The Judge from Hell Season 01 Sinhala Subtitles ඔන්න මම ඔයාලට ආයෙමත් අලුත් කතාවක් අරගෙන ආවා. Jo Yi-soo රචනා කරපු Park Jin-pyo අධ්‍යක්ෂණය කරපු මේ කතාව තමයි The Judge from Hell ( 지옥에서 온 판사) 2024 සැප්තැම්බර් 21 වෙනිදා SBS TV වල විකාශය ආරම්භ කරපු මේ කතා මාලාව හැම සිකුරාදා සහ සෙනසුරාදා දිනකම කොරියානු සම…

The Judge from Hell Season 01 Sinhala Subtitles

ඔන්න මම ඔයාලට ආයෙමත් අලුත් කතාවක් අරගෙන ආවා. Jo Yi-soo රචනා කරපු Park Jin-pyo අධ්‍යක්ෂණය කරපු මේ කතාව තමයි The Judge from Hell ( 지옥에서 온 판사) 2024 සැප්තැම්බර් 21 වෙනිදා SBS TV වල විකාශය ආරම්භ කරපු මේ කතා මාලාව හැම සිකුරාදා සහ සෙනසුරාදා දිනකම කොරියානු සම්මත වෙලාවෙන් 22:00 ට විකාශනය වෙනවා. මේ කතාවෙ ප්‍රධාන චරිත වෙන්නෙ Park Shin-hye වගේම Kim Jae-young.  ඒ වගේම තවත් දක්ෂ නළු නිලියො ගොඩක් ඉන්න මේ කතාව එහෙනම් අපි බලන්න ගමු.

මේක විකාශනය වෙමින් පවතින කතාවක් නිසා උපසිරැසි පලවීම පුලුවන් තරම් වෙලාවට දෙන්න උත්සහ කරනවා. ඒත් ටිකක් එහා මෙහා වුනොත් ඉවසාවදාරන්න ඕනේ.. 

ඔන්න මේ වෙද්දි හන් ඩාඔන් කන්ග් බිට්නා අසල්වාසීන් වෙලා. ඒත් ඒ පලවෙනි හමුව නම් ඒ තරම් හොඳ එකක් වෙන්නෙ නැහැ වගේ. තමන්ගෙ පස්සෙන් එන ඩාඔන් ආයෙත් එන්නෙ නැහැ කිව්ව එක ගැන බිට්නා දුක් වුනත්, මේ හදිසි පැමිණීම බිට්නා ට හිතුවට වඩා ගැටළු ඇති කරනවා. කන්ග් බිට්නා යක්ෂයෙක් කියන එක විස්වාස කරගෙන ඉන්න ඩාඔන්ට මේ කොටසෙදි තවත් බිට්නා සම්බන්ධ විස්වාස කරන්න බැරි දේවල් දැනගන්න ලැබෙනවා. ඒත් ඩාඔන් ඒ එක දේකටවත් බයක් පෙන්නන්නෙ නම් නැහැ. බිට්නා දැන් ඊලඟ ගොදුර පස්සෙ යන්නයි යන්නෙ. ඒත් බිට්නාට දැන් තවත් අමතර ප්‍රශ්ණයක් ඇති වෙලා. ඒක තමයි ඩාඔන් ලඟදි බිට්නාට ඇති වෙන අපහසුතාවය. බිට්නා ට ඩාඔන් ගැන එහෙම තත්ත්වයක් ඇතිවෙද්දි ඩාඔන් ඉන්නෙ බිට්නා ගැන සැකෙන්. දැන් ඩාඔන්ගෙ එකම අරමුණ බිට්නා පහුගිය වින්දිත මරණ වලට සම්බන්ධයි කියලා සාක්ෂි හොයාගන්න එක. ඉතිං මේ වතාවෙ නම් ඩාඔන් සාර්ථක වෙයි වගේ…

The Judge from Hell Season 01 Sinhala Subtitles

 

         

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,004 downloadsDownload The.Judge_.From_.Hell_.S01E05.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


The Judge from Hell Season 01 Sinhala Subtitles

Next BT1

All BT1

Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,004 downloadsDownload Subtitles33 KB

1 comment

  1. Buddhika laKMal

    ස්තූතියි සිස් උපසිරැසියට