Watch Trailer

Hell Is Other People AKA Taineun Jiokida [S01: E03] Sinhala Subtitles | රහස් කෙදිරිල්ල [සිංහල උපසිරැසි]

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

Hell is Other People

Hell Is Other People AKA Taineun Jiokida [S01: E03] Sinhala Subtitles

Strangers From Hell සීරීස් එකේ තුන්වෙනි එපියත් අරගෙන ආවා ඔන්න. Serial Killers එහෙමත් නැත්තම් දාම ඝාතකයෝ ඉන්න කතා බලන්න කැමති අයට සුපිරිම භාණ්ඩයක් තමා මේක. 2019 අවුරුද්දේ OCN නාලිකාව හරහා විකාශනය වුන මේ සීරීස් එක Thriller, Horror, Psychological කියන ගනයන්ට අයිති වෙනවා. කොරියාවෙන් බිහිවුනු Thriller ගනයේ කතාමාලා අතරින් ඉහලින් ඉන්න විශිෂ්ට කතාමාලාවක් විදියට Strangers From Hell පෙන්වාදෙන්න පුළුවන්. මේකේ අධ්‍යක්ෂණය Lee Chang Hee විසිනුත්, තිරරචනය Jung Yi Do විසිනුත් සිදු කර තිබෙනවා. එපි 10 කින් සමන්විත මේ සීරීස් එක IMDB හි 7.8/10 ක සහ MyDramaList හි 8.7/10 ක් වැනි ඉහල අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා.

Kim Yong Ki නිර්මාණය කරපු මේ නමින්ම තියෙන වෙබ්ටූන් එකක් පාදක කරගෙන තමයි මේ සීරීස් එක නිර්මාණය කරලා තියෙන්නේ. කාස්ට් එක පැත්තට ගියොත් මගේ Favorite Actors ලිස්ට් එකේ ඉන්න Lee Dong Wook, Im Si Wan දෙන්නා තමා ප්‍රධාන චරිත කරන්නේ. Tale Of The Nine Tailed බලපු කෙනෙක් නම් Lee Dong Wookව නොදැන ඉන්න විදියක් නෑනේ. ඉතින් ඒකේ ලී යොන්ට පණ පොවපු Lee Dong Wook මේ සීරීස් එකේ සෝ මුන් ජෝට පණ පොවමින් ඊට හාත්පසින්ම වෙනස් රංගනයක යෙදෙනවා. තව ඉන්ඩස්ට්‍රියේ ඉන්න හොදම Idol Actor කෙනෙක් වෙන Im Si Wan යුන් ජොන්ග් වූට පණ පොවනවා. ඉතින් සුපිරි කාස්ට් එකක් ඉන්න සුපිරිම Psychological Thriller එකක් විදියට Strangers From Hell පෙන්වා දෙන්න පුළුවන්.

CAST – රංගන දායකත්වය

• Im Si Wan – යුන් ජොන්ග් වූ
• Lee Dong Wook – සෝ මුන් ජෝ
• Lee Jung Eun – ඔම් බොක් සූන්
• Park Jong Hwan – බ්යුන් දොක් ජොන්ග් / බ්යුන් දොක් සු
• Lee Jong Ok – හොන්ග් නම් බොක් 
• Lee Hyun Wook – යූ කී හ්යොක්
• Ahn Eun Jin – සෝ ජන්ග් හ්වා
• Ahn Eun Jin – සෝ ජන්ග් හ්වා

෴SUMMARY – සාරාංශය෴

“ඇත්තම කිව්වොත් මන් මෙහෙට එනකම්ම මෙහෙ නෙවෙයි මන් ජීවත් වෙන ලෝකෙයි අපාය කියලා හිතුවේ”

“ඒත් ඇත්තම අපාය මේක”

“මිනිස්සුන්ම නිර්මාණය කරපු භයානක අපායක්”

“කොහොම වෙන්නැතිද මන් මේ අපායට වැටුනේ?”

“මොන වැරැද්දක් කලාටද?”

රස්සාව හින්දා බුසාන්වල ඉදන් සෝල්වලට එන යුන් ජොන්ග් වූ තාවකාලිකව නවතින්න බෝඩිමක් හොයනවා. ඔය අතරේ තමා අඩුම කුලියකට තියෙන ඒඩන් බෝඩිම හොයන් ජොන්ග් වූ යන්නේ. ඉතින් එයා තීරණය කරනවා එහෙ නවතින්න. හැබැයි ඒ බෝඩිමේ ඉන්න මිනිස්සු හරිම අමුතුයි. ඉතින් මේ අමුතු මිනිස්සුන්ගේ සැබෑ ස්වරූපය මොකද්ද? මේ බෝඩිමේ හැංගිලා තියෙන රහස මොකද්ද?

කුතුහලය පිරිච්ච කතාවක් හින්දා මන් එපියෙන් එපිය විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙන්නෑ. එහෙනම් හතරවෙනි කොටසෙන් හමුවෙමු. අමතක නොකර කමෙන්ට් එකකුත් දාගෙන යන්න. හැමෝටම සුභ දවසක්!


Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,227 downloadsDownload Strangers-From-Hell-S01-E03-Sinhala-Subtitles-Baiscope.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2023-01-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Hell Is Other People, Taineun Jiokida, Hell is Other People S01 Sinhala Subtitles
Rank: Silver
Ratings
Reviews
0
Subtitles
94
Downloads
436.8K
Readers' rating
No reviews yet

Write a review of නයන බුද්ධික →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

2,227 downloadsDownload Subtitles22 KB

7 comments

  1. Madu

    Thank you sooo much ❤️❤️❤️

    Reply
  2. Kawshi

    මේ එපියටත් සබ් දානකම් බලන් හිටියෙ❤️❤️
    තැන්ක් යූ ❤️

    Reply
  3. K-cat

    ගොඩක් ස්තූතියි
    අද ඊලග එපියට සබ් දෙනව නේද ❤️

    Reply
  4. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

    Reply
  5. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    Reply
  7. Krishani

    Thank you ️

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.