Watch Trailer

Good American Family [S01 : E07] Sinhala Subtitles | බානෙට් පවුලට කෙළවන්න යන්නේ, නතාලිය පොඩි ළමයෙක් ! [සිංහල උපසිරසි] (18+)

Good American Family Sinhala Subtitles පෙර කොටසින්… නතාලියා පරික්ෂකතුමාට බානෙට් පවුලේ හිටපු කාලේ ගැන කියද්දි කියපු එක විශේෂ දෙයක් තමයි වුණේ සනීප ආරක්ෂක තුවා පාවිච්චි කරන විදිය ක්‍රිස්ටීන් බලෙන්ම නතාලියාට කරලා පෙන්වන්න හදපු ඒක. ඒක කෙල්ලට ගොඩක් වේදනාකාරී සහ අවමන්සහගත වෙන්න ඇති. මොකද කෙල්ල පොඩි ළමයෙක්…

Good American Family Sinhala Subtitles

පෙර කොටසින්…

නතාලියා පරික්ෂකතුමාට බානෙට් පවුලේ හිටපු කාලේ ගැන කියද්දි කියපු එක විශේෂ දෙයක් තමයි වුණේ සනීප ආරක්ෂක තුවා පාවිච්චි කරන විදිය ක්‍රිස්ටීන් බලෙන්ම නතාලියාට කරලා පෙන්වන්න හදපු ඒක. ඒක කෙල්ලට ගොඩක් වේදනාකාරී සහ අවමන්සහගත වෙන්න ඇති. මොකද කෙල්ල පොඩි ළමයෙක් නිසා. මේ ප්‍රශ්න කිරීම් වලින් පස්සේ නැවත නතාලියාගේ කතාව පෙන්වන්න ගත්තා. ඉස්කෝලේ ඇරිලා තනියම නතාලියා ගෙදර යමින් හිටියා, කකුල් දෙකත් තුවාල වෙලා ලේත් ඇවිල්ලා. මේක දකින මේ අහලින් යන කාන්තාවක් ඇවිල්ලා නතාලියාට පිහිට වෙන්න හිතනවා. මේ නාදුනන කාන්තාවගෙන් උදව් ගන්න අකමැතිම වෙන නතාලියා අවසානයේ මේ කෙනා එක්ක වාහනේ තමන්ගේ නිවසට යන්න තීරණය කරනවා. මේ ආගන්තුක කාන්තාව දිගින් දිගටම උත්සහා කරනවා නතාලියා ගැන දැනගන්න. ඉතින් මේ කාන්තාවගේ දැඩි බල කිරීම නිසා නතාලියා මෙයාව බොහොම අකමැත්තෙන් සහ බයෙක් තමන්ගේ ගේ ඇතුළටත් ගන්නවා. ගේ හැඩිවෙලා අවුල් ජාලයක් වෙලා තියනවා දැක්කම මේ කාන්තාවට හිතෙනවා මෙතන මොකක්මහරි විශාල ගැටළුවක් තියනවා කියලා. කොහොමින් කොහොමහරි මෙයා නතාලියට හුඟක් සමීප වෙලා බඩු ගන්න වෙළෙදසැලකටත් එක්කන් යනවා. මෙතනදි නතාලියාගේ EBT කාඩ් එකෙන් අයුතු ප්‍රයෝජන ගන්න මේ කාන්තාව බඩු වලට මුදල් එකෙන් ගෙවනවා. මේක නතාලියටත් යාන්තමින් තේරෙනවා. අවසානයේ නතාලියා මේ කාන්තාවගේ ගෙදර ගිහින් රෑ කෑමක් ගන්නවා. පස්සේ නතාලියාගේ කකුලේ වේදනාවට වෛද්‍යවරියක් ගිහින් හම්බවෙනවා. මෙතනදි නතාලියාගේ වයස 22ක් විදියට සදහන් වෙන එක ගැන බරපතල සැකයක් හිතන වෛදවරිය පොලිසිය මේ ගැන දැනුවත් කරනවා, ඒ කුඩා ළමයෙකුගේ බොහොමයක් ලක්ෂණ නතාලියාගෙන් හමුවීම නිසා පරික්ෂා කිරීම් අතරතුර, තවමත් ඇති කිරි දත් වගේ දේවල්. කතාව අවසානයේ අපිට දකින්න ලැබුණා එක අති සුවිශේෂි සාක්ෂි‍යක්, ඒ තමයි නතාලියා තමන්ගේ කකුලෙන් ගලවලා අරගන්නවා ලේ තැවරිච්ච මේස් එකක්. පස්සේ ඒක බිමින් තියලා පෙට්ටියකින් වහනවා. මෙන්න මේකෙන් හොඳටම දේවල් 2ක් ඔප්පු වුණා, ඒ තමා නතාලියා කවදාවත් ඔසප් වුණේ නෑ සහ නතාලියා වැඩිහිටියෙක් නෙමෙයි පොඩි ළමයෙක් කියන එක. මේ හැමදේම ලොකු වරදවා වටහා ගැනීමක් ක්‍රිස්ටීන්ගේ.

අද කොටසින්…

බානෙට් පවුලේ අය නතාලියාගෙන් ගැළවෙන්න හදද්දි, ඩ්‍රයිස්ඩේල් පරීක්ෂක ඇගේ නඩුව භාර ගන්නවා. ක්‍රිස්ටීන් ගැන මයිකල් දැනගන්න එක දෙයක් නිසා මිනිහට වමනේ ගිහින් ගැනි ගැන කලකිරෙනවා. අදත් නතාලියාට දුකම පමණයි උරුම.

Good American Family Sinhala Subtitles


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

289 downloadsDownload Good-American-Family-S01E07-baiscopelk-sinhala-subtitle.zip41 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Good American Family Sinhala Subtitles

All BT1All BT1

Subtitles by

UD Shehan

Subtitles

289 downloadsDownload Subtitles41 KB

0 comments

No comments yet.