Reacher season 01 Sinhala Subtitles ආයුබෝවන් කියල ඔන්න අදත් ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් වාසී සියළුම දෙනාව. කොටස් හතක් පුරාවට එකතු වුන විදිහට ඔන්න අටවෙනි කතාංගයත් සමඟම අවසානය වෙත ළංවෙලා තියෙනවා අද. පළවෙනි කොටසෙ ලිපියෙදි සඳහන් කළා වගේම මේ රීචර් සීරිස් එක මට උපසිරැසි ගන්වන්න ලැබෙන්නෙ දෙවනි සී…

Reacher season 01 Sinhala Subtitles
ආයුබෝවන් කියල ඔන්න අදත් ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් වාසී සියළුම දෙනාව. කොටස් හතක් පුරාවට එකතු වුන විදිහට ඔන්න අටවෙනි කතාංගයත් සමඟම අවසානය වෙත ළංවෙලා තියෙනවා අද. පළවෙනි කොටසෙ ලිපියෙදි සඳහන් කළා වගේම මේ රීචර් සීරිස් එක මට උපසිරැසි ගන්වන්න ලැබෙන්නෙ දෙවනි සීරිස් එක ආරම්භයෙදී. තිබෙන කාර්යබහුල තාවය හමුවෙ කොහොමෙන් කොහොමහරි උපසිරැසි ගන්වන වැඩෙ පස්සට ගියපු එකයි වුනේ. ඉතින් ඉඩ සසරක් ලැබුන හැටියෙ ඉතාමත් ඉක්මනට වැඩේට බහින්න තීරණය කරලා තමයි පලවෙනි සීසන් එක ඔයාලට මේ විදිහට අරගෙන එන්නෙ. ඉතින් රීචර් තුන්වෙනි සීසන් එකත් නිකුත් වී අවසන් මේ වෙද්දි. ඉතින් ලිපිය මුලදිම කියන්න හිතුනා, නුදුරු දිනකදි අනිවාරෙන්ම රීචර් දෙවනි සීසන් එකත් ඔයාල වෙත අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම්, මේ සුපිරි සීරිස් එකේ සුපිරි අවසානය බලන්න ඔයාලට ආරාධනා කරනවා.
පෙර කොටසින්,
” හබල් සහ චාලිගෙ කිසිඳු තොරතුරක් නැතිවීම ගැන ස්ටීවන්සන් සහ ඔහුගෙ බිරිඳ කතා වෙමින් සිටිද්දී, චීෆ් මොරිසන්ව ඝාතනය කළ පිරිස මොවුන්ගෙ නිවසටද ඇතුළු වී ස්ටීවන්සන්ව සහ ඔහුගෙ බිරිඳව කුරිරු අන්දමින් වධ හිංසා කර ඝාතනය කරනවා. මාග්‍රේව් වල ඉතුරු වන අවසන් පොලිස් නිලධාරියා වන බේකර් හට කෑමකට ආරාධනා කරන රීචර්, තමන් ජෝගෙ ඝාතනය සොයා ගැනීමට ෆින්ලේව පාවිච්චි කරන බවත්, ඉතුරු අවසන් නිලධාරියා විදිහට ඔබ නිර්දෝෂී බවත්, අද දින රාත්‍රියෙ කෙසේ හෝ හබල්ගෙ නිවසට ඇතුළු වී හබල් සහ ෆින්ලේ අතර ඇති සම්බන්ධ සොයා ගන්නවා බවත් කපටිකමින් යුතුව බේකර් හට ඒත්තු ගන්වනවා. ඉන්පසු රීචර් තමන්ගෙ සැලසුම පරිදි එදින රාත්‍රියෙ සූදානමින් සිටිනවා. චීෆ් මොරිසන්ව සහ ස්වීන්වන්සන් සහ ඔහුගෙ බිරිඳව ඝාතනය කළ පිරිස වන ඩෝසන් ක්ලයිනර් සහ ඔහුගෙ සගයන් තිදෙනෙක් හබල්ගෙ නිවසට පැමිණෙන්නෙ රීචර්ව ඝාතනය කිරීමටයි. පෙර සූදානමින් සිටි රීචර් සූක්ෂම ලෙස ඔවුන් එකිනෙකාව අවසන් කරන දමන අතර අවසානයෙ සටනකින් යුතුවද ඩෝසන් ක්ලයිනර්ව ද ඉවරයක් කිරීමට හැකි වෙනවා.

පසුව සිදුවන සියල්ල වටහා ගන්නා රීචර් රොස්කො හට දුරකථන ඇමතුවකින් ඇයට තේරුම් කර දෙනවා. ඊළඟට, පුතාගෙ සහ ලේලියගෙ අභාවය පිළිබඳව දැනුන් දීමට ස්ටීවන්සන්ගෙ දෙමාපියන්ගෙ නිවස වෙත ගිය ෆින්ලේ හට රීචර් ඇමතුමක් ලබා දී පීට් ජොබ්ලින්ගෙ නිවසෙදි තමන්ව මුණ ගැහෙන ලෙසද පවසනවා. ඒත් සමඟම තමන්ව සොයාගෙන තිදෙනෙක් පැමිණෙන බව ජනේලයෙන් දකින ෆින්ලේ රීචර් පවසනවා. ඇමතුම ඔස්සෙ රීචර් විසින් ලබාදෙන විදාන ඔස්සෙ ෆින්ලේට යන්තමින් එතනින් පැනගැනීමට හැකිවනවා. ජෝගෙ පන්ච් ලිස්ට් එක පරිදි යමක් සොයාගැනීමට හැකිදැයි බැලීමට උදෑසන වනවිට රීචර් සහ ෆින්ලේ පීට් ජොබ්ලින්ගෙ නිවස වෙත යනවිට එය මුළු මනින්ම ගිනිබත් වී තිබෙනවා. ඒ වන විටත් ජොබ්ලින්ගෙ බිරිඳ දවස් කීපයකට කලින් නිවසින් පිටව ගිය බවත් දැනගන්න ලැබෙනවා. ඒ ඔස්සෙ මොවුන්ට යමක් සොයාගැනීමට තිබූ අවස්ථාව ද අහිමි වූ බව තේරුම් යද්දි රීචර් හට ඔවුන් සෝදිසි කළ යුත්තෙ පීට් ජොබ්ලින්ගෙ නිවසෙදි නොව පීට් ජොබ්ලින්ගෙ දෙමාපියන්ගෙ නිවසෙහි බව ද වැටහෙනවා. වහාම ක්‍රියාත්මක පරිදි ඔවුන් මීළඟට පීට් ජොබ්ලින්ගෙ දෙමාපියන්ගෙ නිවසෙහි සෝදිසි කරද්දි බලාපොරොත්තු වූ අන්දමින් ඔවුන්ට සොයාගැනීමට හැකිවනවා. පිකාඩ් හට දන්වා හාම්හවුස් එකට එන ලෙසත් සොයාගන්නා ලද ව්‍යාජ නෝට්ටු තමන් වාහනයට පටවා ගෙන එතැනට පැමිණෙන්නම් බවත් රීචර් ෆින්ලේ හට පවසනවා. සල්ලි ටිකත් පටවාගෙන එන අතරමඟදි නීලි විසින් රීචර්ට ඇමතුමක් ගන්නවා. “
අද එතැන් සිට…
කලින් කොටස ඒ විදිහට අවසන් වෙද්දි, වැඩි ආටෝප නැති ඉතාමත් සරලව සුපිරි අවසානයක් මේ කොටසෙදි බලාගන්න පුළුවන් කියලයි මගෙ පෞද්ගලික මතය. කතාංගයන් අටක් ඔස්සෙ මා සමඟින් එකතු වූ ඔබ සැමට ස්තූතියි! තවත් උපසිරැසියකින් මුණ ගැහෙන තුරු අදට ගිහින් එන්නම්.
S01.E08 – Pie
Rating – 8.3h/10
Release Date – Friday 4, Feb, 2022
– SEASON FINALE –
හැමෝටම සුභ දවසක්, ජයවේවා!!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
905 downloadsDownload Reacher-S01E08.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Reacher s01 Sinhala Subtitles
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Reacher S01 Sinhala Sub
- #Reacher S01 Sinhala Subtitles
- #Reacher season 01 Sinhala Sub
- #Reacher season 01 Sinhala Subtitles
- #Reacher Sinhala Sub
- #Reacher Sinhala Subtitles
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steven Yeun
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Sandaru Nimsara
Sahan Gayantha
thanks a lot brother sub ekata
Advertisement
![Reacher [S01 : E08] Sinhala Subtitles | වැරදුන මුල හරිගැස්වීම [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/05/Reacher-Main-cover-2.png)



Thanks