair
- #Kiernan Shipka
- #Lucy Davis
- #MaxxA
- #Michelle Gomez
- #Netflix
- #Offbeat
- #Ross Lynch
- #sinhala
- #Sinhala Subtitle
- #Yul Vazquez
- #තරිදු දිසානායක
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
2 comments
Sung Jin-Woo
Buddhika laKMal
මේකට සබ් දෙන්න හිතුවට තෑන්ක්ස් හොදේ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සුපිරි බ්‍රෝ.