Watch Trailer

Gyeongseong Creature [S02: E05] Sinhala Subtitles | රාක්ෂයා [සිංහල උපසිරැසි]

Gyeongseong Creature [S02: E05] Sinhala Subtitles GYEONGSEONG CREATURE කතාමාලාවේ දෙවෙනි සීසන් එකේ තුන්වෙනි එපිසෝඩ් එකටයි අද සබ් අරගෙන ආවේ. ගිය අවුරුද්දේ දෙසැම්බර් 22 පළවෙනි පාර්ට් එකත්, මේ අවුරුද්දේ ජනවාරි 05 වෙනිදා දෙවෙනි පාර්ට් එකත් විදියට GYEONGSEONG CREATURE කතාමාලාවේ පළවෙනි කතාසමය Netflix හරහා…

Gyeongseong Creature [S02: E05] Sinhala Subtitles GYEONGSEONG CREATURE කතාමාලාවේ දෙවෙනි සීසන් එකේ තුන්වෙනි එපිසෝඩ් එකටයි අද සබ් අරගෙන ආවේ. ගිය අවුරුද්දේ දෙසැම්බර් 22 පළවෙනි පාර්ට් එකත්, මේ අවුරුද්දේ ජනවාරි 05 වෙනිදා දෙවෙනි පාර්ට් එකත් විදියට GYEONGSEONG CREATURE කතාමාලාවේ පළවෙනි කතාසමය Netflix හරහා රිලීස් වුනා. ඉතින් සැප්තැම්බර් 27 වෙනිදා, ඒකියන්නේ මාස නවයකට විතර පස්සේ තමා GYEONGSEONG CREATURE කතාමාලාවේ දෙවෙනි කතාසමය Netflix හරහා රිලීස් වෙන්නේ. දෙවෙනි සීසන් එක එපිසෝඩ් හතකින් සමන්විත වෙනවා. GYEONGSEONG CREATURE සීරීස් එකේ පළවෙනි හා දෙවෙනි සීසන් දෙකම ඇතුලත්ව මුළු එපිසෝඩ් ගාණ එපිසෝඩ් 17ක් වෙනවා. කොරියානු කතාමාලා ඉතිහාසයේ එදා මෙදා තුර වැඩිම වියදමක් (වොන් බිලියන 70ක්) දරලා නිර්මාණය කරපු කතාමාලාව තමා මේක.            Action, Thriller, Historical, Sci-Fi ගනයන්ට අයිති වෙන මේ සීරීස් එකේ තිර රචනය Dr. Romantic කතාමාලාවේ තිර රචක Kang Eun Kyung සහ අධ්‍යක්ෂණය It’s Okay to Bot Be Okay සහ Hot Stove League කතාමාලාවන්හි අධ්‍යක්ෂක Jung Dong Yoon විසින් සිදු කරලා තියෙනවා. මේ වසරේ වැඩිම නැරඹුම් වාර ගණනක් සහිත කොරියානු නෙට්ෆ්ලික්ස් කතාමාලා දහය අතරට එන්න පළවෙනි කතාසමය සමත් වෙනවා. ඒවගේම IMDB දර්ශකයේ 7.3/10 ක් සහ MyDramaList දර්ශකයේ 8.4/10ක ඉහල අගයක් ලබාගන්නත් GYEONGSEONG CREATURE පළවෙනි කතාසමය සමත් වෙනවා.                     දෙවෙනි සීසන් එකේ කතාව ගලාගෙන යන්නේ 2024 අවුරුද්දේ. පළවෙනි සීසන් එකේ තිබ්බේ 1945 අවුරුද්දේ කතාවනේ. ඉතින් ඒ නිසා කාස්ට් එකෙත් වෙනසක් වෙලා තියෙනවා. දෙවෙනි සීසන් එකේ Park Seo Joon, Han So Hee දෙන්නට අමතරව Lee Moo Saeng සහ Bae Hyun Sung දෙන්නා අලුතින් ප්‍රධාන චරිත විදියට රංගනයෙන් දායක වෙනවා. පළවෙනි සීසන් එක ඉවර වුනේ ගොඩක් ප්‍රශ්න ඉතුරු කරලා කියලා හැමෝටම මතක ඇතිනේ. එහෙනම් 1945 ග්යොන්ග්සොන්ග් වලින්, 2024 සෝල් වලට කතාව සම්බන්ධ වෙලා ගලන් යන්නේ කොහොමද කියලා බලමු.                                                       《CAST – රංගන දායකත්වය》 • Park Seo Joon – ජන්ග් ටේ සන්ග් / ජන්ග් හෝජේ • Han So Hee – යුන් චේ ඔක් • Claudia Kim – මයෙදා යුකිකෝ • Lee Moo Saeng – කැප්ටන් කුරොකෝ • Bae Hyun Sung – සුන්ග් ජෝ                《Summary – සාරාංශය》          The weight of karma. A fight to end it all.          “කර්ම බලය මුළුමනින් අවසන් කිරීමට සටනක්” ජන්ග් හෝජේ.. හෝජේ කියන්නේ බුගන්ග් සමාගමේ උප සභාපති. ඔයාලට මතක ඇතිනේ ටේ සන්ග්ගේ යාළුවා. ක්වොන් ජුන් ටෙක්ව. ජුන් ටෙක්ගේ මුණුබුරා හෝජේගේ යාළුවෙක්. ඉතින් මේ දෙන්නා තමා බුගන්ග් සමාගම කරගෙන යන්නේ. ඒත් ණය බර හින්දා සාක්ෂි හොයලා දෙන වගේ වැඩත් මෙයාලා කරනවා. ඔන්න ඔහොම එක දවසක් සාක්ෂි අරගන්න කියලා ගියපු තැන තිබිලා මළ සිරුරක් හම්බෙනවා. ඉතින් මේකේ සැකකාරයා විදියට හෝජේව පොලීසියට ප්‍රශ්න කරන්න ගෙනියනවා. තමන් නිර්දෝෂියි නම් ඇත්ත අපරාධකාරයව අල්ලගන්න කියලා ඒ නඩුව භාර පොලිස් නිලධාරියා හෝජේට දවස් දහයක් දෙනවා. ඉතින් මිනීමරුවව හොයන අතරේ හෝජේට යුන් චේ ඔක්ව හම්බෙනවා. හෝජේට තියෙන්නේ ටේ සන්ග්ගේ මූණමයි හින්දා චේ ඔක් දැක්ක ගමන් ගොඩක් පුදුම වෙනවා. පළවෙනි සමයේ අන්තිමේ සෙයිෂින් එයාගේ ඇගේ ඉදපු නජින්ව චේ ඔක්ට දෙනවා ඔයාලත් දකින්න ඇතිනේ. ඒහින්දා තමා චේ ඔක්ට මෙච්චර කාලයක් ජීවත් වෙන්න පුළුවන් වුනේ. ටේ සන්ග්ගේ ඇගෙත් නජින් කෙනෙක් ඉන්නවා නම් එයත් තමා ජීවත් වෙනවා ඇති. ඉතින් ජන්ග් හෝජේ කියන්නේ ඇත්තටම ජන්ග් ටේ සන්ග්ද? ටේ සන්ග් නම් දැන් මතකය නැති වෙලාද ඉන්නේ? මතකය නැති වෙන්න හේතු වුන අනතුර මොකද්ද? චේ ඔක්ටයි, ටේ සන්ග්ටයි දෙන්නට ආයේ එකතු වෙන්න පුළුවන් වෙයිද? තාමත් මානව අත්හදා බැලීම් වෙනවද? එහෙනම් ඒක පිටිපස්සේ ඉන්නේ කවුද? මේ හැමදේගෙම අවසානය සතුටුදායක අවසානයක් වෙයිද.. දුක්ඛිත අවසානයක් වෙයිද? එහෙනම් මේ හැම ප්‍රශ්නෙකටම උත්තර හොයාගන්න නම් අනිවාරෙන් දෙවෙනි සමයත් නරඹන්න කියලා ආරාධනා කරනවා. අමතක කරන්නැතුව කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියලා ඉල්ලනවා. එහෙනම් දෙවෙනි එපිසෝඩ් එකෙන් හම්බෙමු. හැමෝටම සුභ දවසක්!

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,487 downloadsDownload Gyeongseong-Creature-S02E05.zip13 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය. 

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2023-01-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1Next BT1

Subtitles

1,487 downloadsDownload Subtitles13 KB

2 comments

  1. Buddhika laKMal

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  2. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤