Watch Trailer

Hellsing Ultimate [S01 : E09 & E10] Sinhala Subtitles | සැබෑම යක්ෂයා කවුද? [සිංහල උපසිරසි] 18+

Hellsing Ultimate Sinhala Subtitles Action, Horror, Vampire ගණයේ ලේ නෑවෙන සටන් ඇතුළත් විශිෂ්ට ඇනිමෙ කතා මාලාවක් වෙන Hellsing Ultimate හි 09 සහ 10 කොටස් වල උපසිරැසි එක්කයි මේ එකතු වෙන්නෙ. ඒ අනුව අපි කතාවෙ අවසානයට ඇවිල්ලයි ඉන්නෙ. සෙරස් වික්ටෝරියා තමන් සතු සැබෑ වැම්පයර් බලය මුදාහරිමින් කරන සටන සහ අලුක…

Hellsing Ultimate Sinhala Subtitles Action, Horror, Vampire ගණයේ ලේ නෑවෙන සටන් ඇතුළත් විශිෂ්ට ඇනිමෙ කතා මාලාවක් වෙන Hellsing Ultimate හි 09 සහ 10 කොටස් වල උපසිරැසි එක්කයි මේ එකතු වෙන්නෙ. ඒ අනුව අපි කතාවෙ අවසානයට ඇවිල්ලයි ඉන්නෙ.

සෙරස් වික්ටෝරියා තමන් සතු සැබෑ වැම්පයර් බලය මුදාහරිමින් කරන සටන සහ අලුකාඩ් තමන් සතු උපරිම බල මට්ටමට (Level 0) මුදාහැරල මියගිය මිලියන ගණනකගේ ආත්මයන් ලන්ඩන් නුවරට කැඳවීම සිද්ධ වුනා. ඇලෙක්සැන්ඩර් ඇන්ඩර්සන් සහ අලුකාඩ් අතර අවසන් මහා සටන සිද්ධ වෙන්නයි යන්නෙ. ඒ වගේම මේ මුළු යුද්ධයේම අවසානය මේ කොටස් දෙකෙන් අපිට බලාගන්න පුලුවන්. අපි දන්න අයගෙ නොදන්න සැබෑ ස්වරූප අපිට මේ අවසානය එක්ක දකින්න ලැබේවි. මේ යුද්ධයේ ජය කාටද? වැඩි දෙයක් කියන්නෙ නෑ, මේක නරඹලම හොයාගන්න ඕනි අවසානයක්.

එක එක විදිහෙ සතුරන්, මිතුරු වෙසින් ඉන්න සතුරන්, කතෝලික පල්ලි වගේම නාසි හමුදාවත් මේකට පැටලුනා. කෙලවරක් නැති ලේ වැගිරීම්, කුරුස යුද්ධ, පාවාදීම්, ද්‍රෝහිවීම් වගේ අඳුරු තේමා ඔස්සේ කතාවෙ අවසානය තෙක් දිවෙනවා. මේ අවසාන කොටස් දෙක බලන්නකො මොකද වෙන්නෙ කියලා.

මුලින් කිව්වත් වගේම ලේ නෑවෙන සටන් පිරුනු කතාවක් නිසා කතාව කොහෙත්ම කම්මැලි නැති කතාවක් වෙනවාමයි. ඒ වගේම ප්‍රචණ්ඩත්වය එක්ක මනුෂ්‍යත්වය මුසු මානුෂීය කාරණා සමබරව දිවෙන කතාවක් විදිහට මේ Hellsing Ultimate හඳුන්වන්න පුලුවන්. මේ උපසිරැසිය නිර්මාණය කළේ  Hellsing Ultimate (Season 01) [1080p] කියන torrent පිටපතට අනුවයි. ඒ වගේම ඕනිම BD වීඩියෝ පිටපතකට මේ උපසිරැසි ගැලපේවි. උපසිරැසි එක්ක කතාව japanese audio එකෙන් නරඹන්න අමතක කරන්න එපා. කතාව ගැන වගේම උපසිරැසි ගැන ඔයාගෙ අදහස පහළින් comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මීළඟට තවත් කතාවකින් හමුවෙමු.


ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Hellsing Ultimate Sinhala Subtitles

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

105 downloadsDownload Hellsing-Ultimate-E09-E10-Sinhala-Subtitles.zip39 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

 

Subtitles by

ලංකන් Weebs

Subtitles

105 downloadsDownload Subtitles39 KB

0 comments

No comments yet.