සුබ දවසක් වේවා බයිස්කෝප්වාසී සියලු දෙනාටම. මේ අරගෙන එන්නේ ඊයේ හෙවත් දෙසැම්බර් 20 වෙනිදා Disney Plus හරහා නිකුත් වුණු Percy Jackson and the Olympians කතා මාලාවේ සිංහල උපසිරසි. ඊයේ දිනයේදී මුල් එපිසෝඩ් දෙකම නිකුත් වුණත් පෞද්ගලික වැඩවලට හිර වෙච්ච නිසා උපසිරසි ගේන එක ටිකක් පරක්කු වුණා. Percy Jackson රස…

සුබ දවසක් වේවා බයිස්කෝප්වාසී සියලු දෙනාටම. මේ අරගෙන එන්නේ ඊයේ හෙවත් දෙසැම්බර් 20 වෙනිදා Disney Plus හරහා නිකුත් වුණු Percy Jackson and the Olympians කතා මාලාවේ සිංහල උපසිරසි. ඊයේ දිනයේදී මුල් එපිසෝඩ් දෙකම නිකුත් වුණත් පෞද්ගලික වැඩවලට හිර වෙච්ච නිසා උපසිරසි ගේන එක ටිකක් පරක්කු වුණා.
Percy Jackson රසිකයෙක් විදියට මම මේ සීරිස් එක එනකන් බලාගෙන ඉන්නේ 2020 අවුරුද්දේ ඉඳන්. මුල්ම ටීසර් එක ආව දවසෙම තමයි සබ් දාන්න බාරගත්තෙත්. Rick Riorden හෙවත් කතා මාලාවේ රචකයා (එයා Percy Jackson රසිකයින් අතර ප්‍රසිද්ධ “Uncle Rick” හෙවත් “රික් මාමා” නමිනුයි) මේ සීරිස් එකේ හැම අදියරයකටම සම්බන්ධ වෙලා වැඩකරපු නිසා series එක හොඳ වෙයි කියලා ලෝකෙ වටේම ඉන්න රසිකයින් විශ්වාසය තියල තියෙනවා. ඒ ගැන අදහසක් කියන්න නම් තාම කල් මදියි.
එහෙනම් සීරීස් එකේ මූලික විස්තර ටික කතාකරමු. මුල්ම සතියේ එපිසෝඩ් දෙකක් ආවට ඊළඟ එපියේ ඉඳන් සතියකට එක ගානේ එන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. පළවෙනි සීසන් එක එපිසෝඩ් 8කින් සමන්විතයි. පළවෙනි සීසන් එකේ නම තමයි පළවෙනි පොතේ නම: “The Lightning Thief”. මේ විදියට කතා මාලාවේ පොත් 5, සීසන් එකකට එක බැගින් සීසන් 5ක් වශයෙන් adapt කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
සීරීස් එක දැනට IMDb දර්ශකයේ 8.4ක් ලබාගෙන තියෙනවා. Walker Scobell (Percy Jackson), Leah Jeffries (Annabeth Chase), Aryan Simhadri (Grover Underwood), Charlie Bushnell (Luke Castellan), Glynn Turman (Chiron) ආදී නළු නිළියන් මෙයට රංගනයෙන් දායක වෙනවා. අතිබහුතරයක් සුදු ජාතික ළමයෙක් විදියට හිතාගෙන හිටපු ඇනබෙත් චේස්ට කළු ජාතික ළමයෙක්ව cast කරපු එකට මතභේද පවා පහුගිය ටිකේ ඇති වුණා. පෞද්ගලිකව මගේ මතය නම් හමේ පාට මොකක් වුණත් වැදගත්ම දේ තමයි එයාගේ රංගන හැකියාව කියන එක. ඒත් අපි casting controversy එක පැත්තකට දාමුකෝ.
පර්සි ජැක්සන් අනිත් කතාමාලාවලට වඩා වෙනස්. ඒක නිසාම තමයි ඒක එච්චර විනෝදජනක වෙන්නෙත්. අවුරුදු 12 ක ළමයෙකුගේ දෘෂ්ටිකෝණයෙන් ලියවිලා තියෙන පොත් සීරිස් එක ඕන තරමක් කියවලා විනෝද වෙන්න හැකි නවකතා පෙළක්. ඉංග්‍රීසි පොත්වල තියෙන විනෝදකාමී බවට කිසිම හානියක් නොකර සවින්දි ආරියතිලක මහත්මිය විසින් අතිදක්ෂ ලෙස පොත් ඔක්කොම ටික සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. ගිහින් කියවලා බලන්න, ඒක ගැන පසුතැවෙන එකක් නම් නැහැ.
මම පොත්පෙළ මුලින්ම කියවන්න ගත්තේ 2019 අවුරුද්දෙදියි. එක්තරා පොතක් ගන්න හිතාගෙන පොත් සාප්පුවට ගියත් ඒ පොත තිබුණේ නැති නිසා ගන්න පොතක් හොයන වෙලාවෙදී තමයි මට මේ මීට කලින් කිසිම දවසක අහලා නැති පොතක් හම්බවුණේ. ඒකේ නම තමයි “පර්සි ජැක්සන් සහ අකුණු හොරා”. පොත කොහොමද බලන්න මුල් පිටුව කියවලා බැලුවා. ඒකේ තිබුණේ මෙහෙම:
“මෙහෙමයි, මට උපදෙවියෙක් වෙන්න කොහෙත්ම වුවමනා වුණේ නෑ.
ඔයා මේක කියවන්නේ ඔයත් එහෙම කෙනෙක් කියලා හිතන නිසා නම්, මගේ උපදේශය තමයි: දැන්මම මේ පොත පැත්තකින් තියන්න. ඔයාගේ අම්මා හරි තාත්තා හරි ඔයාගේ උපත ගැන කියන ඕනෑම බොරුවක් විශ්වාස කරගෙන සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න උත්සහ කරන්න.
උපදෙවියෙක් වීම හරිම අන්තරාදායක, භය උපදවන දෙයක්. හුඟක් වෙලාවට ඒක ඔයාව වේදනාකාරී සහ නිර්දය විදියට මරණයට පත් කරවාවි.
ඔයා සාමාන්‍ය ළමයෙක් නම්, මේ පොත ප්‍රබන්ධයක් කියලා හිතලා කියවනවා නම්, හොඳයි, දිගටම කියවන්න. මේ දේවල් කවදාවත් සිද්ධ නොවූවා කියලා විශ්වාස කරන්න ඔයාලට පුළුවන් වීම ගැන මට ඉරිසියයි.
ඒත් ඔයා මේ පිටු අතර ඔයාවම දකිනවා නම්, එහෙමත් නැත්නම් ඔයා තුළ යමක් කැලතෙනවා වගේ හැඟීමක් දැනෙනවා නම් : වහාම, මේ දැන්ම කියවන එක නතර කරන්න. සමහර විට ඔයාත් අපෙන් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා ඒක තේරුම් ගත්තා කියන්නේ, එයාලටත් ඒක දැනෙන්න වැඩි කාලයක් යන්නේ නෑ කියන එකයි. එදාට එයාලා ඔයාව හොයාගෙන ඒවි.
ඔන්න එදාට කියන්න එපා මං කලින් කිව්වේ නෑ කියලා.”
– පර්සි ජැක්සන් සහ අකුණු හොරා
සිංහල පරිවර්තනය: සවින්දි ආරියතිලක
එතනදී මට තේරුම් ගියා මේ පොත නම් අනිවාරෙන්ම කියවලා බලන්න වටින පොතක් කියලා. වහාම පොත වහලා ගිහින් පොත මිලට ගත්තා. එදා ඉඳන් ඉදිරි සති කීපය තුළ පොත් සීරිස් එකේ පොත් පහම හොයාගෙන කියවලා ඉවර කළා. ඒ පොත් පහ පිළිවෙළින් ගත්තොත්,
1. Percy Jackson and the Lightning Thief – පර්සි ජැක්සන් සහ අකුණු හොරා
2. Percy Jackson and the Sea of Monsters – පර්සි ජැක්සන් සහ රාක්ෂ සයුර
3. Percy Jackson and the Titan’s Curse – පර්සි ජැක්සන් සහ ටයිටන්ගේ ශාපය
4. Percy Jackson and the Battle of the Labyrinth – පර්සි ජැක්සන් සහ වංගගිරියේ සටන
5. Percy Jackson and the Last Olympian – පර්සි ජැක්සන් සහ අවසන් ඔලිම්පියානුවා
මුළු සීරිස් එකම කියවලා ඉවර කරාට පස්සේ මට හිතුණා මේකෙන් ෆිල්ම් ඇවිල්ලා තියෙනවද කියල බලන්න ඕන කියලා. එතකොට මට හම්බවුණා මේකෙන් ගහපු ෆිල්ම් දෙක: 2010 දී ගහපු “Percy Jackson and the Olympians: The Lightning Thief” සහ 2013 දී ගහපු “Percy Jackson: Sea of Monsters”. පොත් වගේම හොඳට ඇති කියලා හිතාගෙන ෆිල්ම් දෙක බැලුවා.
මට හිතාගන්න බැරි වුණා ඒ බැලුවේ මං කියවපු කතාවමද කියලා. කතාව කොච්චර වෙනස් කරලද කිව්වොත් අවුරුදු 12 කොල්ලා අවුරුදු 17ක විතර තරුණයෙක් බවට පත් කරලා. ෆිල්ම් එක හදපු කට්ටිය එක පොතක්වත් අතින් අල්ලලවත් නෑ කියලා ඒකෙන් ඔප්පු වෙනවා. මොකද පර්සි ජැක්සන් කියවලා තියෙනව නම් ඔයාලත් දන්නවා ඇති, කතා මාලාවේ මූලිකම අඩිතාලම තමයි පර්සිට අවුරුදු 16ක් වෙනකොට යථාර්තයක් වෙන්න තියෙන දෙවියන්ගේ අනාවැකිය. Rick Riordan නම් ප්‍රසිද්ධියේම ෆිල්ම්ස් දෙක නින්දාවට පත් කරලා තියෙනවා. මොකද ෆිල්ම් හදනකොට එයාගේ කිසිම අදහසකට එයාලා ඇහුම්කන් දීලා නැති නිසා.
ඉතින් ඒ ෆිල්ම්ස් දෙකට වඩා faithful adaptation එකක් විදියට තමයි, රික් රියෝඩෑන්වත් හැම පියවරකදිම සම්බන්ධ කරගනිමින්, එයාගේ අනුමැතිය අනුව මේ සීරිස් එක හදලා තියෙන්නේ. ඕනම adaptation එකක් කරනකොට පොත සුළු වශයෙන් හෝ වෙනස් කරන්න වෙනවා. ඉතින් මේකෙත් සුළු වෙනස්වීම් කීපයක් බලාගන්න පුළුවන්. ඒත් ඒවා කොහොමවත් ෆිල්ම් වල කරපු තරම් ව්‍යසනකාරී ඒවා නෙමෙයි.
කොහොමහරි, වටේ විස්තර කියන්න ගිහින් කතාව ගැන කියන්නත් අමතක වුණා. කතාව මෙහෙමයි, පර්සි ජැක්සන් කියන්නේ වචන අන්ධතාවය සහ දෙයකට අවධානය දක්වන්න බැරි ආබාධය (ADHD) සහිත ළමයෙක්. (පස්සේ වෙලාවක රික් මාමා කියනවා එයා එහෙම කළේ එයාගේ පුතාටත් ඒ ආබාධය තිබුණ හින්දලු. පර්සි ජැක්සන් කියන්නේ එයාගේ පුතා නිදාගන්න වෙලාවට කියන්න රික් රියෝඩන් විසින් ලියපු කතාවක්).
පර්සිට අවුරුදු 12 වෙනකොට එයාගේ පස්සෙන් රාක්ෂයින් පන්නගෙන එන්න ගන්නවා. එතකොට තමයි එළිවෙන්නේ එයා උපදෙවියෙක් හෙවත් අර්ධ ලෝහිතයෙක් කියලා. ඒ කියන්නේ බාගයක් මිනිස්, බාගයක් දෙවි කෙනෙක්. මේ අතරේ සියුස්ගේ අකුණ අතුරුදහන් වෙනවා. මේකට වරද පැටවෙන්නේ පර්සිටයි. ඉතින් අවුරුදු 12 මේ පොඩි කොල්ලට පැවරෙනවා විශාල රාජකාරියක්. තමන්ගේ දිව්‍යමය මව / පියාගේ ගෞරවය ආරක්ෂා කරන්න, තමන්ගේ පණ බේරගන්න සහ දෙවියන් අතර ඇතිවෙන යුද්ධයක් වළක්වන්න සියුස්ගේ අකුණ හොයාගෙන එන්න කියලා. ඔන්න ඔය කතාව අපට මේකෙදී බලාගන්න පුළුවන්.
වර්තමාන ලෝකය, පෞරාණික මිථ්‍යාවලට අතිදක්ෂ විදියට මුහු කරගනිමින් ලියවුණ කතාමාලාවක් තමයි පර්සි ජැක්සන් කියන්නේ. මම නම් කියන්නේ සීරිස් එක බැලුවත්, ෆිල්ම් දෙක බැලුවත්, ඒ දෙකම බැලුවත්, දෙකම නොබැලුවත් ගිහින් පොත් ටික කියවන්න කියන එකයි. සිංහලෙන්ම තියෙන නිසා තවත් පහසුයි නේ. ඒකට ඇබ්බැහි වුණාට පස්සේ මේකෙම sequel කතා මාලාව වන “Heroes of Olympus” එකත් කියවලා බලන්නකෝ.
එහෙනම් දෙවෙනි එපියේ උපසිරසියත් ඉක්මනින්ම අරගෙන එන්නම්. දෙවෙනි එපියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් දැනට සමුගන්නවා. පීස් ✌️.
Percy Jackson, Percy Jackson and the Olympians, Percy Jackson and the Lightning Thief
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
17,387 downloadsDownload Percy-Jackson-and-the-Olympians-S01-E01-Sinhala-Subtitles.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #2023
- #Disney Plus
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Percy Jackson
- #Percy Jackson and the Olympians
- #Percy Jackson and the Olympians [S01 : E01] Sinhala Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steven Yeun
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #Walker Scobell
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
21 comments
Kantha_DLA
sisandu
reacher tv seise ekta sub denko
kavinda gamage
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවයට ඒ වගේම මේ කතාව අතර මග නවත්වන්නේ නැහැ නේද ?
Sanupa Ranmeth
නෑ සහෝ.
Kasun Widusha
බොහෝම ස්තූතියි උපසිරසියට
Sanuk
Thank you Very Much for the your time to Sinhala Sub for this Kind of Show.
Best Of Luckanonymous
Maru❤️
Release wela dawasayi, Subs dalath iwarai
Thank u wewa brother!Danushka
Thank U Brother, Well donw
Buddhika Lakmal
thanks brooooo for sub........
patta....viraj
thanks...................
oshanda
thanks malli...
Piyumi
Thanks ❤️
Udara Damith
එල මල්ලි
Anonymous
පොත් ටිකත් ඔක්කොම කියවලා තියෙන්නේ. ඉතින් මේකත් බලන්නම එපායැ. බොහොම ස්තූතියි.
Binod Inguruwatta
එනකං බලන් හිටියෙ ️finally
sachintha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
chinthaka chathuranga
thanks malli
Dewadithya
Thanks for Sub!
බිම්බිෂ
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Janindu Yukthila
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


ගොඩක්ම ස්තූතියි සනුප සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!