Hospital Playlist [S02 : E12] Sinhala Subtitles මිත්‍රත්වය යනු පැහැදිලි කිරීමට ලොව ඇති දුෂ්කරම දෙයයි. ඒක ඉස්කෝලේ ඉගෙන ගන්න දෙයක් නෙවෙයි. නමුත් ඔබ මිත්‍රත්වයේ අරුත ඉගෙන ගෙන නැත්නම්, ඔබ ඇත්තටම කිසිවක් ඉගෙන ගෙන නැත. – මොහොමඩ් අලි 2020 මාර්තු මාසයේ TVN මාධ්‍යජාලයේ විකාශය වුන HOSPITAL PLAYLIST වෛද්‍ය ගන…

මිත්‍රත්වය යනු පැහැදිලි කිරීමට ලොව ඇති දුෂ්කරම දෙයයි. ඒක ඉස්කෝලේ ඉගෙන ගන්න දෙයක් නෙවෙයි. නමුත් ඔබ මිත්‍රත්වයේ අරුත ඉගෙන ගෙන නැත්නම්, ඔබ ඇත්තටම කිසිවක් ඉගෙන ගෙන නැත.
– මොහොමඩ් අලි
2020 මාර්තු මාසයේ TVN මාධ්‍යජාලයේ විකාශය වුන HOSPITAL PLAYLIST වෛද්‍ය ගනයේ නාට්‍යමාලාව බැලුවට පස්සේ හැමෝම මග බලාගෙන හිටියෙ ඒ කතාවෙ දෙවෙනි කතා මාලාව බලන්න. ඔන්න එහෙනම් දැන් ඒක බලන්න පටන් ගන්නයි යන්නේ. කතාව ගැන නම් කියන්න තරම් විස්තරයක් නැහැ. පසුගිය කතා මාලාව අවසන් වුන තැනින්ම පටන් ගන්න දෙවෙනි කතා මාලාව අවුරුදු දෙකක කාල පරාසයක් දක්වා දිවෙනවා.
පළවෙනි කතා මාලාවේ ඔවුන්ගේ වෛද්‍ය විද්‍යාල ජීවිතය මෙන්ම රෝහලේ සේවා ආරම්භය ගැන කියවුන අතර දෙවෙනි කතා මාලාවෙන් කියවෙන්නෙ ඔවුන්ගේ ආදර ජීවිතය සහ එකිනෙකාගෙ පෞද්ගලික ජීවිත පැතිකඩ ගැනයි.
කොරියාවේ වෛද්‍ය නාට්‍යමාලා කොයි තරම් විකාශය වුනත් HOSPITAL PLAYLIST තරම් ඒ එක කතාමාලාවක් වත් ජනප්‍රිය නොවුන බව තමයි අදහස වෙන්නේ. 2020දී ප්‍රදර්ශණය වුන පළවෙනි කතාමාලාව දේශීයව මෙන්ම ජාත්‍යන්තරව අතිශය ජනප්‍රියත්වයට පත් වුන නිසාම ඔවුන් දෙවෙනි කතාමාලාවක් නිෂ්පාදනය කර තිබෙනවා.
මෙහි ජනප්‍රියත්වය කොතරම්ද කියනව නම් 2021 ජුනි 17 විකාශය වුන දෙවෙනි කතා මාලාවේ පලවෙනි කථාංගය නීල්සන් කොරියා වාර්තාවට අනුව, පළමු කථාංගය 10.007% නරඹන්නන් ප්‍රමාණයක් වාර්තා කළ රූපවාහිනී ජාල ඉතිහාසයේ ඉහළම මංගල ශ්‍රේණිගත කිරීම් සඳහා වූ වාර්තාව පිහිටුවා තිබෙනවා.
නම : Hospital Playlist 2 /슬기로운의사생활 2
ප්‍රභේදය : වෛද්‍ය, ආදර, හාස්‍යය
කතාංග : 12
විකාශන දිනය : ජුනි 17 – සැප් 16
විකාශන වසර : 2021
විකාශන කාලය : බ්‍රහස්පතින්දා 21:00
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
576 downloadsDownload Hospital-Playlist-S02-E12.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
3 comments
රොයිලි
Krishani
Thank you so much️️ mechchara lassana drama 1kata sub dunnata ️️
Dimuthu
Season දෙකකට සබ් කරනවා කියන්නෙ ලේසි වැඩක් නෙමෙයි. ඒ මහන්සියට හද පිරි ප්‍රණාමය. සබ් 24ම බාගත්තා. වෙලාව තියෙනව වෙලාවක බලන්න තමයි දැන් තියෙන්නෙ. බොහොම ස්තූතියි කණිෂ්කා සහෝදරී.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Hospital Playlist [S02 : E12] Sinhala Subtitles | සතුටුදායක අවසානයක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/12/Hospital-Playlist-S02-Feature.jpg)



බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P