Watch Trailer

Hellsing Ultimate [S01 : E07 & E08] Sinhala Subtitles | රුධිරයේ මහා මංගල්‍යය [සිංහල උපසිරසි] 18+

Hellsing Ultimate Sinhala Subtitles Action, Horror, Vampire ගණයේ ලේ නෑවෙන සටන් ඇතුළත් විශිෂ්ට ඇනිමෙ කතා මාලාවක් වෙන Hellsing Ultimate හි 07 සහ 08 කොටස් වල උපසිරැසි එක්කයි මේ එකතු වෙන්නෙ. ඒ අනුව අපි ටිකෙන් ටික කතාවෙ අවසානයට ළං වෙමිනුයි ඉන්නෙ. මිලේනියම් සංවිධානය විසින් ලන්ඩන් නුවර සම්පූර්ණයෙන්ම වටලා…

Hellsing Ultimate Sinhala Subtitles

Action, Horror, Vampire ගණයේ ලේ නෑවෙන සටන් ඇතුළත් විශිෂ්ට ඇනිමෙ කතා මාලාවක් වෙන Hellsing Ultimate හි 07 සහ 08 කොටස් වල උපසිරැසි එක්කයි මේ එකතු වෙන්නෙ. ඒ අනුව අපි ටිකෙන් ටික කතාවෙ අවසානයට ළං වෙමිනුයි ඉන්නෙ.

මිලේනියම් සංවිධානය විසින් ලන්ඩන් නුවර සම්පූර්ණයෙන්ම වටලා මහා ලේ වැගිරීමක් ආරම්භ කරන විදිහ දකින්න ලැබුනා. මේජර් කියල හඳුන්වන කෙනෙක්ගෙ නායකත්වය යටතේ වැම්පයර් හමුදාවකින් යුතු නාසි හමුදාව තමයි මේ ආක්‍රමණය කළේ. මෙයට සමගාමීව වතිකානුවේ IX වන කුරුස යුද්ධ හමුදාවද මැදිහත් වීමෙන් ලන්ඩනය තුන්කොන් සටන් බිමක් බවට පත් වෙනවා. පැත්තකින් හෙල්සින්ග් එක, අනිත් පැත්තෙන් ඉස්කැරියට් සංවිධානය සහ තවත් පැත්තකින් මේ කියන කුරුස යුද්ධ හමුදාව මේ බිමට එකතු වෙනවා. ඒ වගේම හෙල්සින්ග් එක වෙනුවෙන් සහයට කුලී හේවා කල්ලියකුත් ඉන්නවා. ලන්ඩනය එකම ලේ බිමක් බවට හැරෙන්නයි මේ යන්නෙ. මේජර් මේ ආක්‍රමණය කරන්න හේතුව මොකක්ද? අනිත් හැමෝම මීට ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද? අති දැවැන්ත යුධ බිමකට තමයි අවතීර්ණ වෙන්න යන්නෙ. මේ කොටස් දෙක බලන්නකො මොකද වෙන්නෙ කියලා.

මුලින් කිව්වත් වගේම ලේ නෑවෙන සටන් පිරුනු කතාවක් නිසා කතාව කොහෙත්ම කම්මැලි නැති කතාවක් වෙනවාමයි. ඒ වගේම ප්‍රචණ්ඩත්වය එක්ක මනුෂ්‍යත්වය මුසු මානුෂීය කාරණා සමබරව දිවෙන කතාවක් විදිහට මේ Hellsing Ultimate හඳුන්වන්න පුලුවන්. මේ උපසිරැසිය නිර්මාණය කළේ  Hellsing Ultimate (Season 01) [1080p] කියන torrent පිටපතට අනුවයි. ඒ වගේම ඕනිම BD වීඩියෝ පිටපතකට මේ උපසිරැසි ගැලපේවි. උපසිරැසි එක්ක කතාව japanese audio එකෙන් නරඹන්න අමතක කරන්න එපා. කතාව ගැන වගේම උපසිරැසි ගැන ඔයාගෙ අදහස පහළින් comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මීළඟට අවසාන කොටස් වලින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Hellsing Ultimate Sinhala Subtitles

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

109 downloadsDownload Hellsing-Ultimate-E07-E08-Sinhala-Subtitles.zip32 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1Next BT1

 

Subtitles by

ලංකන් Weebs

Subtitles

109 downloadsDownload Subtitles32 KB

0 comments

No comments yet.