Watch Trailer

Good American Family [S01 : E08] Sinhala Subtitles | ඒ පොඩි ළමයට කරපු දේ වලට තෝ හිරේ ගිහින් කුණු වෙයන් ! [සිංහල උපසිරසි] (18+)

Good American Family Sinhala Subtitles පෙර කොටසින්… බානෙට්ලා නතාලියාව දාපු මානසික රෝහලේ සිදුවීම ඇත්තටම බලන්න හරිම දුක්ඛිත වුණා. මානසික රෝහලේ ළමා අංශයේ හිටපු කෙල්ලව එකපාරටම උසාවි නියෝග හින්දා වැඩිහිටි අංශයට ගෙනහින් දැම්මා. ඒ නතාලියාට වයස 22යි කියලා උසාවියට ක්‍රිස්ටීන්ලා ඉදිරිපත් කරපු සාක්ෂි පිළිගැනී…

Good American Family Sinhala Subtitles

පෙර කොටසින්…

බානෙට්ලා නතාලියාව දාපු මානසික රෝහලේ සිදුවීම ඇත්තටම බලන්න හරිම දුක්ඛිත වුණා. මානසික රෝහලේ ළමා අංශයේ හිටපු කෙල්ලව එකපාරටම උසාවි නියෝග හින්දා වැඩිහිටි අංශයට ගෙනහින් දැම්මා. ඒ නතාලියාට වයස 22යි කියලා උසාවියට ක්‍රිස්ටීන්ලා ඉදිරිපත් කරපු සාක්ෂි පිළිගැනීමත් එක්ක. මේ පෙර සිදුවීම් මාළාව පෙන්වීමෙන් පස්සේ අපිට දකින්න ලැබුණා ඩ්‍රයිස්ඩේල් පරීක්ෂකතුමයි නතාලියාගේ අලුත් අම්මයි දිගින් දිගටම බානෙට්ලට විරුද්ධව නඩුවට සටන් වදිනවා. කැනඩාවේ සුව සේ ඉන්න බානෙට්ලට උසාවියෙන් ලියුමක් ලැබෙනවා නතාලියගේ නඩුවට නැවත පෙනී ඉන්න කියලා. මොහොතකට මෙයාලා මේක දැකලා බයවෙනවා, ඒත් පස්සේ මේක සාමාන්‍ය දෙයක් විදියට මෙයාලා බාරගන්නවා. නඩුවේ වැඩ වලට හනික මයිකල්ව ක්‍රිස්ටීන් ඇමරිකාවට පිටත් කරලා යවනවා. මෙතනදි එක නීතිඥයෙක් ළඟදි මයිකල් දුරකථනයෙන් දකිනවා ක්‍රිස්ටීන් වැරදිලා තමන්ගේ නිරුවත් පින්තූර කිහිපයක් තමාට එවා තිබෙනවා. මයිකල්ට ඉක්මනින්ම තේරුම් යනවා මේවා තමා වෙනුවෙන් ගත්තු ඒවා නොවන බවට. මේකෙන් පස්සේ මයිකල් ක්‍රිස්ටීන්ගෙන් වෙන් වෙලා තමන්ගේ පෙර රැකියාවේ මිතුරිය සමග හාද වෙනවා. නතාලියා ඇතුළු පිරිස සියල්ල කම්පනයට පත් කරමින් බානෙට්ලගේ නඩුව පරදිනවා. මෙතනදි ඩ්‍රයිස්ඩේල් පරීක්ෂකතුමා කියනවා අභියාචනයක් ඉදිරිපත් කරමු කියලා නමුත් මේකට නතාලියාගේ අලුත් අම්මා විරුද්ධ වුණා.

අද කොටසින්…

ලෝකයම බලාගෙන ඉන්න අතරේ නතාලියයි බානෙට් පවුලයි උසාවියේදීත්, පොදු ජනතාව ඉදිරිපිටදීත් මුහුණට මුහුණ ලා හම්බ වෙනවා. සියල්ලෙහි අවසානය අද සිදුවෙනවා.

මේ වෙනකන් සීරිස් එක බලපු අය පහළින් මේ ගැන අදහසක් දක්වගෙන යන්න.

මේකේ වාර්තා චිත්‍රපටියත් ඔයාලා බලන්න. ඒක ඇවිල්ලා – Curious Case of Natalia Grace. (මේකට නම් උපසිරැසි මගෙන් බලාපොරොත්තු වෙන්න එපා 😉

Good American Family Sinhala Subtitles


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

313 downloadsDownload Good-American-Family-S01E08-baiscopelk-sinhala-subtitle.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Good American Family Sinhala Subtitles

All BT1All BT1

Subtitles by

UD Shehan

Subtitles

313 downloadsDownload Subtitles43 KB

1 comment

  1. Buddhika laKMal

    ස්තූතියි ශෙහාන් සහෝ මේ සීරිඑකට සබ් දුන්නට....
    දැං තමයි බලන්න ගන්නේ හැබැයි.....
    ස්තූථියි ඔයාගේ මහන්සියට.......