බයිස්කෝප් වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක්! මේ පාර Fall සීසන් එකේ මේ වෙනකොට ලොකුම hype එකක් නිර්මාණය වෙලා තියෙන ඇනිමේ සීරීස් එකට ඔන්න සබ් ගේනවා. ඒ තමා ‘චේන් සෝ මෑන්.’ පළවෙනි කොටස ගිය අඟහරුවාදා රාත්‍රී හා බදාදා පාන්දර කාලය අතර තුර රිලීස් උනා. මේ වෙනකොට ‘චේන් සෝ මෑන්’ එපිසෝඩ් 12 කින් සමන්විතයි කියලා තහ…

බයිස්කෝප් වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක්! මේ පාර Fall සීසන් එකේ මේ වෙනකොට ලොකුම hype එකක් නිර්මාණය වෙලා තියෙන ඇනිමේ සීරීස් එකට ඔන්න සබ් ගේනවා. ඒ තමා ‘චේන් සෝ මෑන්.’ පළවෙනි කොටස ගිය අඟහරුවාදා රාත්‍රී හා බදාදා පාන්දර කාලය අතර තුර රිලීස් උනා. මේ වෙනකොට ‘චේන් සෝ මෑන්’ එපිසෝඩ් 12 කින් සමන්විතයි කියලා තහවුරු වෙලා තියෙනවා. ඉතින් බොහොමයක් ඇනිමේ වගේ මේකත් මන්ගා එකක් මූලාශ්‍ර කරගෙන නිර්මාණය වුණ එකක්. Tatsuki Fujimoto සෙන්සෙයිගේ ‘චේන් සෝ මෑන්’ මන්ගා එක තමා මේකට මූලාශ්‍ර වෙන්නේ.මේ වෙනකොට මන්ගා එක Volume 11 යටතේ Chapters 97 කට පමණ රිලීස් වෙලා තියෙනවා.

Chainsaw Man Volume 01
CSM Manga Panels
CSM Manga Panels
ඉතින් මේක නිර්මාණය කරන්නේ ඩොරොරෝ, ජුජුට්සු කයිසෙන්, ඇටෑක් ඔන් ටයිටන් සීසන් 4 වගේ ඇනිමේ නිර්මාණය කරපු, මේ වෙනකොට ඇනිමේ ක්ෂෙත්‍රය තුළ කැපී පෙනෙන වැඩ කොටසක් කරන Mappa Studio එක. Mappa ලා මේකෙදීත් ඇස් කඩාගෙන යන ඇනිමේෂන් ටිකක් දීලා තියෙනවා ඔන්න. මේකේ තවත් විශේෂත්වයක් වෙන්නේ Ending Theme Songs ටික. එපිසෝඩ් 12 ට වෙනස් ගීත 12 ක් හා ගායනයට පාර්ශවයන් 12 එකතු වෙලා කියලා සඳහන් වෙනවා. ඒක සකස් වෙලා තියෙන්නේ මෙහෙම.
Hawatari Niku Cent
ගායනය Maximum The Harmone
All Kinds of Kisses
ගායනය Ano
Fight Song
ගායනය Eve
Deep Down
ගායනය Aimer
Rendezvous
ගායනය Kanaria
In the Back Room
ගායනය Syudou
Violence
ගායනය Queen Bee
Time Left
ගායනය Zutomayo
First Death
ගායනය TK from ‘Ling Tosite Sigure’
Tablet
ගායනය Tooboe
Chainsaw Blood
ගායනය Vaundy
Dogland
ගායනය People 1

ඒ වගේම මේකේ ප්‍රධාන චරිත වලට හඬකවන Voice Actors ලා ගැනත් තෘප්තිමත් වගේම අතෘප්තිමත් අදහස් පවා තියෙනවා. දැනට මේ දෙන්නා ගැන දැන ගැනීම ප්‍රමාණවත්.
Toya Kikunosuke as Denji
Tomori Kusunoki as Makima
හරි එහෙනම් කතාව පැත්තට හැරෙමු. ඩෙන්ජි කියන්නේ ලෙල්ලටම වැටුණු කොල්ලෙක්. එදා වේල කා ගන්නවත් මිනිහට අතේ සතේ නෑ. සල්ලි හොයන්න මිනිහා ඇස්, වකුගඩු කොටින්ම කිව්වොත් අහවල් එකේ කෑල්ලක් පවා විකුණලා. ඒ මදිවට ණය බරිනුත් මිරිකිලා ඉන්නේ. පොර පොඩ්ඩක් හරි අල්ලන් ඉන්නේ ඩෙවිල් හන්ටර් කෙනෙක් විදිහට වැඩ කරලා. ඒ කියන්නේ යක්ෂයෝ දඩයම් කරලා ඒකට මුදලක් අරගෙන. ඒකත් ණය වලට කැපුණට පස්සේ සොච්චමයි ඉතිරි වෙන්නේ. තමන්ගේ මේ දුක්ඛිත ජීවිතයෙන් ගොඩ ඇවිල්ලා කරන දේවල් ගැන මිනිහා හීන දැක දැක ඉන්නකොට, ඔන්න ඕඩරයක් එනවා ඩෙවිල් හන්ටින් වලට. මෙතන තමා මිනිහගේ ජීවිතේ වෙනස් වෙන තැන වෙන්නේ. දුක්ඛිත ජීවිතයක් ගත කරපු පොරට නොසිතූ අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා. ඒ එක්කම විශාල බලයක් ලැබෙනවා. ඉතින් ඩෙන්ජිට මුහුණ දෙන්න වෙන කරදරය මොකක්ද? මිනිහට මොකක්ද වෙන්නේ? අද කොටස බලලා ඒ ගැන දැන ගන්න
අද කතාවේ නම – Dog and Chainsaw
අධ්‍යක්ෂණය – Ryu Nakayama
Ending Theme Song – Chainsaw Blood
ගායනය – Vaundy
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB/Bluray පිටපත් සඳහා අදාළ වේ.
5,282 downloadsDownload Chainsaw-Man-S01-E01-Bluray-Updated.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
10 comments
Denura Weerasinghe
Das
supiri... Ube sub nam pattama
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
DARK DEVIL
thanks brdh
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
Thanks jayawewa....!
Anonymous
sub ekata thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සුපිරී අයියේ ❤️ එනකන් බලාගෙනම හිටපු සබ් එකක් ❤️